Featured

TNA හැදුවේ ප්‍රභාකරන් ඊළාම් දිනාගන්න-ප්‍රභාකරන් මැරුනේ සම්බන්ධන් ඉතුරු කරලා

යම් හෙයකින් ත්‍රස්තවාදයෙන් ඊළාම් රාජ්‍ය බිහිකිරීමට නොහැකි වුවහොත් දූරදර්ෂි අරමුණකින් ශ්‍රේෂ්ඨ නායක ප්‍රභාකරන් විසින් දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ඇති බව පාර්ලිමේන්තු අපේක්‍ෂක එස්.ශ්‍රීධරන් අනවරණය කර තිබේ.දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවැති වැඩසටහනකදී එස්.ශ්‍රීධරන් මෙම් අනවරණය කළා.

“දෙමළ ජනතාවගේ දීර්ග කාලීන ඉතිහාසයක ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයක අප මේ වනවිට සිටින්නෙමු. අපගේ විමුක්ති සටන දුර්භාග්‍ය ලෙස විනාශ කර ඇති අවස්ථාවකදී, දූරදර්ෂි අරමුණකින් අපගේ ශ්‍රේෂ්ඨ නායක ප්‍රභාකරන් විසින් අපගේ සටන අඛණ්ඩව සිදුකල යුතුය යන එකම අභිප්‍රායෙන් දෙමළ ජාතික සන්ධානය පිහිටුවන ලදි. දෙමළ ජාතික සන්ධානය ඓතිහාසික වශයෙන් පිහිටුවන ලද පක්‍ෂයකි. එය ආරක්‍ෂා කිරීම අප සියළු දෙනාගේ වගකීමකි. මෙවර මැතිවරණයේදී, දෙමළ ජාතික සන්ධානයේ ජන බලය බිඳදැමීට කුමන්ත්‍රණකාරී පුද්ගලයින් උත්සාහ කලත්, එය අපගේ ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇත”

Top