Breaking
21 Jan 2026, Wed

කළු අඟුරු සුදුකල කුප්‍රකට චෞරයන් මෙන්න! ආණ්ඩුව ගැලවෙනවාද? බිලි වෙනවාද? තීරණය!

වත්මන් ජවිපේ ප්‍රමුඛව මාලිමා ආණ්ඩුව ජනතාව අමාරුවෙන් හෝ බලයට ගෙන එමට ප්‍රධානතම හේතුව වුයේ රටේ පැවැති දුෂණය සහ රාජ්‍ය බලය මෙහෙයවන දුෂිත වළල්ලම රටෙන් ඉවත් කිරිමට සමත් කණ්ඩායම ඔහුන් බව සිතා රැවටුන නිසා බව නොරහසකි. නමුත් වසරක් ගත වනවිට යලිත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රාජ්‍ය බලයම සියතට ගැනිමට දුෂිතයන්ට හැකි වි ඇති බව ඔප්පු වි හමාරය.හොරු ඇල්ලීමට සහ දූෂණය තුරන් කිරීමට ජනවරම ගත් මාලිමා ආණ්ඩුවේ “විදුලිබල මාෆියාව” දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතී.

ඊට ආසන්නතම හේතුව වුයේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිළිබඳ දැවැන්ත ආන්දෝලනයක් නිර්මාණය විම වන අතර මේ වනවිට එම වංචනීක ක්‍රියාව පසුපස සිටින දුෂිතයන් සිවිල් සමාජයට තර්ජනය කිරිම දක්වා ගමන් කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.අදාළ කූප්‍රකට ගණුදෙනුව පසුපස සිටින කණ්ඩායම් මේ වනවිට තමන්ට ඇති දේශපාලන බලය භාවිත කිරිම සහ මාධ්‍ය මිළදි ගැනිම් වලින් ඔබ්බට ගොස් තොරතුරු අනාවරණය කරන මාධ්‍යවේදීන් හට තර්ජනය කිරිමද ආරම්භ කර ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

මේ දක්වා කතාව ……..

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා වන ටෙන්ඩරයට අදාලව (LCC/25/TT/1) හරහා ‘ටයිඩන්ට් චැම්පා’ (Trident Chemphar Limited) ඉන්දීය සමාගම මගින් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සහ ඒ හරහා අවම බිලියන 10ක පමණ මුදලක් රටේ ජනතාවගේ බදු මුදල් අහිමි කිරිම යන චෝදනාව මේ වනවිටත් වත්මන් රජයට එල්ල වි හමාරය.කෙසේ වෙතත් අදාළ ගණුදෙනුව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන මෙන්න ආණ්ඩුවද නිහඩ පිලිවෙතක් අනුගමනය කරන අතර ඒ අනුව ආණ්ඩුවේ බලශක්ති අමාත්‍යවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා මේ දුෂිත ගනුදෙනුවේ කොටස්කරුවන් වි හමාරය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලිබලයෙන් 40%ක් පමණ ජනනය කරයි.

මන්ද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හුදු තාක්ෂණික දෝෂයක් ලෙස හුවා දැක්විමට ඇතැම් පාර්ශවයන් උත්සහ කලද ඇත්තටම එය  පූර්ව සැලසුම් සහගත මූල්‍ය වංචාවක් බව අපගේ මතයයි. ලංකා ගල් අඟුරු සමාගම විසින් මිලදී ගන්නා ලද ගල් අඟුරු වල කැලරි වටිනාකම (GCV) සඳහා ප්‍රතික්ෂේප කිරීමේ අගය 5900 kcal/kg කි. ඒ අනුව් බැලුකල ඉන්දියානු සැපයුම්කරු (Trident Chemphar Limited) ලබා දී ඇති බාල ගල් අඟුරු නිසා  එක් බොයිලේරුවකින් පැයකට මෙගා වොට් 300 ක් ජනනය කිරීමට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 107 ක් වැය වුවද තත්ත්වයෙන් බාල විම නිසා එම අගය මෙට්‍රික් ටොන් 120 ඉක්මවා ගොස් තිබේ.ඊට අමතරව බොයිලේරු වලට සිදුවන හානීය,පරිසර හානීය සහ ඒ හරහා රටේ ආර්ථිකයට සිදුවන හානීය ඇතුලු සමස්ථ කාරණා සියල්ලම සලකා බැලු කල මේ දුෂිත ගණුදෙනුව හරහා රටට සිදුකර ඇති හානීය ගණනය කිරිමටද අපහසුය.

ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, අලුතින් සපයන ලද ගල් අඟුරු මෙට්‍රික් ටොන් 117කින් පමණ විදුලිය ජනනය කිරීමට හැකියාව ඇත්තේ මෙගාවොට් 285ක් පමණ වන අතර මීට පෙර රුසියානු ගල් අඟුරු මගින් මෙට්‍රික් ටොන් 107–109කින් ආසන්න වශයෙන් මෙගවොට් 300ක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ බවයි.

සුදුසුකම් නොමැති, දූෂණ චෝදනා සහිත සමාගමකට රටේ බලශක්ති සුරක්ෂිතතාවය පාවා දීම හරහා ජනතාවට අහිමි කල මුදලට වඩා ඔහුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරිමටද මග පාදා තිබේ. නිහඬ කාලය අතරතුර පළමු සහ දෙවන ගල් අඟුරු තොග ලෙස මෙරටට ගෙන  සමාගමම තවත් ගල් අඟුරු නැව් පහක් මේ වන විටත් ලංකාව බලා පිටත් කර එවා අවසන් කර තිබේ.මාස ගණනක ප්‍රමාදයකින් පසු පසුගිය වසර අවසානයේ අවසන් කරන ලද ටෙන්ඩරයකින් පසුව, ඉන්දියානු සැපයුම්කරු මුළු ගල් අඟුරු තොග 25ක් ලබා දීමට ගිවිසුම්ගත වී අවසන්.පෙර සහ වත්මන් සැපයුම්කරුවන් අතර පිරිවැය සංසන්දනය කිරීමේදී විශාල වෙනසක් නොපෙන්වන අතර, දකුණු අප්‍රිකානු ගල් අඟුරු සඳහා රුසියානු සැපයුම්කරුට වඩා ටොන් එකකට ඩොලර් 1.50ක් පමණක් අඩු බව පමණක් මේ වනවිට අනාවරණය වි තිබේ.

දුෂිතයාට – දුෂිතයා මුණගැසීම ….

මිට අමතරව නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවක් ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අවලංගු කල අතර ඊට ජනාධිපතිවරයා සaජුවම මැදිහත් වි ඇති බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියා.

ප්‍රමිතියෙන් තොර බවට සැක කෙරෙන ගල් අඟුරු තොගවල ගුණාත්මකභාවය පරීක්ෂා කරන පරීක්ෂණ වාර්තාව, වාර්තාවේ අඩංගු දත්ත වෙනස් කිරීමට නිලධාරීන්ට එල්ල වන බලපෑම් හේතුවෙන් තවමත් නිකුත් කර නොමැති විමට හේතුවද වි තිබේ.ලංකාවේ ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටිය තුළ මීට පෙර අත්දැකීම් ඇති සමාගම්වලට ප්‍රමුඛතාවය හිමිවිය යුතු වුවත් Trident Chemphar Limited වැනි “ආධුනික සමාගමක්” මෙවර ටෙන්ඩරයට ඇතුළත් කරගෙන ඇත්තේ නිකන්ම විය නොහැක. අනිත් අතට අදාළ සමාගම දූෂණ චෝදනා ලද එකක් විමත් විශේෂත්වයක්.ඒ සදහා අමාත්‍යවරයාද මැදිහත් විය යුතුමය.ඇමති කුමාර ජයකොඩි,වත්මන් බලශක්ති ඇමතිවරයා මීට පෙර පොහොර සංස්ථාවේ සිදු වූ ටෙන්ඩර් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නඩු පවරා ඇති (නඩු අංක 49) අයෙකි. ඒ අනුව ඔහුව මේ අකාරයේ දුෂිත ගණුදෙනුවක් සදහා යොදවා ගැනිම පහසුය.

“මේ මගේ අතේ තිබෙන 2021 දී ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ. නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා 90%කින් අඩු කරලා. මේක පැහැදිලිව සැක සහිතයි.”- පුබුදු ජයගොඩ

