LNN SPY

රාජපක්ෂලාගේ පිනට පහල වු “දෙවියන්ගේ මිනිසා”.. කුප්‍රකට Uebert සහ රාජපක්ෂලාගේ ගණුදෙනු!

කුප්‍රකට සිම්බාබ්වේ ජනාධිපතිවරයාගේ තානාපතිවරයකු ලෙස ක්‍රියා කරන ඉවැන්ජලික දේවගැතිවරයකු සහ විස්මිත මුදල් මැවීම් ගැන දේව මෙහෙය පවත්වනන්කු ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් Uebert Angel  නැමත්තා හදිසීයේ ජනාධිපතිවරයා හමුවිමට පැමිණීම සම්බන්ධයෙන් විවිධ පුවත් පලවෙමින් තිබේ.

පසුගිය 31 වැනිදා සිම්බාබ්වේ ජනාධිපතිගේ විශේෂ රාජකාරියක් වෙනුවෙන් ඔහු පැමිණී බව ඔහුගේ Facebook පිටුවේ පලකර තිබේන අතර එහිදි විදේශ අමාත්‍යවරයාද හමුවු බව සදහන් කර තිබේ.ඊට අදාළ ඡායාරූපයන්ද ඔහු පලකර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලු LNN දේශපාලන වාර්තාකරු සදහන් කලේ රාජ්‍යතාන්ත්‍රීක මට්ටමේ කිසිදු හමුවක් ජනාධිපතිවරයාගේන් හෝ විදේශ අමාත්‍යංශය පැත්තේන් සිදුව නැති බවයි. ඒ අනුව එම හමුවිම සම්පූර්ණයෙන්ම පෞද්ගලික එකක් බව පැහැදිලි වේ.

On assignment from H.E President E.D Mnangagwa here in Sri Lanka . Had a very productive meeting With the President of Sri Lanka His Excellency, Gotabaya Rajapaksa

කවුද මේ Uebert Angel ???

ලංකාවේ මිලියන 22ක ජනතාවගෙන් සුළු පිරිසක් රවටා ගන්නට සමත් ඥානසාර, සද්ධාතිස්ස, අබේතිස්ස වැනි අය මෙන්ම ලෝකේ බිලියන ගණනක ජනතාවගෙන් සුළු පිරිසක් රවටා ගැනිමට අති දක්ෂයෙකු ලෙස Uebert Angel  හදුන්වා දිය හැකිය. ලංකාවේ චීවරධාරින් මෙන්ම විවිධ ආගමික රෙදි ඇදන් සිටින කණ්ඩායම් විශේෂයෙන්ම් රාජපක්ෂලා මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයන් රවටා ගන්නා අතර ඒ සදහා ඔහුන් භාවිතා කරණුයේ දේශ්‍රප්‍රේමය බව අමුතුවෙන් කියාදිය යුතු නැත.v8 සිට අහස උසට පන්සල්,පල්ලි සහ කොවිල් හැදෙන්නේ රවටා ගැනිමේ ප්‍රමාණය මත බව පැහැදිලිය. අවුලකට ඇත්තේ ලංකාවේ සෙට් එකට ඉංග්‍රීසි නොහැකි විමය.එසේ නොවුනා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබුනී.

Uebert කූප්‍රකට ව්‍යාපාරිකයෙකි.ඔහුගේ ව්‍යාපාරික ජාලය ඔහු විසින් මෙහෙයවනු ලබන්නේ දේව විශ්වාසය හරහාය. තමන් “දෙවියන්ගේ මිනිසා” යනුවෙන් හදුන්වා දෙන සහ තමන්ගේ මිලියනයකට වැඩි අනුගාමිකයන් ලවා එයම කියවන Uebert විචිත්‍රවත් දේශකයෙකු බව අවිවාදිතය.ඇතැමෙකුට උඩඟුකම දකිද්දී තවත් සමහරුන්ට විශ්වාසය දකිද්දී, ඇතැමෙකුට විචිත්‍රවත් බව දකිද්දී තවත් සමහරු කපටි සහ කපටි ව්‍යාපාරිකයකු දකියි.

අප මේ අනාවරණය කරන්නේ ඔහුගේ මිත්‍යාදුෂ්ටික ආගමික සංකල්ප ගැන හෝ ඔහුගේ ගුණ වැයුම නොව. ආගමේ මුවාවෙන් ඔහු සිදුකරන කුප්‍රකට මුල්‍ය ගණුදෙනු සහ ඒවාට අපේ රටේ කුප්‍රකට ව්‍යාපාරිකයන් සම්බන්ධ වන අකාරය පිළිබඳව අනාවරණය කිරිමයි.

