වත්මන් ජනාධිපතිවරයා ධුරයට පත්විමෙන් පසුව සිදුකරන ලද පළමු පත්විම වු බස්නාහිර පළාතේ ආණ්ඩුකාර, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන හනීෆ් යූසුෆ් ඉල්ලා අස්විමට තිරණය කර තිබේන බව් වාර්තා වේ.
හනීෆ් යූසුෆ් ජනාධිපති දිසානායක වෙත ඉල්ලා අස්වීම භාර දී ඇති බව ආණ්ඩුකාර කාර්යාලයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර සිටි.කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම තීරණය නැවත සලකා බලන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇති බවද වාර්තාවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉල්ලා ඇත්තේ අඩුම තරමින් 2025 සැප්තැම්බර් අවසානය දක්වා ධුරයේ රැඳී සිටින ලෙසයි.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි සම-නිර්මාතෘවරයා සහ වත්මන් විධායක අධ්‍යක්ෂක හනීෆ් යූසුෆ් මෙම තීරණාත්මක තනතුරට පත් කරනු ලැබුවේ ඔහුගේ ආයතනික අංශයේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාකීර්ණ හා ආර්ථික වශයෙන් වැදගත් පළාත තුළ සංවර්ධනය හා පරිපාලන කාර්යක්ෂමතාව වැඩි කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
පෞද්ගලික හේතු දක්වා සිය අස්විමේ ලිපිය යොමුකර තිබුනද ආණ්ඩුවේ කණ්ඩායම මත දෙකක් දැරිම සහ කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කල අනිවාර්ය පරීක්ෂාවට ලක්විය යුතු කන්ටේනර් බහාලුම් 323 අතර විශාල ප්‍රමාණයක් Expolanka Holdings PLC සමාගමට අයත් බව අනාවරණය විමත් එ සමගම ආණ්ඩුවේ එක් පාර්ශවයක් දිගින් දිගටම තමන් ඉලක්ක කර පහරදිම එම ඉවත් විමට හේතු සාධකයක් වි තිබේ.