කුප්‍රකට දුෂිත වළල්ල 

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය යනු කාලාන්තරයක් තිස්සේ දූෂිත දේශපාලඥයන්, ජාවාරම්කාර නිලධාරීන් සහ අතයට ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්ගේ පාරාදීසයකි. මෙවර නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය හරහා සිදුව ඇත්තේ එම ජාලයේම තවත් එක් දිගුවකී. වෙනසකට ඇත්තේ පරණ දුෂිතයන් වෙනුවට කවුරුත් වැඩිය නාඳුනන කණ්ඩායමක් එම බලය සියතට ගැනිම බව පෙනේ.දැන් සියල්ලෝම කතා කරන්නේ ආණ්ඩුව සහ ඉන්දීය සමාගම ගැනය. ආධුනික ඉන්දීය සමාගමක් සදහා අදාළ ටෙන්ඩරය ප්‍රදානය කිරිම සහ ඒ හරහා රටට කුණු ගල් අඟුරු ගෙන ඒමට දායකත්වය දුන් ශ්‍රී ලාංකික එජන්තයා සහ ඔහුන් සිටින කුප්‍රකට සමාගම් ගැන කිසිවෙකුත් කතා නොකිරිමට හේතු තිබේන බව ඉත පැහැදිලි බව අප දේශපාලන තොරතුරු වාර්තාකරු අනාවරණය කර සිටි.එම කුප්‍රකට ජාලය විපක්ෂයේ සියලුම කුඩා කණ්ඩායම් මුදලින්,බලයෙන් බයකිරිමට කටයුතු කර ඇති  අතර සමහරුන්ට විවිධ දේශපාලන හෙංචයියන් සමග ඇති ලැබැදියාව හේතුවෙන් කෙදිරිගාමින් සිටින බවද දකින්නට තිබේ.

පාඩුව රුපියල් කෝටි 1000 කට අධිකයි,චෝදනාව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම සහ වාර්තා වෙනස් කිරීම,ආණ්ඩුවේ ස්ථාවරය වාර්තා ලැබෙන තෙක් දඩ මුදල් හෝ පියවර ගත නොහැක.

කවුද මේ කුප්‍රකට දේශිය එජන්තයා …

කොහොම්ද මේ වංචාව කලේ කවුද මේ හොරු රැළ … වංචාකරුවන්ගේ දේශීය නියෝජිතයන්ගේ කළු ඉතිහාසය ගැන අපි ටිකක් සොයා බලමු….

මෙම ටෙන්ඩරය පිරිනමා ඇති Trident Chemphar සමාගම සහ එහි දේශීය හවුල්කරුවන්ගේ පැටිකිරිය සොයා බැලිම ඉත වැදගත් වේ. ඒ අනුව

සරත් චන්ද්‍ර රෙඩ්ඩි (හිමිකරු Trident Chemphar): 2022 දී නවදිල්ලියේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි.

>Trident Chemphar සමාගම, Aurbindo Pharmaceuticals Ltd, India සමාගමේ උප සමාගමකි. Aurbindo යනු ඉන්දියාවේ ප්රමුඛ ඖෂධ නිෂ්පාදකයෙකි. ඖෂධ සමාගමකට ගල්අඟුරු වෙළඳාම පිළිබඳ තිබෙන අත්දැකීම සහ සුදුසුකම කුමක්දැයි අප ඇසිය යුතුව ඇත. Trident Chemphar සමාගමේ Ultimate Beneficial Owners අතර සිටි සරත් චන්ද්ර රෙඩ්ඩි මහතා, 2022 – 2025 දී මුදල් විශුද්ධකරණය (money laundering and Excise) පිළිබද අධිචෝදනා සම්බන්ධයෙන් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

>Trident Chemphar සාමාගම 2014 දී සතොසට මෙට්රික් ටොන් 30000ක දුෂිත සහල් සැපයීමේ කොන්තරත්තුවකටද සම්බන්ධ වී ඇත. 2016/09/20 දින පැවති පොදු ව්යවසායන් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 168 පිටුවට අනුව, රජයේ ප්රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව නියමිත සැපයුම්කරු තෝරා ගැනීමේ ක්රියාවලිය අනුගමනය නොතකා හරිමින් Trident Chemphar සමගම සහල් මෙට්රික් ටොන් 30,000 සැපයීම සදහා තෝරාගෙන ඇතිබවද සැලකිල්ලට ගත යුතු කාරණාවක් ලෙස මෙහිදී සදහන් කල යුතුය.

>2025 සැප්තැම්බර් 29 වන දිනට, Lanka Coal Company වාර්තා අනුව Trident Chemphar සමාගමේ දේශීය නියෝජිතයා ලෙස සනත් බණ්ඩාර ජයසුන්දර නම් පුද්ගලයෙකි. ඔහු පෙර ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් 2019 සිට වසර 7 කාලයක් ක්රිකට් ක්රීඩා සම්බන්ධයෙන් තහනම් කර තිබූ ක්රීඩා විශ්ලේෂකයෙකි. ඔහු, අදාළ කාලයේ ක්රීඩා අමාත්ය හරින් ප්රනාන්දුට අල්ලස් ලබාදීමට උත්සහ කල බවට චෝදනා එල්ල වී ඇත.මිට අමතරව බැලුවහොත් Trident Chemphar ඇත්තේ කලු ඉතිහාසයක් බව පහසුවෙන්ම වටහාගත හැක.
සනත් බණ්ඩාර ජයසුන්දර (දේශීය නියෝජිත)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු දක්ෂතා විශ්ලේෂකයකු වුවද, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් පවත්වන ලද දූෂණ විමර්ශනයකදී වැරදිකරු වී වසර හතක (07) පූර්ණ ක්‍රිකට් තහනමකට ලක්වූවෙකි.ජාත්‍යන්තර තරගයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරිම සහ ඊට අදාළ පරික්ෂණයට බාධා කිරිම ඔහුට එල්ල වි ඇති ප්‍රධාතම චෝදනා වේ.

