Breaking
25 Feb 2025, Tue

ISIS සමග ඇමතිවරුන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයන් රැසක්! බුද්ධී අංශ වාර්තාවේන් ඇත්ත හංගයි

Published on: Mar 28, 2016- අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේ.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ අනාවරණය කල බවත් අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ පෙන්වාදුන් බවට මාධ්‍ය වාර්තා පලවුවද දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් කල අනාවරණය ජනාධිපතිවරයාගේ නියෝග මත නතර වි තිබේ.

ඒ අනුව අදාළ අමාත්‍යවරුන් දෙදෙනා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් වන අතර කොළඹ සහ නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මෙම ISIS සටන් කාමින් පසුපස සිටින බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් සැකය යොමුවිමට ප්‍රධාන හේතුව වි ඇත්තේ විවිධ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව ගුවන් තොටුපළ හරහා ලංකාවට ඇතුලත් විම සදහා විවිධ බලපෑම් කිරිම හරහාය.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී අතර  කොලන්නාව, සාලමුල්ල, දෙහිවල, කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ ද අයිඑස්‌ අනුගාමිකයන් සිටින බවයි. අයිඑස්‌ අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගියදා විමර්ශන වාර්තාවක්‌ රජයට ඉදිරිපත් කරමින් අනතුරු අඟවා තිබිණි.

බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.

අප පසුගිය වසරේ ජුලි මාසයේ කල අනාවරණය –

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට මේ  LNW  ඔත්තු සේවා අනාවරණය

කියවන්න –Exclusive:ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි

ISIS ගැන තවත් අනාවරණයක්-

කොළඹ 12 හමීඩ් අල් හුසේන් පිරිමි විද්‍යාලයේ විදුහල්පති පාසල තුල විවිධ කණ්ඩයම් ලවා ISIS අන්තවාදී මතවාද පතුරුවා හැරිමට කටයුතු කරමින් සිටින බව පාසලේ සිංහල, මුස්ලිම් දරුවනේගේ හා ගුරුවරුන් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.

කියවන්න –හමීඩ් අල් හුසේන් විදුහල්පති ISIS මෙහෙයුමක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.