ඒන්ජල් යනු බ්‍රිතාන්‍යයේ සැල්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ උපාධි දෙකක් ඇති හිටපු මූල්‍ය කථිකාචාර්යවරයෙකි, බෝල්ටන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි සහ එඩින්බරෝ (නේපියර්) විශ්ව විද්‍යාලයෙන් ව්‍යවසායකත්වය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් අයෙකි.

‘දෙවියන්ගේ මිනිසා’

‘දෙවියන්ගේ මිනිසා’ කොපමණ වටිනවාද? ඔහු පවත්වාගෙන යන ව්‍යාපාර මොනවාද? ඔහුට කාර් කීයක් තිබේද? ගෙවල් කීයද? ඔහුගේ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ කොහෙන්ද?

පසුගිය වසරේ ඒන්ජල් විසින් එක්සත් රාජධානියේ ලින්කන් හි දැවැන්ත මන්දිරයක් මත විසිර ගිය අතර එහි අක්කර 14 ක පෞද්ගලික උද්‍යානයක් ඇති අතර එහි ඩොලර් දහස් ගණනක් වටිනා දුර්ලභ මාළු ඇති

ආකර්ෂණීය විල් තුනක් ද ඇත. දේපල විකුණුම් වාර්තා හරහා අපි ඇස්තමේන්තු කර ඇත්තේ නිවස පෙට්ටි ව්‍යුහයක් ලෙස ඩොලර් මිලියන 2 කට පමණ මිල දී ගෙන ඇති අතර ප්‍රතිසංස්කරණය කරන විට එය ඩොලර් මිලියන 4 ක් පමණ වනු ඇති බවයි.

ඔහුගේ මිලියන ගණනක අනුගාමිකයන් ඔහු වෙත යොමු කරන පරිදි නිවස පුරා වර්සෙස් ටයිල් සවි කිරීම, රන් ආලේපිත නාන කාමර සහ වැසිකිළි, කැපවූ සිනමා කාමරයක්, ආසන 8 ක ජැකුසි සහ පිහිනුම් තටාකයකි. ඉහත පින්තූරයෙන් ඔබට පෙනෙන පරිදි, එක්සත් රාජධානියේ වඩාත්ම මිල අධික වෙළඳසැල් වලින් එකක් වන හැරඩ්ස් වෙතින් ඔහුගේ නිවස සඳහා ගෘහභාණ්ඩ ලබා දෙනු ලැබේ.

ඔහුගේ Sam Barkeley Construction සමාගම විසින් මිලදි ගෙන ඇති ඔහුගේ දේපල ව්‍යාපෘතිවල මුළු එකතුව ඩොලර් මිලියන 20 ක් පමණ වන බව අනාවරණය වි තිබේ. බොට්ස්වානා, සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව, බල්ගේරියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ මුළු දේපල 300ක් පමණ ඇති අතර එවා හී වටිනාකම ගණනය කර නෑ.

එක්සත් රාජධානියේ බර්මින්හැම් හි ආසන 1200 ක රඟහලක්,සුඛෝපභෝගී වාහන – ඇස්තමේන්තුගත 47 ,ඩොලර් 281 000කට ආසන්න වටිනාකමකින් යුත් Lamborghini මෝටර් රථයක්, Black Badge Rolls Royce, Mercedes coupe රථයක්, SL 500 නව හැඩැති Mercedes, Audi Q7 සහ Spyder F3 CAN -AM විශේෂ ශ්‍රේණිය ඇතුළත් ලොව පුරා වාහන 70ක වාර්තා එකතුවක් ඔහු සතුව ඇත.

Club Millionaire Limited ආරම්භ කරන ලදී, එය “ලෝකය පුරා මුදල් පොහොසත් නමුත් කාලානුරූපී පුද්ගලයන්ට සේවා සැපයීම” ලෙස විස්තර කරන ලදී. සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වන ආකාරය පිළිබඳව පුද්ගලයන්ට උපදෙස් දීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් වන The Millionaire Academy හි නිර්මාතෘවරයා වන්නේද Uebertය.

එහි ප්‍රධාන පරිපාලනය දැන් The Billion group නමින් ක්‍රියාත්මක වේ.එය බැංකුවක් ලෙස ක්‍රියාත්මක වන අතර , Sam Barkeley Construction, Atom Mobile, Picasso Hotels ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සහ හෝටල් ව්‍යාපෘති අනාවරණය නොවන ප්‍රමාණයක් තිබේ.