Sanath Jayasundara charged under the ICC Anti-Corruption Code | ICC

මේ සියල්ලටම වඩා සැඟවුණු හස්තයක් ඇත. එය හැමෝටම මිස් විමද අරුමයක් නොවේ.සමාගමේ දේශීය නියෝජිතයන් අතර බෞද්ධ භික්ෂුවකගේ මැදිහත් වීම සහ ඔහු කවුද යන්න කාටත් අමතක විමය.ජයසුන්දර මුදියන්සේලාගේ සනත් බණ්ඩාර ජයසුන්දර යන සම්පූර්ණ නාමය දරණ සනත් Lanka Coal Company සහ Trident Chemphar සමාගමේ දේශිය නියෝජිතයා ලෙස පෙනී සිටියේ Panaurora Pvt LTd යන සමාගම හරහාය. එම සමාගමේ හිමිකරු වන්නේ හක්මණ නන්දාලෝක නැමති බණ කිම හැර අනිකුත් හැම දේම කරන හිමිනමකි.උන්වහන්සේ සම්බන්ධයෙන් කියන්නත කතා ගොඩාක් සාක්ෂී සහිතව අප සතුව ඇත අප එවා එකින් එක පසුවට ඔබට කියන්නට බලාපොරොත්තු වෙමු.

මේ සමාගමේ INITIAL SHAREHOLDERS කෙනෙක් හැටියට Sayaara Holdings Lanka (Pvt) Ltd සහ Invest LK (Pvt) Ltd කියන සමාගම් පත් කරලා තියේනවා.

 

දැන් අපි බලමු ජයසුන්දර මුදියන්සේලාගේ සනත් බණ්ඩාර ජයසුන්දර මේ වැඩෙට සෙට් වෙන විදිය ඒ තමා Invest LK (Pvt) Ltd කියන සමාගම හරහා. එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනකු සිටින අතර ඉන් පලමුවැන්නා ලෙස නම්කර ඇත්තේ හක්මණ නන්දාලෝක හිමිය.දෙවැන්නා ජයසුන්දර මුදියන්සේලාගේ සනත් බණ්ඩාර ජයසුන්දරය. එම සමාගමේ තුන්වැන්නා වන්නෙ කවුරුත් දන්නා හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත නිර්මාල් රාජපක්ෂය. එම සමාගමේ මූලික කොටස් හිමියන්, INITIAL SHAREHOLDERS ලා ලෙසද සදහන්ව ඇත්තේ ඔහුන් තිදෙනා වන අතර හැම අයෙකුටම කොටස් 100 බැගින් හිමිව තිබේ.

අවසරයි අපේ හාමුදුරුවනේ …. මේ කතා කරන්නේ අපේ රටේ සිල්වත්,ගුණවත්, රට වෙනුවෙන් සටන් කරන අපේ හාමුදුරුවෝ ගැන නෙවේ. මහා ව්‍යාපාරික එජන්තයෙකු ලෙස පෙනි සිටිමින් Panaurora Pvt LTd සහ Invest LK (Pvt) Ltd නමින් සමාගමක් හදාගෙන ඒ හරහා කලු සල්ලි සුදු කරන මෙන්ම ශ්‍රි ලංකාව තුල කුප්‍රකට ව්‍යාපාර ජාලය මෙහෙයවිමට සමත් වු අයෙකු ගැනය. මේ වනවිටත් මාලිමාවද මේ හාමුදුරුවන්ගේ අණසකට යටවි අවසන් බව මේ නිවුස් එක බලලා වලියට එන් ඩොබිලාට කියා තැබිමට අවශ්‍ය.ඒ විතරක් නොවේ ඇතැම් දුෂිත පොලිස්පතිවරුන් ආරක්ෂා කල අකාරයේ සිටි අහිංසක මිනිසුන්ගේ දේපළ අත්පත් කරගත් අකාරයන්ද අප දන්නා අතර ඒවා ඉදිරියේදි අනාවරණය වන බවද මතක් කර සිටිමි.ඉතිං මේ සියලුම දෙනාගේ කල්කිරියාව ඉතා සියුම්ව නිරික්ෂණය කර බැලුවහොත් මේ ගණුදෙනුව හරහා යම් වංචාවක් සිදුකර ඇති බව වටහා ගැනිම අපහසු නොවේ.

