Breaking
24 Feb 2025, Mon

TNA දෙදරයි!! කල්ලි කණ්ඩායම් සංවිධානාත්මක සටනක්

විපක්‍ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් පත්කිරීම සම්බන්ධයෙන් උතුරේ ජනයාගේ සහ සිවිල් ක්‍රියාධාරින් අතර මත ගැටුමක් ආරම්භ වි ඇති බවත් ඒ හරහා එම කණ්ඩායම් වෙන වෙනම සංවිධානය විමේ තත්ත්වයක් දක්නට ඇති බව අප උතුරේ වාර්තාකරුවන් පෙන්වා දෙනවා.

“ මෑත කාලයේ ජාතිවාදීන් විසින් දමිළයින්ට විපක්‍ෂ නායක ධූරය නොදිය යුතුය යන ස්ථාවරයක සිටිනු දැකගත හැකිවිය. එනමුත් එම ජාතීවාදීන්ම අද සම්බන්ධන්ව තෝරාගෙන ඇත්නම් එය ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණයක් ලෙස දැකිය හැකි බව සක්තිවේල් පියතුමා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ යහපාලනය කරන මෛත්‍රී සහ රනිල්ගේ කුමන්ත්‍රණයට සම්බන්ධන් හසුවී ඇති බවත් මොවුන් මේ දක්වා කතා කළ ජාතිකත්වය දැන් මිය යන තත්වයකට තල්ලු කර දමා ඇති බවද පියතුමා සදහන් කර තිබේ.

“මොවුන් ජනතාවට ෆෙඩරල් රැගෙන දෙයිද? නැත්නම් මෙම ඒකාබද්ධ කුමන්ත්‍රණයට හසුවී තම ධුරයට ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරයිද? ඔවුන් තනතුරු වෙනුවෙන් පැමිණියාද? මෙම ධුරය ලබාගැනීම තුලින් මොවුන් තනතුරු වෙනුවෙන් පැමිණි බවත්, දේශපාලන මතය පෙරටු කරගෙන කටයුතු කළ නොහැකි පැරණි පක්‍ෂය තබාගෙන කටයුතු කරන්නට යනාදි විවිද ප්‍රශ්ණ මා හට ඇත”

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව අක්‍රිය කිරීමේ කුමන්ත්‍රණයේ කොටසක් ලෙස අග්‍රාමාත්‍යවරයා එයට සම්බන්ධ වී ඇති බවටද උතුරෙන් චොදනා එල්ල වෙමින් තිබේ.ඉන්දිය රජයේ අවශ්‍යතාව මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි දැන ගන්නට ඇත්තේ.

ඒ අනුව, ප්‍රධාන අමාත්‍යවරයාගේ නිර්දේශ හෝ ඉල්ලීම් නොපිළිගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පලිහක්කාරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බව දැනගැනීමට ලැබී තිබේ. තවද, උතුරු පළාත් සභාවේ වත්මන් සභාපති සී.වී.කේ.ශිවඥානම්ගේ නිර්දේශ සැලකිල්ලට ගන්නා ලෙසටද උපදෙස් ලබාදී

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ගැටුම්කාරී ස්ථාවරයක සිටින ප්‍රධාන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයාව හමුවීමෙන්ද වැලකී සිටියි. මෙම පසුබිමේහි පැවති මැතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කිරීම, ජාති ඝාතන යෝජනාව සහ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටින යෝජනාව යනාදිය හේතුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා වෙත තමිලරසු පක්‍ෂයේ නායකත්වයත්, දකුණත් කෝපයට පත්ව ඇත.

එහි පියවරක් ලෙස දැන් ප්‍රධාන අමාත්‍යවරයාව නොතකා හැර උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් එය පවත්වාගෙන යාමට උත්සාහයන් ගන්නා බව අනාවරණය වී ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.