Breaking
30 Jan 2025, Thu

බහාලුම් 323න් බහුතරයකට පාර කී මාලිමාව!

කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කල අනිවාර්ය පරීක්ෂාවට ලක්විය යුතු කන්ටේනර් බහාලුම් 323 අතර විශාල ප්‍රමාණයක් Expolanka Holdings PLC සමාගමට අයත් බව අනාවරණය වි තිබේ.එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි සම-නිර්මාතෘවරයා සහ වත්මන් විධායක අධ්‍යක්ෂවරයා වන්නේ  හනීෆ් යූසුෆ් හෙවත්  බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වේ.ඉතුරු බහාලුම් වලට සිද්ද වු දේ ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

පසුගිය ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපතිවරයාට මෙන්ම සමගි ජන බලවේගයේ  අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂට මෙන්ම මහා මැතිවරණයේදි කොළඹට තරග කල සියලුම පක්ෂ වල  මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යහමින් මුදල් වියදම් කලේ හනීෆ් බව දන්නෝ දනිති. ඒ නිසාම හනීෆ් බය නැතුව සිය බලය ආණ්ඩුවේ තවත් ප්‍රභලයෙකු හරහා ක්‍රියාත්මක කල අතර ඔහු සම්බන්ධයෙන් කිසිවෙකුත් හීන් කෙදිරියක්වත් නගනු නැති බව ඔහුට විශ්වාසය.ඒ තරමට ඔහු දේශපාලකයන්,ව්‍යාපාරිකයන් මෙන්ම මාධ්‍ය ආයතන පිටින් මිළටගෙන තිබේ.

කිසිම විශේෂ තදබදයක් හෝ වැඩ වර්ජන , ස්වභාවික විපතක් නොතිබුන සාමාන්‍ය විදියට වරායෙ එදිනෙදා කටයතු කරමින් ගිය වකවානුවක, කෘතීමව ක්ෂණික තදබදයක් නිර්මාණය කර අනිවාර්ය පරීක්ෂණයට භාජනය කල යුතු කන්ටේනර් 255ක් ඇතුලුව සම්පූර්ණ කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂණයකින් තොරව මෙවන් ආණ්ඩුවකින් නිදහස් කර ගැනිමට තරම් හනීෆ් යුසුෆ් දක්ෂයෙකු වි සිටි.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී 2024 මාර්තු මාසයේ නිවේදනය කර සිටියේ,

“හනීෆ් යූසුෆ් 2024 මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වන අතර විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරනු ඇත,” යනුවෙනි.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ධුරයට අමතරව, ජපන් ජාතික බොකුටෝ යමූචි සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයේ වගකිම දරයි.(Bokuto Yamauchi, Chairman/Group CEO)

Expolanka Holdings යටතේ ලංකාවේ විකිණීම සදහා යට ඇදුමේ සිට ඇදුම් සහ විවිධ කාන්තා රූපලාවණ්‍ය ද්‍යවය ලංකාවට ගෙන එන අතර එවා විවිධ ඇදුම් කඩවල Tag සමග විකිණිම මෙන්ම දෛනික අවශ්‍යතා සදහා අවශ්‍ය දෑද එම සමාගම හරහා ගෙන්වනු ලබයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ උන්ඩියල් ව්‍යාපාරයේද ඔහු නාමය දිදුළන නාමයකි. ලංකාවේ පොල් වැඩිම ප්‍රමාණයක් පිට රට යැවිම ඔහුගේ එක් ව්‍යාපාරයක් වන අතර එම අදායම ඩුබායි වලම නතර කිරිමට තරම් ඔහු දක්ෂයෙකි.ලංකාවේ පොල් අපනයනය කිව්වට ඔය පොල් අපනයනයෙන් රටට ලැබෙන දෙයක් නැහැ. සිදුවන්නේ එක දෙයක් පමණී ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට පොල් සම්බොලෙත් නැති විම පමණී.වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වනුයේ ‘එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් බවද නොරහසකි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සම්බන්ධයෙන් අලුත් පාර්ලිමේන්තුවේද ප්‍රශ්ණයක් නැගුනා. ඒ ගාලු මුවදොර සහ ඩුප්ලිකේෂන් පාරේ නත්තල් ආලෝක සංදර්ශන සඳහා අරමුදල් සැපයිම සම්බන්ධයෙනි.

අරමුදල් සැපයුවේ මන්දැයි විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

“නත්තලට ගාලු මුවදොර ආලෝකමත් කළ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඩ්‍රෝන සංදර්ශනයක් ද තිබුණා. ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මේවා සඳහා මුදල් ගෙවා තිබෙනවා. මෙම වැඩසටහන සඳහා ඔහු ගෙවිය යුත්තේ ඇයි? හනීෆ් යූසුෆ්ට රජයට යම් සංදර්ශන පෙන්වීමේ යම් අභිප්‍රායක් තිබිය යුතුයි. ආණ්ඩුකාරවරුන් අතීතයේ එවැනි දේවල් සඳහා වියදම් කළ බවක් අපි අසා නැහැ” ඔහු පැවසීය.

චෝදනාවට ප්‍රතිචාර දක්වමින් සභානායක බිමල් රත්නායක පසුව පැවසුවේ, නත්තල් සැරසිලි සහ උත්සව සඳහා මුදල් ගෙව්වේ කවුරුන්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි.

Expolanka Holdings වංගු ගහපු හැටි.

පසුගිය වසර පහ තුල සාවද්‍ය ඉන්වොයිස් කිරීම හරහා ඩොලර් බිලියන 56ක් වංචා කිරීම පිලිබද චෝදනාවක්ද  එක්ස්පෝ ලංකා ආයතනයට එල්ල වි තිබේ. ඒ කොවිඩ් සමයේ ඉපැයූ පිලිගත නොහැකි වූ ලාභ හේතුවෙනි.එම ආයතනය වසර දෙකක් තුල, එනම් 2019 වසරේ තිබූ රුපියල් මිලියන 1909 ලාභයේ සිට සිට 2021 වන විට මිලියන 72792 දක්වා ඉහල ගිය ලාභයක් වාර්තා කල අතර එය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයක අවධියේ වීම ප්‍රශ්නකාරී විය.

2019/20 මූල්‍ය වර්ෂයේ සිට 2021ජුනි මාසය දක්වා කාලය තුළදී එක්සපෝ ලංකා සමාගමේ කොටස් හිමිකරුවන් සංඛ්‍යාව 4,500 සිට 13,719ක් දක්වා ඉහළ ගිය අතර එය සම්පූර්ණයෙන් ඩබල් ඉන්වෙයිස් නැතිනම් සාවද්‍ය ඉන්වොයිස් කරනය හරහා සිදුවූ ආර්ථිකය සාවඥ ව හැසිරවූ තත්වයක අතුරු ඵලයක් බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ.

World Memon Organization (WMO)

හනීෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දිමත් සමග පලමු සුබ පැතුම එක් කර තිබුනේ ලෝක මෙමොන් සංවිධානයේ සභාපති අමීන් භයිලාය. ඔහු එහි සදහන් කර තිබුනේ

හනීෆ් යූසුෆ් මෙමොන් ප්‍රජාව තුළ ගෞරවනීය නායකයෙකු බවත් ලෝක මෙමොන් සංවිධානයේ (WMO) කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස, ඔහු පුණ්‍ය කටයුතු සහ ප්‍රජා සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර, ගෝලීය වශයෙන් වර්ධනය සහ එකමුතුකම පෝෂණය කරන බවයි.අඛණ්ඩ සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ නායකත්වය බටහිර පළාතට ප්‍රගතිය සහ සමෘද්ධිය ගෙන එනු ඇතැයි ඔවුන් ඒ හරහා විශ්වාසද පලකර සිටි.

කවුද මේ මෙමන්වරු!!!!
මේමන් යනු ඉන්දියාවේ ගුජරාට් සහ පකිස්ථානයේ සින්ද් හි මුස්ලිම් ප්‍රජාවක් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් සුන්නි ඉස්ලාමය අනුගමනය කරයි.
මෙමන්වරු ඉන්දියාවේ සින්ද් ප්රදේශය (වත්මන් පාකිස්ථානය) නිජබිම කරගත් සුන්නි මුස්ලිම් ප්රජාවට අයත් ජනකොට්ඨාශයක්. වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට පැමිණි විවිධ ජාතීන් අතර මෙමන්වරුද සිටියා. මෙරටට ප්රථමයෙන් පැමිණි මෙමන් ජාතිකයා ලෙස සැලකෙන්නේ 1870 දී පමණ මෙහි පැමිණි අබ්දුල් රහ්මන් නැමැත්තෙක්. මන්නා සාත් නමින් හැඳින්වුණු ඔහු යාපනය ප්රදේශයේ පාපැදියකින් රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණා. පසුව පිටකොටුවේ ව්යාපාරයක් ඇරඹු ඔහු ලංකාවේ පදිංචි වුණා. 1946 ජන සංගණනය අනුව මෙරට සිටියේ මෙනන් ජාතිකයන් 180 දෙනෙක් පමණයි. 1947 ඉන්දියාව දෙකඩ වීමත් සමඟ බහුතරයක් මෙනන්වරු පාකිස්ථානය බලා ගිය අතර සුළු පිරිසක් ශ්රී ලංකාවට පැමිණියා. මෙහි ව්යාපාරවල නිරතව සිටි ඥාතීන් නිසා හෝ විවාහය නිසා බොහෝ පිරිසක් ශ්රී ලංකාවේම පදිංචි වුණා. 1981 ජන සංගණනය අනුව මෙනන්වරු 3000ක් පමණ මෙරට වාසය කළ අතර වැඩි පිරිසක් ජීවත් වූයේ අගනුවර ආසන්නයේ. පසු කාලීනව උසස් අධ්යාපනයට යෙමු වූ ඔවුන් කර්මාන්ත, වෛද්ය, නීති, වැනි වෘත්තීන්හි නියැලුණා. ඔවුන්ගේ බස මෙමානි. එය උර්දු හා හින්දි බසද මිශ්ර සින්දි උප භාෂාවක්.

පුණ්‍ය කටයුතු වෙනුවෙන් යැයි පවත්වාගෙන යන ලෝක මෙමොන් සංවිධානයේ ප්‍රධාන කාර්‍යාලය ඩුබායි හි පිහිටුවාගෙන ඇති අතර එක්සත් රාජධානියේ ද  WMO ලියාපදිංචි කාර්යාලය පිහිටා ඇති අතර එය  ලෙස්ටර් සිට සැතපුම් 100 ක් පමණ දකුණින් පිහිටුවා තිබේ.

කතාව අවසන් නැත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *