Featured

VAT විරෝධයෙන් ආණ්ඩුව අනාත වේ – කඩ වහන්න තුණ්ඩු බෙදුවා කියා පොලිස් මර්දණයක්

රජය මගින් පනවන ලද වැට් බදු වහාම සං‍ශෝධනය කරන ලෙස රජයට බලකරමින් මාතර,අකුරැස්ස නගරය හා මාතර දිස්ත්‍රික්කය පුරාම උප නගරවල වෙළඳ සැල් විශාල ප්‍රමාණයක් වසා දමා විරෝධතාවයේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාව දැක්විම හමුවේ ආණ්ඩුව තක්කු මුක්කු වී සිටින අතර මෙම විරෝධතා ව්‍යාපාරය පැතිරි යැම වහාම වැලැක්විමට මර්දණය දියත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති කුජිත්ට පවරා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරනය කලා. කිසිම සද්ධයක් නොමැතිව එකවරම මේ අකාරයේ මෙහෙයුමක් දියත් කිරිමට හැකිවිම පිළිබඳව අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද මවිතය පලකර තිබේ.

ඒ අනුව රජය විසින් තාවකාලිකව පැනවූ වැට් බද්දට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා කඩ සාප්පු වැසීමට බලකර කඩසාප්පු හිමියන් වෙත තුන්ඩු බෙදූ පුද්ගලයින් පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ඊයේ (23) බාර දී ඇති අතර විවිධ බලකායන්ගේ නම් භාවිතා කරන පුද්ගල කණ්ඩායම් මේ පසුපස සිටින බවයි එම වාර්තාව හරහා අනාවරණය කර ඇත්තේ.

මිට අමතරව රාජ්‍ය බුද්ධි අංශය විසින් බාර දුන් මේ වාර්තාවේ මාතර සහ ගම්පහ ප්‍රදේශවල කඩසාප්පු වැසීමට බල කරමින් තුන්ඩු බෙදූ පුද්ගලයින්ගේ නම් ඡායාරූප සහ තොරතුරු සියල්ලම ඇතුළත් වන අතර තම වෙළඳ සැල්වසා දමා විරෝධතාවයට එක්වන ලෙස මාතර ප්‍රදේශයේ වෙළඳ සැල් හිමියන්ට අදාළ කණ්ඩායම් සමාජිකයන් තර්ජනය කළ බවද එම වාර්තා වලට ඇතුලත් කර ඇති අතර ඒ අනුව අසත්‍ය චොදනා ගොනු කරමින් කිහිප දෙනෙකු අත් ඩංගුවට ගැනිමට මේ වනවිට කටයුතු යොදවා ඇති බවයි අප වර්තාකරු අනාවරණය කළේ.

අදාල වාර්තාව පොලිස්පතිවරයාට බාරදි ඇති අතර කඩ සාප්පු වසන ලෙස තුන්ඩු බෙදූ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ඉක්මනින්ම ගන්නා ලෙසට නියෝග කර තිබේ.

Top