Featured

TNA ඉල්ලිමට රනිල් මාව රැවට්ටුවා

රනිල් වික්‍රමසිංහ තමන් රැවටිමට ලක්කළ බව හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසා තිබේ.තමන් මෙම මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කිරිමට තමන් කැමති බවත් ඒ සදහා එක්සත් ජාතික පක්ෂය නොව එක්සත් ජාතික පෙරමුණක් ලෙස තරග වැදිමට කටයුතු කරන ලෙසට තමන් ඉල්ලා සිටිය බවත් එක්සත් ජාතික පක්ෂ නායකයා එම ඉල්ලිම සම්පූර්ණයෙන්ප්‍රතික්ෂ්ප කල බව ෆොන්සේකා පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නම හෝ අලියා ලකුණ හැර වෙනත් නමක් හෝ වෙනත් ලකුණක් යොදවා ගත හොත් පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇති විය හැකි බවද රනිල් එහිදි පැවසු බව ෆොන්සේකා පවසා සිටියා.

පසුව තමන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නාමයෝජනා ලබාදුන් බවත් පසුව් රාජිතලා සහ තවත් කිහිප දෙනෙකුගේ ඉල්ලිමට යහපාලනය සදහා වු එක්සත් ජාතික පෙරමුණ නමින් එජාපය ඉදිරිපත් විම හරහා තමන් ගොනාට අන්දවා ඇති බවයි ෆොන්සේකා සදහන් කර ඇත්තේ.

පසුව තමන්ට ආරංචි වුයේ ද්‍රවිධ ජාතික සන්ධානය කල බලපෑම් හමුවේ තමන් එම පෙරමුණට එකතුකර ගැනිම වැලැක්විම සදහා එජාප නායකයා කටයුතු කර ඇති බවයි.මහා මැතිවරණයේ එජාප ආණ්ඩුවක් පිහිටුවිමට යන්තම් හෝ හැකියාවක් ලැබුනොතින් එහි තිරණාත්මක කණ්ඩායම තමන් බවත් එහිදි එකඟතා රැසක් ඇතිකරගෙන ඇති බවත් එම එකඟතා වලට අනුව තමන් කපාහැරි බවද සරත් ෆොන්සේකා පවසා තිබේ.

Top