Breaking
24 Feb 2025, Mon

YES..No .. ලංකාවේ නීතිඥයන් ඉංග්‍රීසි දන්නේ නැද්ද

බෞද්ධාලෝක මාවතේ පිහිටි ඉඩමක් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය බලය යොදාගෙන කොල්ල කා ඇති බවට චෝදනා කරමින් පසුගියදා “දූෂණ විරෝධී හඬ” සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ හා නීතිඥ සුනිල් වටගල රුසියන් තානාපති කර්යාලයට අයත් ඉඩමක් වැටලීමෙන් පසුව පට්ට නොන්ඩියට ලක්වු බව LNW වාර්තාකරු සදහන් කරයි.

මෛත්‍රීපාලනයේ දුෂිතයන් ඇල්ලිමට දුන් ලයිසන් එකෙන් (දැන්නම් කල් ඉකුත්වි ඇත )උද්දාමයට පත් වූ “දූෂණ විරෝධී හඬ” නැමැති කඩා පනින “අතුරු පොලීසිය” එම ඉඩමට ගිය අතර  එම ස්ථානයට වහාම පැමිණි රුසියන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ එය රුසියන් තානාපති කර්යාලයට අයත් ඉඩමක් බවයි. එම ඉඩමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසි සම්බන්ධ නැති බව එම තානාපති නිලධාරී පෙන්වා දි තිබේ.

නොන්ඩියට ලක්වු කරුණනම් වෙන එකකි විශාල හඬක් නගාගෙන එම ඉඩමට කඩා පැන්න ජවිපෙ වසන්ත සමරසිංහගෙන්  රුසියන් තානාපති කාර්‍යාලයේ රුසියානු නියෝජිතයා ඉංග්‍රිසි භාෂාවෙන් විමසා ඇත්තේ ඇයි ඔබ කැගහන්නේ ඇයිදැයි යනුවෙනි…එයට  පිලිතුරු දිමට නොහැකි වු සමරසිංහ හිමිට සුනිල් වටගල ඉස්සරහට දමා තිබේ.නමුත් වටගලගේ ඉංග්‍රීසි දැනුමේ තරම සමරසිංහ දැන ගත්තේ එදාය….YES..No ..yes I understanding… වැනි වචන හැරෙන්නට වෙන කිසිවක් කියා ගත නොහැකි වි තිබේ. පසුව  රුසියන් තානාපති නිලධාරීයෙකු පැමිණ  රුසියානු නියෝජිතයාට ඉංග්‍රිසි භාෂාවේන් සියල්ල පැහැදිලි කර දි තිබේ.

පසුව  රුසියානු නියෝජිතයා ලංකාවේ  නීතිඥයන් ඉංග්‍රීසි දන්නේ නැද්ද යනුවෙන්  අර නිලධාරියාගෙන් අසා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.