අමාත්‍ය වසන්ත සමරසිංහ හට අධි චෝදන ගොනු කිරිම දැනට තාවකාලිකව නතර කරන ලෙස නීතිපති කාර්‍යාලය නිලධාරින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයට උපදෙස් ලබාදිමේ සිද්ධියක් අද වාර්තා වුනා.
කොළඹ අප විශේෂ වාර්තාකරු සදහන් කලේ නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ගොනු කර ඇති බී වාර්තාවට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ හට අධි චෝදන ගොනුකිරිම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය හෙවත් Colombo Fraud Investigation Bureau ( C.F.I.B ) නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනිමට ගිය අවස්ථාවේ C.F.I.B නිළධාරීන් මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි.
චෝදනාව එල්ල වි තිබේන වසන්ත සමරසිංහ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු විම හේතුවෙන් අධි චෝදන ගොනු කිරිම දැනට සිදුනොකර සිටින ලෙසයි නීතිපති කාර්යාලයට ගිය C.F.I.B නිළධාරීන් හට දැනුම් දි ඇත්තේ.
නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උපසභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන පුද්ගලයින්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහ 206, 207 දරන බදු ඔප්පු මගින් බදු දීමට කටයුතු කිරිම ඇතුලු චෝදනා කිහිපයක්ම අමාත්‍යවරයාට එල්ල වි ඇති අතර පසුගිය (පෙබරවාරි 21) දින නඩුව කැදවු අවස්ථාවේද නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය හොරගල් අහුලමින් සිටි බව නොරහසකි.
අධිකරණයට ගොනුකර ඇති බී වාර්තාවට අනුව වසන්ත සමරසිංහ මහතා කොළඹ වංචා විමර්ෂණ කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත් වූ බව පවසා සිටියද කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලයම 2024 වර්ෂය දක්වාත් සිටින බවයි.
නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උප සභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන අයගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහා 206,207 දරණ බදු ඔප්පු මඟින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනීයන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්ව දුන්නා.
කොළඹ අප වාර්තාකරු සදහන් කලේ වත්මන් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය සහ දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලහොත් එය ආණ්ඩුවේ දුෂණ විරෝධී සටන් පාඨයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවයි. ඒ හේතුවෙන් පොලිසීය සහ නීතිපතිවරයා ඇතුලු කණ්ඩායම් වලට ආණ්ඩුවේ ඉහලම තැන්වලින් බලප ෑම් එල්ල වෙමින් තිබේන බවද ඔහු අනාවරණය කළා.