All

පාස්කු ඝාතනයේ මහ මොළකරුවන් බේරන්න දගලන දිවයින! ඝාතකයන්ට සහයදුන් X21!

“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිවෙයි” යනුවෙන් රාජපක්ෂලාගේ ජාතිවාදී පුවත්පත වන දිවයින පුවත් පතේ අසත්‍ය තොරතුරු රැසක් පලකීරිම හරහා පාස්කු ඝාතනයේ නතරවි තිබේන පරික්ෂණ වෙනතක යොමුකිරිම සදහා මෙහෙයුමක් දියත් කරමින් සිටින බව අප ආරක්ෂක වාර්තාකරු අනාවරණය කළා.

රාජපක්ෂලාගේ සුවච කීකරු සුනඛ පොත්කයෙකු වන කීර්ති වර්ණකුලසූරිය විසින් මෙම පුවත පලකර තිබේන අතර ඒ සදහා ඔහුන් පසුගියදා ඉන්දීයාවේ කොයිම්බතූර් හී සිදුවු කාර් පිපිරීමට අදාළ සිදුවිම භාවිතා කර තිබේ.

දිවයින පුවත් පත පලකල පුවත

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු තමිල්නාඩුවේ කොයිම්බතූර්හි අයිසිස් ඒජන්ත මොහමඩ් අසරුදීන් බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව වසර තුනකට පසු සොයාගෙන ඇත. මේ බව හින්දු පුවත්පත හෙළිකර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු අසරුදීන් ඊට සමානව කොයිම්බතූර් ප්‍රහාරය සැලසුම් කර තිබුණි.

එහෙත් ඊට පෙර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. කොයිම්බතූර් ප්‍රහාරය ගැන අත්අඩංගුවට ගත් අයිසිස් ක්‍රියාකාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙතෙක් යටපත්වී තිබූ පාස්කු ප්‍රහාරයේ මොළකරු හෙළිවී තිබේ.

කොයිම්බතූර් ප්‍රහාරයේදී මියගිය ජමින් මුබින් සහරාන් හෂීම් සහ අසරුදීන් අයිසිස් සංවිධානය සමග දැඩිලෙස සබඳකම් පැවැත් වූවන් බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව තවදුරටත් සොයාගෙන ඇත.

උපුටා ගැන්ම අවසන්.

දීපවාලී දිනයට දිනකට පෙර, 2022 ඔක්තෝම්බර් 23 වැනි දින අලුයම 4 ට පමණ සංගමේශ්වරර් කෝවිල ඉදිරිපිට සිදුවූ මෝටර් රථ පිපිරීම සිදුවු අතර එහි සිදුකරන විමර්ශණ වලට අනුව විවිධ මාධ්‍ය කරන අනාවරණයන් උපුටා දක්වමින් මෙම අතේ පැලවෙන පුවත දිවයින පලකර තිබේ.

ඉන්දිය කොයිම්බතූර් සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ෂණ සිදුකෙරෙමින් පවති. ඉන්දීය රහස් ඔත්තු සේවා උපුටා දක්වමින් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ ඉන්දීය මැතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන වාසී ගැනිම සදහා ක්‍රියාත්මක වන කුඩා කල්ලියක් මෙම පිපිරවිම පසුපස සිටින බවයි. ශ්‍රි ලංකාවේ මෙන්ම රැඩිකල්වාදී ISIS කණ්ඩායමක් ඔහුන් විවිධ ආගමික ස්ථාන ඉලක්ක කර පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාර එල්ල කිරිමට සැලසුම් කර ඇති බවටද අනාවරණය වි තිබේ.

ඉන්දීය NIA පිපිරුම සම්බන්ධයෙන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත-උක්කඩම්හි මොහොමඩ් තල්කා (25), මොහොමඩ් අසරුදීන් (25); කොයිම්බතූර් හි ජීඑම් නගර්හි මොහොමඩ් රියාස් (27), ෆෙරෝස් ඉස්මයිල් (27) සහ මොහොමඩ් නවාස් ඉස්මයිල් (27) වේ.

LPG ගෑස් සිලින්ඩර දෙකක් භාවිතා කර අටවන ලද බෝම්බයක් භාවිතාකරමින් මෝටර් රථයක් පුපුරා හැරිමට කටයුතු කර තිබේන අතර එම පිපිරීමෙන් මියගිය පුද්ගලයා 29 හැවිරිදි ජමීෂා මුබින් ලෙස හඳුනාගෙන තිබේ.

