LNN SPY

ප්‍රභාකරන්ගේ සටන දැන් කරන්නේ R සම්බන්ධන් TNA කියයි(Video)

යහපාලන ආණ්ඩුවේ රනිල්ගේ සුරතලා බවට පත්ව සිටින ආර්.සම්බන්ධන් කොටි නායක ප්‍රභාකරන් විසින් පවත්වාගෙන ගිය සන්නද්ධ සටන භාරගෙන තිබේන බව  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන් ප්‍රකාශ කර තිබේ.

ත්‍රිකුණාමලයේදී පැවැති මැයි දින පෙළපාලියට සහභාගි වී කතාකල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පැවැති සන්නද්ධ සටන පරාජයට පත්වී ඇති බව බොහෝ පුද්ගලයින් මේ වනවිට ප්‍රකාශ කරමින් සිටියි. නමුත්, මා කිසිම විටෙක එය අනුමත නොකරන්නෙමි. මාගේ අදහසට අනුව, අවිහිංසාවාදී සටනේ ජයග්‍රහණය සන්නද්ධ සටනක් බවට පරිවර්තනය විය. සන්නද්ධ සටනින් ලැබූ ජයග්‍රහණය මේ වනවිට රාජතාන්ත්‍රික සටනක් බවට පරිවර්තනය වී ඇත. එබැවින්, නායක ප්‍රභාකරන් විසින් පවත්වාගෙන ගිය සන්නද්ධ සටන මේ වනවිට ආර්.සම්බන්ධන් මහතාට භාරදී ඇත.

දෙමළ ජනතාවගේ සන්නද්ධ සටන තැපැල් පතක් බෙදාහැරීමක් මෙන්ය. එබැවින්, මීටපෙර චෙල්වනායගම් මහතා විසින් පවත්වාගෙන ගිය අවිහිංසාවාදී සටනින් අනතුරුව, නායක ප්‍රභාකරන් වෙත භාරදී, එය සන්නද්ධ සටනක් ලෙස පවත්වා, මේ වනවිට එය රාජතාන්ත්‍රික සටනක් ලෙස ආර්.සම්බන්ධන් මහතාට භාරදී තිබෙනවා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top