Uebert Angelගේ බිරිඳ බෙවර්ලි (Beverly) සමඟ එක්ව, ඔවුන් පාසල දරුකමට හදාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර පුද්ගලයන්ට වඩා ප්‍රජාවන් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අවම වශයෙන් 100,000 දෙනෙකුට උපකාර කිරීම අරමුණු කරයි.බොට්ස්වානා, සිම්බාබ්වේ සහ සැම්බියාවේ ඔවුන් ඔවුන්ගේ සෑම් බාර්ක්ලි ඉදිකිරීම් සමාගම භාවිතා කරමින් ‘බිම් මට්ටමේ සිට’ වැඩිහිටියන් සඳහා නිවාස ඉදිකර තිබේ.

Uebert Angel උපදින්නේ 1978 සැප්තැම්බර්6 වැනිදාය. 2021 වසර වනවිට ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ඉක්මවන බවයි අනාවරණය වි ඇත්තේ. නමුත් එම වත්කම් ප්‍රමාණය ඉක්මවා යන වත්කම් ඔහු අනාවරණය කර නැති බවද තහවුරුය.

2020 වසරේ මැද භාගයේ Uebert Angel උගන්ඩාවේ අක්කර 140 ක දූපතක් මිලදී ගත් අතර එම දිවයින එන්ටෙබේ සිට මිනිත්තු 40 ක් දුරින් පිහිටා ඇති අතර එය ලොව දෙවන විශාලතම විල වන වික්ටෝරියා විලෙන් වටවී තිබේ.

Kalangala District පිහිටා ඇති මෙම දූපත සුදු වැලි සහිත වෙරළ තීරයකින් සමන්විත වන අතර මේ වනවිට එහි නිවාඩු නිකේතනයක් තැනීමට අවශ්‍ය මුලික කටයුතු සිදුවෙමින් තිබේ.

එම දුපත මිලදී ගැනිම සිදුවන්නේ 2020 වසරේද ඔහු ලංකාවට පැමිණ #GoodNewsSriLanka සමුළුව සඳහා පැමිණි අවස්ථාවේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ හමුවිමෙන් පසුවයි. (රාජපක්ෂ- Uebert හවුල තොරතුරු පහල ඇත)

Club Millionaire යනු Uebert ගේ ආගමික ව්‍යාපාරයේ මුලය. Born again ආගමික කල්ලිය මෙන්ම Uebertගේ ආගමික දර්ශනයේද මුලික පදනම වන්නේ සල්ලි කාරයන් ය. හරියට අපේ රටේ උමංදාවේ සමන්ත බඩ්ඩ වැනිය. ඒ නිසාම යහමින් මුදල් ඇති, එම මුදල් ජනතාවගෙන් හුරා කන බහුතරයක් මේ අකාරයේ ආගමික හොරූ සමග එකතු විමට වැඩි කැමත්තක් දක්වයි.

Uebertගේ න්‍යාය වනුයේ සියල්ල මැවු මැවුම්කාර දෙවියන් වහන්සේට සියල්ල අයිති බවය. එවා භාවිතා කිරිමට මිනිසුන්ට හැකියාව ඇති නමුත් අයිතිය ඇත්තේ දෙවියන් වහන්සේට බවයි ඔහු පෙන්වා දෙන්නේ.ඒ හරහා ඔහු තමන්ගේ කුප්‍රකට ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. එනම් කිසියම් කෙනෙකු සතු දේපලක් ඇත්නම් එය සිය ආගමික මධ්‍යස්ථානයේ විශේෂ සේප්පුවක බහා තැබිය හැක.එම සේප්පුවට කේතයක් පමණක් හිමිවන අතර විශේෂිත ගිවිසුමකින් එම සේප්පුව සහ එහි හිමිකරුවා බැදෙනු ඇත.