පසුව මුබින්ගේ නිවස සෝදිසි කිරීමේදී, පරීක්ෂකයන් විසින් පොටෑසියම් නයිට්රේට්, ඇලුමිනියම් කුඩු, සල්ෆර් සහ අඟුරු කිලෝග්‍රෑම් 75 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

මුබින්ගේ නිවස අසල තිබු CCTV දර්ශන අනුව පස්දෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර CCTV දර්ශනවල පෙනෙන පරිදි ඔවුන් මුබින්ගේ නිවසේ සිට තුවක්කු බෑගයක් මෝටර් රථයට රැගෙන යමින් සිටින බව පැහැදිලිව තිබේ. දිවයින අතේ රෝල හැදෙන්නේ එතැන් සිටය.අදාල බෑගයේ රැගෙන ගොස් තිබේන පුපුරණ ද්‍රව්‍ය සහරාන් හසීම් 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයට යොදාගත් ද්‍රව්‍යවලට සමාන විමය. ඒ අනුව දිවයින කීර්තී සහ රාජපක්ෂලාගේ ගැලවිම වෙනුවෙන් එම සිද්ධිය භාවිතා කිරිමට මෙහෙයුමක් දියත් කර තිබේ.

සහරාන් හසීම් 2019 දි භාවිතාකල පුපුරණ ද්‍රවය සහ මුබින්ගේ කණ්ඩායම භාවිතාකල පුපුරන ද්‍රවය සමාන විම අමුතු සිදුවිමක් නොව මන්ද ඔහුන් සියල්ලන්ම ISIS සමග සමීපව ගණුදෙනු කරන නිසාය. තවද තවුහීත් ජමාත් (TNTJ) විසින් පවත්වාගෙන යනු ලබන කොයිම්බතූර් හි මුස්ලිම් පල්ලියක බයාන් පන්තිවලට මුබින් සහභාගි වු බවට වන බව සොයා ගැනීමෙන් පසුව NIA කල විමර්ශනයකට අනුව මෙම පන්ති IS නඩුවකට සම්බන්ධ බවට කේරළයේ බන්ධනාගාරයක සිටින මොහොමඩ් අසාරුදීන් සමඟ සමීපව සම්බන්ධ තහවුරු වි තිබේ. මුබින් අසාරුදීන්ගේ සගයෙකු බවත්, හිටපු පුද්ගලයා අත්අඩංගුවට ගත් පස් දෙනාගෙන් එක් අයෙකු සමඟ සිරගෙදරට ගිය බවත් ආරංචි මාර්ග පවසයි. ඒ සියල්ල අතරේ අසාරුදීන් නැමත්තා ශ්‍රී ලංකා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ ෆේස්බුක් මිතුරෙක් බවටද එවකට අනාවරණය වි තිබේ.

IS මතවාද දරණ කණ්ඩායම් එකට එක්ව වැඩකිරිම අමුතුවෙන් පරික්ෂණ කර සොයාගත යුතු කරුණක් නොවේ.ප්‍රශ්ණය වි ඇත්තේ මේ IS කුඩා කණ්ඩායම් සදහා මුදල් ලබාදි අවශ්‍ය පරිදි මෙහෙයවනු ලබන්නේ කවුරුන්ද යන්නය. උදාහරණයක් ලෙස 2019 වසරේ අප්‍රියෙල්21 වැනි දින එල්ල කල ප්‍රහාරය ගත හැක.එය ලංකාවට එල්ල වු අන්තවාදී, මෙන්ම මුදල් ගෙවා සිදුකරන ලද ප්‍රහාරයක් බවත් මේ වනවිට අනාවරණය වි හමාරය.

සහරාන් භාවිතා කළ පුපුරණ ද්‍රව්‍ය!

සහරාන් ඇතුළු කණ්ඩායම 21 ප්‍රහාරය සදහා භාවිතා කර තිබුනේ ISIS (TATP) tri-cyclic acetone peroxide නමැති පුපුරණ ද්‍රව්‍ය වේ. ඊට අමතරව කොළඹ පිටකොටුවේ දී අත්අඩංගුවට ගත් ඩේටනේටර් සියල්ලම සිරියාවේ ත්‍රස්තවාදින් භාවිතා කරන ලද ඒවාය.

දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව සහරාන් ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධීකරණකොට ඇත්තේ උදයංග වීරතුංග වන අතර තවත් ප්‍රධානතම සැකකටයුතු තත්ත්වයක් වන්නේ මෙම සුවිශේෂී පුපුරණ ද්‍රව්‍ය Hydrogen peroxide වලින් යුතු වන අතර මෙම රසායනය අධිශීතකරණ එක තැන්පත් කළ යුතුයි මෙහිදී ඇවන්ගාඩ් සමාගම ලංකාවේ ප්‍රධානතම සපයන්නා බව තහවුරු වනු ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න නීතිය හමුවේ තවමත් අනාවරණය වි නැත. එය සිදුවන්නේද නැත.මන්ද මේ වනවිට රටේ ජනාධිපති වි සිටින්නේ එදා පාස්කු ප්‍රහාරය එල්ල වනවිට රටේ ජනතාවගේ ජිවිත සමග සෙල්ලම් කල රනිල් ය. දැන් රනිල්- රාජපක්ෂලාට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ පාස්කු ඝාතනයෙන් අත් සෝදා ගැනිමටය. ඒ වෙනුවෙන් කොහේ හෝ යන එකෙක් මහමොළකරු බව පෙන්වා ජනතාව ගොනාට ඇන්දවිමේ මෙහෙයුමක රනිල්- රාජපක්ෂලා සිටින බව නොරහසකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු විමර්ශනයක් ක්‍රියාත්මක නොවන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඊට අමතරව පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සහරාන්ට සහය දුන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ තවමත් එම තනතුරේ රැදී සිටින්නේ අදාළ විමර්ශන අඩපණ කිරිමේ කුමන්ත්‍රණය මෙහෙයවිම සදහාය.

එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් අතර සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයෙකු වූ, මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන ලද බව නොරහසකී.

ප්‍රහාරයේ වැදගත්ම සාක්ෂීය අප සතුව තිබේ.

පාස්කු ප්‍රහාරයේ සාක්ෂී රැසක්ම් මේ වනවිට නීතිය හමුවේ බොරුකර අවසන් කර තිබේ.දැන් රනිල්-රාජපක්ෂලාට අවශ්‍යව ඇත්තේ කවුරුන් පිට පාස්කු ප්‍රහාරයේ වගකිම පවරා ශුද්ධවන්තයන් විමටය. පාස්කු ප්‍රහාරයේ වැදගත්ම සාක්ෂී දෙකක් ඉතුරුව තිබේ.එනම් TAJ හෝටලයේ ප්‍රහාරය සදහා ගිය ජමිල් නැමත්තා එම ප්‍රහාරය සිදුනොකර දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ ඇති උත්සව ශාලාවක් සහ කාමර කුලියට දෙන ස්ථානයක් වන ට්‍රොපිකල් ඉන් නැමැති ස්ථානයෙ නතර විමත් සමග ඔහු සොයා ඔහුගේ ගෙදරට ගිය බුද්ධි අංශ නිළධාරියා කවුරුන්ද යන්න අප දනී.ඒ සදහා ඉතාම සාධාරණ සාක්ෂීයක්ද තිබේ.

දෙවැනි කරුණ නම් ප්‍රහාරය එල්ල වි පැය 48ක් යන්නට මත්තෙන් අදාළ ප්‍රහාරය එල්ල කළේ ISIS සංවිධානය බවට වහාම ජාත්‍යන්තරව ප්‍රකාශයක් සිදුකරන ලෙසට පොඩි සහරාන් නැමැත්තාට කතා කරමින් තර්ජනය කල බුද්ධී අංශ නිළධාරියා කවුද? ඔබ දන්නවාද මේ ප්‍රධාන කරුණු දෙකටම සම්බන්ධව ඇත්තේ එකම නිළධාරියෙකු බව.ඔහු කලක් බුද්ධි අංශයේ කටයුතු කල රාජපක්ෂලාගේ සුවච කීකරු සුනඛයෙකු වන අතර මේ අනාවරණයන්ට අදාළ සාක්ෂීද තිබේ. අද සිට අප හුව හදුන්වන්නේ X21 ලෙසයි.

මේ කරුණු දෙකටම අදාළ සාක්ෂී සලේ විසින් මේ වනවිට විනාශ කර දමා අවසන් කර තිබේ. අප කල අනාවරණයට අදාළව සාක්ෂී අප සතුව තිබුනද රනිල්-රාජපක්ෂ පාලනයක් යටතේ එවා අනාවරණය කලහොත් ඒ සියල්ලද බොරු කිරිමට ඔහුන් කටයුතු කරනු ඇත.එමනිසා ජනතා අධිකරණයක් බිහිවුදාට එම අධිකරණය හමුවේ සියලු සාක්ෂී අනාවරණය කරනු ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අප සිදුකල සියලුම අනාවරණයන් පහතින් කියවිමට ඔබට හැක.

https://lankanewsnetwork.org/?s=%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
Top