Featured

TNA චන්ද්‍රිකාට උතුරට එම තහනම් කරයි- යහපාලන් වට්ටි අම්මාට කෙලවෙන ලකුණු

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියව ලෙස සිටි කාලයේ ජයසිකුරු මෙහෙයුම මගින් සියල්ල සිදුකර, අනුරුද්ධ රත්වත්ත සමග එක්ව අපට බොහෝ හිංසාකර, චෙම්මනි ඝාතනය ඇතුළු බොහෝ වදහිංසාකර අපගේ ජනතාව දිළිඳු කල බ්වත් එවන් එකියක් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන සංවිධානයේ සභාපති ධූරය දැරිමට සුදුස්සෙක් නොවන බවත් ඇය කිසිම දිනක නැවත උතුරු පළාතට නොපැමිණි යුතු බවටත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ප්‍රමුස් සිරායිවා තරයේ අවධාරණය කර තිබේ.

පසුගිය 8 වැනිදා පැවති උතුරු පළාත් සභාවේ 36 වන සභාවාරයේදී, විපක්‍ෂ නායක තවරාස විසින් ඉදිරිපත් කල යෝජනාව සම්බන්ධයෙන් කතා කරමින් මන්ත්‍රී ප්‍රමුස් සිරායිවා අවධාරණය කර සිටියේ

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන සංවිධානයේ සභාපති ධූරය හෙබවීමට හිටපු ජනාධිපතිනියට කිසිඳු සුදුසුකමක් නොමැති බවත්,ඇය මෙම සංවිධානයේ සභාපතිවරිය ලෙස නැවත කිසිදිනක උතුරු පළාතට නොපැමිණි යුතු බවයි.

“වත්මන් රජය, සංහිඳියාව සහ සාමය යනුවෙන් ප්‍රකාශ කරමින් මෙවැනි පුද්ගලයින් තබාගෙන සිටියි. මේ පිටුපස කුමන ආකාරයේ රහසිගත වැඩපිළිවෙලක් තිබෙනවාද යන සැකය මතුවනු ඇත. දෙමළ ජනතාව තවදුරටත් දුර්වල කිරීමට සහ විනාශ කිරීමට මෙවැනි කටයුතු සිදුකරනවාද යන සැකය මතුවේ. චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගට මෙම තනතුර ලබාදීම අප දැඩි ලෙස හෙලාදකින්නෙමු.”

 

මිට අමතරව ඇයව එම තනතුරින් ඇයව ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින්ම සකස් කලයුතු බවද ඔහු සදහන් කර තිබේ.

Top