බැලු බැල්මට එය ටිකක් අමතුය. නමුත් Uebert සිය කුප්‍රකට ව්‍යාපාර දැනුම ආගම සමබ බද්ධ කර වැඩේ සිදුකරමින් සිටි.දැනට වාර්තාවන අන්දමට ලෝකයේ රටවල් 40ක පමණ ප්‍රමාණයක විවිධ කුප්‍රකට දේශපාලඥයන්, මෙන්ම ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් මෙහි සේප්පු භාවිතා කරමින් සිටි. විශේෂයෙන්ම උපයන අකාරය ඔප්පු කල නොහැකි මහා ධනස්කන්ධායක් මේ තුල තිබෙන බව තහවුරු වි තිබේ.ඒ සියල්ලම Uebertගේ Club Millionaire හරහා ආගමේ නාමයෙන් තැන්පත් කර තිබේන අතර එවා ආයෝජනය කිරිමේ සහ ලාභාංශ බෙදිමේ ක්‍රියාවලිය නෛතික පදනම මත සිදුවේ. සෑම සේප්පුවකම හිමිකරුවෙකුම සිය මාසික ලාභාංශයෙන් සියයට 1 , Uebertගේ සහන බෙදීමේ ව්‍යාපෘතී සදහා යෙදවිම අනිවාර්යය වේ.

රෝ ඔත්තුකාරීය කල අනාවරණය..

2017 වසරේ ඉන්දීය රෝ සංවිධානයට සම්බන්ධ ඔත්තුකාරීයක විසින් සිදුකරන ලද විමර්ශනයකදි ඉන්දීය දුෂීත දේශපාලඥයන් රැසක් මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයන් රැසක් Uebert සමග සම්බන්ධව සිටින බව අනාවරණය කර තිබුනා.ඊට අමතරව ආසියානු කලාපයේ දුෂිතයන් රැසක්ද සිටින බව ඈය අනාවරණය කර තිබේ.

ඇය අනාවරණය කල සුවිශේෂීතම කරුණ වන්නේ අදාල සේප්පුවේ කේතය අංක වලින් සමන්විත වන බවත් එය අදාළ සේප්පුවේ හිම්කරුගේ සමිපතම පුතා,මුණුබුරු හෝ මිණිබිරියගේ නාමයට අදාළ ඉංග්‍රීසී අක්ෂර වල අංක වලින් සකස් කර තිබේන බවයි.ඇතැම් විට අදාල අංකයට අනුව ඇතැමුන්ගේ නාමය සකස් කල බවද ඇය තහවුරු කර තිබේ.

නැන්දම්මා-ලෙලී ගැලපෙන හැටි.

Uebert Angel රාජපක්ෂලාට සෙට් වෙන්නේ ලිමිනී හරහාය එනම් නාමල්ගේ බිරිඳ හරහාය. මහින්ද රාජපක්ෂ පස්ස උඩ තියන් බුදුන් වැන්දද ආර්‍යාව සිංහල බෞද්ධයන් සතයකට මායිම් නොකරන Born again නිකායේ එකියෙකි. ලිමිනීද Born again මෙන්ම Uebert Angel අදහන අයෙකි. ඒ නිසාම ශීරන්තිට සෙට්වුනම ලේලිය වන්නේ ලිමිනිය.ලිමිනී,නාමල් කසාද බඳින්නට පෙර සිටම ශිරන්තී සමග සමීප සබඳතාවයක් පැවැත්වු අතර එම කාලය තුල Uebert රාජපක්ෂ පවුලට සැහෙන්න තරමට සමීප වි තිබේ.

Uebert Angel රාජපක්ෂලාගේ හීත දිනාගන්නේ එක රැයකනි.ඒ 2019 ශ්‍රී ලංකා ජනාධිපති මැතිවරණය ගැන නිවැරදිව අනාවැකි කීම හරහාය. ඒ ජනාධිපතිවරණයට හරියටම සති දෙකක් පමණ ඉතිරිව තිබියදිය. Ubert තමන්ගේ ප්‍රසිද්ධ පච පතුරුවා හැරිමේ දේව මෙහෙයකදි රාජපක්ෂලා ගැන මතක් කරමින් කියා සිටියේ “there is bloodline too” යනුවෙනි.

එතැන් පටන් රාජපක්ෂලා සහ Uebert Angel අතර ගණුදෙනු ආරම්භ වු අතර මේ වනවිට රාජපක්ෂලාගේ මොනතරම් ධනස්කන්ධයක් සේප්පුවේ තැන්පත් කර ඇතිද යන්න අනාවරණය වි නෑ.කෙසේවෙතත් රාජපක්ෂ්ලාගේ උගන්ඩා ගණුදෙනු සම්බන්ධයෙන් සැක සංකා රැසක් මතුව ඇති අතර ඒ පිළිබඳව විවිධ විමර්ෂණ ජාත්‍යන්තර මට්ටමින් පෞද්ගලික ඔත්තුකරුවන් විසින් සිදුකරමින් සිටි.

 

කතාව තවම ඉවර නෑ

Top