Breaking
24 Feb 2025, Mon

මේ ලිපිය, රනිල් හදන රට හා ටී එන ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ යන ලිපි සමග කියවිය යුතු ය. ඒ ලිපිවලින් අප කියා සිටියේ 2009 මැයි 18/19 දිනට පසුව නැවතත් ස්වයංනිර්ණ අයිතිය, ෆෙඩරල් විසඳූම බලය විමධ්‍යගත කිරීම ආදියට යා නොහැකි බව ය. ඒ සියල්ල ඊනියා සාම සාකච්ඡාවල දී ප්‍රතික්‍ෂෙප වී නන්දිකඩාල් කලපුවේ දී මුළුමනින්ම පරාජයට පත්විය. ඒ ඊනියා විසඳුම ප්‍රශ්නයකට දුන් විසඳුමක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට බැරිනම් දුර්වල කිරීමට ගෙනා යෝජනා විය.

ඒ යෝජනා නන්දිකඩාල් කලපුවේ දී ගිල්වා දැමීමෙන් පසු නැවතත් 1983 දී හෝ වෙනත් වසරක දී හෝ සිටි තැන්වලට ආපසු යෑමට යෝජනා කිරීම ඊනියා දෙවැනි ලෝක යුද්ධයට පසු නැගෙනහිර යුරෝපීය රටවල් විසුරුවා හැරිය යුතු බවට හෝ නාට්සි ජර්මනියක් නැවත ඇති කිරීමට සාකච්ඡා කළ යුතුව තිබිණි යැයි කීමට සමාන ය. ස්ටැලින් හෝ චර්චිල් හෝ එවැනි යෝජනා ගැරඬි හැවක් සේ ඉවත දමනු නිසැක ය.

එහෙත් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් අද අපට කියන්නේ ටී එන් ඒ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් ව කටයුතු කරන ලෙස ය. ඉන්දියාව හා ලංකාව අතර ඉදිකරණ පාලමක් මගින් ලංකාව ඉන්දියාවේ කොටසක් වන අතර සිංහලයන් දකුණු ඉන්දීය කලාපයක සුළුතරය බවට පත්වනු ඇත. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ස්වෛරීභාවය නැතිවනු ඇත.

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව අප කිසි විටෙකත් ටී එන් ඒ යෝජනාවලට යා යුතු නො වේ. රටේ ස්වෛරීභාවය පිළිබඳ අබමල් රේණුවක විශ්වාසයක් නොමැති බටහිර ගැති එ ජා පක්‍ෂයට නම් ඒ යෝජනා පසුපස යෑම අනිවාර්ය වෙයි. ඒ එ ජා පක්‍ෂයෙහි යටත්විජිතවාදී ප්‍රතිපත්තියෙන් ගලා එන්නකි.

යම් අයුරකින් නන්දිකඩාල් කලපුවේ දී කොටි සංවිධානය ජයග්‍රහණය කෙළේ නම් කුමක් වීමට ඉඩ තිබිණි ද? අනිවාර්යයෙන් ප්‍රභාකරන් බටහිරයන්ගේ ද සහාය ඇතිව ඊළමක් පිහිටුවීමට කටයුතු කරන්නට තිබිණි. එවිට ඔවුන් සිංහලයන්ට සාකච්ඡා මාර්ගයෙන් ලංකාවක් ගොඩ නැගීමට ඉඩක් ලබා දේවි ද? ඊනියා යුද්ධයෙන් සියල්ල විසඳී ඇති බවත් ඊළම නිල වශයෙන් ප්‍රකාශ වී ඇති බවත් එය එංගලන්තය. ඇමරිකාව ආදී රටවල් විසින් පිළිගෙන ඇති බවත් ප්‍රභාකරන් පවසනු ඇත.

ඉතා පැහැදිලිව කොටි ජයග්‍රහණය කෙළේ නම් සිංහලයන්ට කිසිම සාකච්ඡාවක් නො දෙනු ඇත්තේ ඊිනියා හමුදා මෙහෙයම් දේශපාලන විසඳුමක් දී ඇති බව කියමිනි. අද අප ජයග්‍රහණයෙන් පසු ටී එන් ඒ සංවිධානය කියන්නේ වෙනත් ම බයිලාවකි. අපට මේ බයිලාවලින් වැඩක් නැත. අපි ටී එන් ඒ යෝජනා මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරමු. එ ජා පක්‍ෂ ප්‍රතිපත්ති ද එලෙසින් ම ප්‍රතික්‍ෂෙප කරමු.
නලින් ද සිල්වා

2015 අගෝස්තු 06

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.