මේ ඉන්නේ සමාගම හරහා මේ මාෆියාව දියත් කරණ කණ්ඩායමය.ඊට අමතරව තවත් පිරිසක් මේ පසුපස සිටින බවත් අප ඔහුන් පිළිබඳවද ඉදිරියේදි අනාවරණය කරන බවද මතක තබාගන්න.ඉන් එක් අයෙකු වන්නේ චමින්ද ජයසූරිය නැමැත්තාය.NPP ජාතික විධායක සභිකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ගනුදෙනු වලට මැදිහත් වීම හරහා දූෂණයට පක්ෂ භේදයක් නැති බව තහවුරු කිරිමට ඔහු සමත්ව සිටි.ඔහු ජනපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ ඇති ක්ලීන් ශ්‍රි ලංකාවද නියෝජනය කරන අයෙකි. හේරත් බණ්ඩාරලාගේ ඕෂදේ අනුරාධ හේරත් සහ විජයසේකරගේ ශානිකා කුමාරිලා ගැනද තවත් තොරතුරු අප සතුව ඇත එවා ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

ශ්‍රී ලංකාව සදහා අවශ්‍ය විශේෂ ගුණාත්මකත්වය සහිත ගල්අඟුරු මින් පෙර සැපයීමේ අත්දැකීමක් නොමැති Trident Chemphar සමාගම, Lanka Coal Company සමාගමේ ලියාපදිංචිය ලබාගැනීම සම්බන්ධයෙන් බරපතල දුෂණයක් ඇති බව දැන් පැහැදිලිය. ඒ අනුව Trident Chemphar සමාගමේ Lanka Coal Company වෙත ඉදිරිපත් කළ ගල්අඟුරු වෙළඳාම පිළිබඳ Bills of Lading සත්‍ය ලේඛන ලෙස සැලකිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ අනුව මෙම සමාගම කුට ලේඛන සකසා කුප්‍රකට චෞර වළල්ල හරහා ගණුදෙනුව සිදුකර ඇති බවට සැකයක් මතුවන බව පෙනේ.එය තහවුරු කර ගත යුත්තේ ඉතාම විධිමත් පරීක්ෂණයකට ලක් කර බව නොරහසකි.නමුත් වැටත් නියරත් ගොයම් කා නම් ඒ අවනඩුව කාට නම් කියන්නද?

“එක පැත්තකින් ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල බහිනවා. අනිත් පැත්තෙන් ඔයාලා බාල ගල් අඟුරු (Low Quality Coal) ගේනවා. හැබැයි ගෙවන්නේ සුපිරි ගල් අඟුරුවල මිල. මේ අතරමැද තියෙන ඩොලර් මිලියන ගණනක ගැප් එක යන්නේ කාගේ සාක්කුවටද?” – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

මේ වනවිට තොරතුරු සමාජගත විම වැලැක්වීම සදහා සනත් බණ්ඩාර ජයසුන්දර මාධ්‍යයට තර්ජනය කිරිම ආරම්භ කර තිබේ.අනිත් පැත්තේන් රඛිත රාජපක්ෂය ඔහු හොර LOD හදමින් මේ තොරතුරු සමාජ ජාල වලින් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටි. ඊට එරෙහිව අපද මේ වනවිට පැමිණිලි කිරිම ආරම්භ කර තිබේ.මේවා ඇත්ත නොවේ නම් කල යුත්තේ තර්ජනය කිරිම නොව සත්‍ය කුමක්ද යන්න රටේ ජනතාව හමුවේ පැවැසිමය. නමුත් එය සිදුනොවන බව දැන් නොරහසකි. නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම බිමල් රත්නායක වැනි ප්‍රබල අමාත්‍යවරුන්ද තවමත් සිටින්නේ කෙදිරිගාමින් ය. ඊට හේතුව වි ඇත්තේ මේ කුප්‍රකට ව්‍යාපාරික චෞර වළල්ලේ කොටස්කරුවන් බවට ඔහුන් පත්විමය.

කතාව අවසන් නැත. මේ චෞර වළල්ලම උස්සා පොළවේ ගැසිය යුතුය.නැතහොත් ඔහුන් ලගදිම ශ්‍රි ලංකා රාජ්‍යම උස්සා පොළවේ ගසනු ඇත.එදාට යන එන මං නැති වන්නේ අපේ රටේ අහිංසක දුප්පත් ජනතාවටය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *