විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. ගෝලීය ආයෝජන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් හනීෆ් යූසුෆ් සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක් වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගනිමින් රජයේ ආර්ථික පුනර්ජීවනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුට ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදු කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.හනීෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට අමතරව ගරු සේවයක් ලෙස මෙම ධුරයේ කටයුතු කරන බවද ඔහු සදහන් කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර ආයෝජකයින් සහ උපාය මාර්ගික හවුල්කරුවන් සමඟ ඉහළ මට්ටමේ සංවාදයකට පහසුකම් සැලසීම, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම සහ විදේශ සෘජු ආයෝජන (FDI) මෙරටට කැඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම, ප්‍රමුඛ ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඒවා වර්ධනය කර ඉදිරියට ගෙන යාම සඳහා සහාය වීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), වරාය නගර කොමිසම සහ අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම ඔහු වෙත පැවරී ඇති වගකීම් වේ.
රට තුළ තිරසාර විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීමටත්, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමටත්, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මේ තුළින් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති කාර්යාලය කියයි.
World Memon Organization (WMO) ලෝක මෙමොන් සංවිධානයේ මේ වසරේ AGM එක ලබන 6 වැනිදාට එනම් නොවැම්බර්6 වෙනිදාට යෙදි තිබියදි මෙම නව තනතුර හනීෆ් යූසුෆ් හට ලබාදිම පුදුමයට කරුණක් ද යන්න දැන ගැනිමට 9 වැනිදා වනතුරු සිටිමට සිදුවනු ඇත.
World Memon Organization (WMO)
හනීෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දිමත් සමග පලමු සුබ පැතුම එක් කර තිබුනේ ලෝක මෙමොන් සංවිධානයේ සභාපති අමීන් භයිලාය. ඔහු එහි සදහන් කර තිබුනේ
හනීෆ් යූසුෆ් මෙමොන් ප්‍රජාව තුළ ගෞරවනීය නායකයෙකු බවත් ලෝක මෙමොන් සංවිධානයේ (WMO) කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස, ඔහු පුණ්‍ය කටයුතු සහ ප්‍රජා සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර, ගෝලීය වශයෙන් වර්ධනය සහ එකමුතුකම පෝෂණය කරන බවයි.අඛණ්ඩ සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ නායකත්වය බස්නාහිර පළාතට ප්‍රගතිය සහ සමෘද්ධිය ගෙන එනු ඇතැයි ඔවුන් ඒ හරහා විශ්වාසද පලකර සිටින බවයි.හනීෆ් යූසුෆ් මේ දක්වා මෙම සංවිධානයේ කිර්තීමත් සමාජිකයෙකු පමණක් වන අතර එය බොහොවිට ඉදිරි සති කිහිපයේදි වෙනස් විමට පුලුවන.
කවුද මේ මෙමන්වරු!!!!
මේමන් යනු ඉන්දියාවේ ගුජරාට් සහ පකිස්ථානයේ සින්ද් හි මුස්ලිම් ප්‍රජාවක් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් සුන්නි ඉස්ලාමය අනුගමනය කරයි.
මෙමන්වරු ඉන්දියාවේ සින්ද් ප්‍රදේශය (වත්මන් පාකිස්ථානය) නිජබිම කරගත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් ජනකොට්ඨාශයක්. වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට පැමිණි විවිධ ජාතීන් අතර මෙමන්වරුද සිටියා. මෙරටට ප්‍රථමයෙන් පැමිණි මෙමන් ජාතිකයා ලෙස සැලකෙන්නේ 1870 දී පමණ මෙහි පැමිණි අබ්දුල් රහ්මන් නැමැත්තෙක්. මන්නා සාත් නමින් හැඳින්වුණු ඔහු යාපනය ප්‍රදේශයේ පාපැදියකින් රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණා. පසුව පිටකොටුවේ ව්‍යාපාරයක් ඇරඹු ඔහු ලංකාවේ පදිංචි වුණා. 1946 ජන සංගණනය අනුව මෙරට සිටියේ මෙනන් ජාතිකයන් 180 දෙනෙක් පමණයි. 1947 ඉන්දියාව දෙකඩ වීමත් සමඟ බහුතරයක් මෙනන්වරු පාකිස්ථානය බලා ගිය අතර සුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහි ව්‍යාපාරවල නිරතව සිටි ඥාතීන් නිසා හෝ විවාහය නිසා බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේම පදිංචි වුණා. 1981 ජන සංගණනය අනුව මෙනන්වරු 3000ක් පමණ මෙරට වාසය කළ අතර වැඩි පිරිසක් ජීවත් වූයේ අගනුවර ආසන්නයේ. පසු කාලීනව උසස් අධ්‍යාපනයට යෙමු වූ ඔවුන් කර්මාන්ත, වෛද්‍ය, නීති, වැනි වෘත්තීන්හි නියැලුණා. ඔවුන්ගේ බස මෙමානි. එය උර්දු හා හින්දි බසද මිශ්‍ර සින්දි උප භාෂාවක්.
පුණ්‍ය කටයුතු වෙනුවෙන් යැයි පවත්වාගෙන යන ලෝක මෙමොන් සංවිධානයේ ප්‍රධාන කාර්‍යාලය ඩුබායි හි පිහිටුවාගෙන ඇති අතර එක්සත් රාජධානියේ ද WMO ලියාපදිංචි කාර්යාලය පිහිටා ඇති අතර එය ලෙස්ටර් සිට සැතපුම් 100 ක් පමණ දකුණින් පිහිටුවා තිබේ.
ඔහුන්ගේ සාමාජිකයේකුගේ අදහස් දැක්විම අනුව මේ වනවිට මෙමන්වරු ලක්ෂයක් පමණ ශ්‍රි ලංකාව තුල ජිවත් වන අතර ඔහුන් මුස්ලිම් ජාතිකයන්ගෙන් වෙන්කර හදුනා ගැනිමට ඇති එකම ලක්ෂණය ඔහුන්ගේ භාෂාව හැසිරවිම පමණි.
මෙමන්වරු තමන්ට රටක් සොයමින් වසර ගණනාවක් අරගල කල පිරිසක් වන අතර ඔහුන් ඒ සදහා යොදාගන්නා බලවත්ම ආයුධය වන්නේ ආගම සහ ව්‍යාපාර බව නොරහසකි. 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන හමුවු මෙමන්වරු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කල අතර පසුව ඔහුන්ගේ The Memon නැමැති සගරාවේ 2020 දෙසැම්බර් කලාපයේ එය වාර්තාකර තිබුනේ ශ්‍රී ලංකා මේමන් ප්‍රජාව තුළ කිසිදු දරුවෙකුට අධ්‍යාපනය අහිමි නොවන බව සහතික කිරීම සඳහා WMO වෙත ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බවයි.
ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි දරුස්සලාම් මහා විද්‍යාලයේ නව විද්‍යාල අංශයක් ඉදිකිරීම ආරම්භ කිරීමෙන්, දහස් ගණනක් දරුවන්ට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කරන සහ උගත් හදවතක සහ මනසක උරුමයක් ස්ථාපිත කරන වැදගත් අධ්‍යාපන ආයතනයක මුල්ගල ඔවුන් තබා ඇති බවත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සහ ඉන් පසුව ඇති වූ කැරලි කෝලාහල වලදී නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ සිය ගණනක් පුනරුත්ථාපනය කිරීම එහි අරමුණ බවත් නොකියා සදහන් කර තිබේ.
ප්‍රහාරයත් සමග පැතිර යන මැර ප්‍රහාර මුස්ලිම් ප්‍රජාව බිහිසුණු ප්‍රචණ්ඩත්වයේ සුළි කුණාටුවකට තල්ලු කළ බවත් කෝලාහල අතරතුර අනුකම්පා විරහිතව ගිනිබත් කරන ලද සාප්පු සහ ගබඩා වාර්තාගත කාලයකින් නැවත ගොඩනඟා, ජීවනෝපායට ඉක්මනින් නැවත පැමිණීම එම ආධාරය ලබාදිමේ අරමුණ බවද එහි සදහන් කර තිබේ.
කතාව අවසන් නැත….
 
                

