Breaking
27 Jan 2025, Mon

ආණ්ඩුවේ කෙදිරිල්ල,යෝෂිත සහ නිමල්!

රත්මලාන ප්‍රදේශයේ  ඉඩමක් සහ නිවෙසක් 3,40,00000  මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ  ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී  නියෝග කර සිටියා. වත්මන් ජනාධිපතිවරයාගේ හෝමාගම සුහද කතාවට සමගාමිව එම අත් අඩංගුවට ගත් බව බොහෝදෙනාගේ මතය වි තිබේ.ඒ කතාවට අත්තටු ලැබෙන්නටම ආසන්න හේතු ද ඔනෑතරම් තිබේ.

ඉන් පලමු වැන්න වන්නේ සේනසුරාදා අත් අඩංගුවට ගැනිමය, අද අත්අඩංගුවට ගත් යෝෂීත ලබන 27 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එදින විමර්ෂණවල ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කල අතර ඒ අනුව දින දෙකකට හොරෙකු අල්ලාගෙන ගොස් කුඩුවේ දැම්මා යනුවෙන් කෙදිරිගැම පොඩි සතුටක් ආණ්ඩුවේ කලකිරි සිටින අයට ලැබි තිබේ.

දෙවැන්න යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ හැසිරිමය. 2015 දි බලයට පත් යහපාලන සමයේද යෝෂිත අත් අඩංගුවට පත්වු අතර එම අවස්ථාව සහ සංසදනය කිරිමේදි මේ නාටකය ජනතාව මත පමණක් නොව ආණ්ඩුවේ පාක්ෂිකයින් අතර පවා අසාර්ථක නාටකයක් බවට පත්විය.ඊට ආසන්නතම හේතුව වුයේ වත්මන් පාලනය නිර්මාණය කිරිම සදහා රාජපක්ෂලාට මෙන්ම පාදඩ දේශපාලකයන්ට එලව එලවා පහරදුන් මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරින් යෝෂිත බේබිට මාංචු නොදමා රැගෙන යාම පිලිබදව ප්‍රශ්ණ කර සිටියේ අතීතයේ යුක්තිය ඉල්ලා සටන් කල මිනිස්සුට නීතිය සැලකු අයුරුද මතක් කරමිය.

යෝෂිතට මාංචු දාන්න එපා කියල පොලිස් ඇමති ආනන්ද විජේපාල CID ට නියෝග දෙන්නෙ , එතකොට එයාගෙ අත්දෙක රිදෙන නිසාද ? අනේ…අහෝ විජේපාල.. – පොද්දල ජයන්ත Facebook සටහන

අත් අඩංගුවට පත්ව පැය කිහිපයක් යන්නට මත්තෙන් සමාජ ක්‍රියාකාරින් සිදුකල අනාවරණයන් හරහා එම අත් අඩංගුවට ගැනිම දේශපාලන බලපෑම් මත සිදුවු ආණ්ඩුවේ පාක්ෂිකයින් අමන්දානන්දයට පත්කිරිමේ මෙහෙයුමක් බව සමාජගත විය.කෙසේවෙතත් ආණ්ඩුවේ රෙදි සොදන ඩොබිලා දැන් පොද්දල ඇතුලු සමාජ ක්‍රියාකාරින්ට පහරදිම ආරම්භ කර තිබේ. ඔහුන් මොඩයන් මෙන් විමසන්නේ එවැනි නියෝගයක් දුන්නේ නම් එය ඔප්පු කරන ලෙසයි. රාජපක්ෂලා සල්ලි පැටවු ප්ලෙන් එකක් උගන්ඩාවට යැවු බව කියු විට විශ්වාස කරන්නට ලිඛිත ලේඛන ඉල්ලා නොසිටි ජනතාව එය ඉල්ලිම ගැනද පුදුම විය යුතු නැත.අනිත් අතට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල සහ ටිරාන් අලස් යනු දෙදෙනෙකු නොව එක් අයෙකු බව ජනතාව තෙරුම් ගන්නා දිනය තව දින 100කට නොවැඩි විය නොහැක.

හොරු අල්ලන්න ආ ආණ්ඩු දෙකක්ම අකුණු ගහන අවස්ථාවලදි මිදුලට දැමු අලවංගු මෙන් යෝෂිත සහ ඥානසාර අල්ල හිරේ දැමිම පුරුද්දට ගොස් තිබේ

ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි.දූෂණ විරෝධී කමිටුව සමාජිකයන් 22ක් සහිත වූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහය.ආනන්ද විජේපාල දූෂණ විරෝධී කමිටුවේ තනතුර වෙනුවෙන් වසර තුනක කාලයක් දැරු අතර පසුව  ඔහු යහපාලන රජය විසින් හානිපූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබිණි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයකු වන ආනන්ද විජේපාල පසුගියදා මාලිමාව ලකුණින් ගල්ගමුව ප්‍රාදේශීය සභාවට තරකලෙ කණ්ඩායම් නායකයා ලෙසය.

තුන්වැන්න ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් අරුණ ජයසේකර සිදුකල ප්‍රකාශය.එය වත්මන් අණ්ඩුවේ සියලුම රෙදි ගලවා දැමිමට සමත්විය.යෝෂිත අත් අඩංගුවට ගන්නා විට නී.ඇමති සිටියේ අදිටන උත්සවයක් අමතමින් ය.

යෝෂිත ගන්න බව මම ඊයේ රෑ දන්නවා… අපට කරන්න බැරි වුණත් ආයේ මේක දෙන්නේ නෑ…! –

යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගන්නා බව තමන් ඊයේ රාත්‍රී වන විටත් දන්නා බවය.එම ප්‍රකාශය අනුව නීතිය  ක්‍රියාත්මක කරන අකාරය ගැන ජනතාව තුල වර්ධණය වෙමින් තිබු කුකුස තහවුරු වු බව පැහැදිලිය.අනෙක් අතට ඒ වරද්දා ගැනිම නිවරදි කර ගැනිමට තිබු හද්දිය නිසාම අභ්‍යන්තර අර්බුදය එලිය ආවේ ඔහුටද නොදැනීමය එනම්….

“අපි දැන් ඉදිරියට යා යුතුයි. අතාරින්න එපා. රටට වින කළ ඔක්කෝම එවුන් යවලා අපි මේ බලය ගත්තේ ආයේ දෙන්නද? අපට මාස හයකින් මේක කරන්න බැරි වුණා කියමු. ඒත් අපි දෙන්නද?මේක ආයේ දෙන්නේ නැහැ පුතේ. මේක හදලමයි යන්නේ. බලය ගන්න දරපු වෙර මෙන් දහ පහලොස් ගුණයක වෙර දරන්න වෙනවා, බලය පවත්ව ගන්න. තියා ගන්න. මේක අතහරින්න බෑ.”

යනුවෙන් හීන් කෙදිරිල්ලද සහිතව විම සමගය.

ආණ්ඩුවට සෙට්වුන අලුත්ම බුවා!

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට සාක්ෂී දිමට දැන් හොද බුවෙක් සෙට් වි සිටි. නමින් ඔහු නිමල් පෙරේරාය. කුප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා දුෂණ කිහිපයකටම අධිකරණයේ නම සදහන්වන නාමල් රාජපක්ෂ මෙන්ම අජිත් නිවාර් කබ්රාල් සමග ලගින් ගනුදෙනු කල රාජපක්ෂ පවුලේ ලගම හිතවතෙකු බව නොරහසකි.

ඒම කාලයේදිම වත්මන් ආණ්ඩුවේ දැන් ඇමතිවරුන් වි සිටින කිහිප දෙනෙකු සමගද විවිධ ගණුදෙනු තිබුන අතර නිමල්ගේ නම නාමල් සමග බැදි එලියට ආවේ ක්‍රිෂ් ගනුදෙනුව හරහාය.නිමල්ට එරෙහිව දිගටම සටන් කලේ ජනතා විමුක්ති පෙරමුන වන අතර දැන් නිමල් සිටින්නේ ආණ්ඩුවට අවශ්‍ය සාක්ෂී දෙන අය අතරෙය.එය පසුගිය සති කිහිපය තුල ඔහු ගණුදෙනු කල පුද්ගලයන් සහ ගණුදෙනු කල දෑ සම්බන්ධයෙන් සොයාගත් තොරතුරු සමග තහවුරු වේ. 2015 වසරේ සිදුවු ආණ්ඩු පෙරලිය සමගද නිමල් පෙරේරා මේ අකාරයේම රංගනයක නිරතවු බව නොරහසකි. මේ පාර නිමල් තව එක පිම්මක් පැන තිබේ. එය තහවුරු වන්නේ ඔහුට ඒ දිනවල ලැබි තිබේන අමාත්‍ය ආරක්ෂාව හේතුවෙනි.

නිමල් පෙරේරා යනු  තමන් චීන පුරවැසියෙකු වීමට කැමති බවත් තමනට චීන පුරවැසිබව ලබාදෙන ලෙස චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලිමක් කල අයෙකුද වේ.

පොලීසියටයි ආණ්ඩුවටයි අපි කියන්නේ නෝන්ඩි වෙන්න එපා කියලා!

”දේශපාලන අවශ්‍යතාව මත නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය වෙන මහන්සිය ඔය විදිහටම පාතාලය මර්දනය කිරීමට ක්‍රියාත්මක වුණොත් බොහොම හොඳයි. අපිට එන්න කිව්වනන් අපි එනවා. අපි ඇවිල්ලත් තියෙනව. පොලීසිය හිතන්න ඇති අපරදෙනේ අපේ වාහනවල තෙල් පුච්චගෙන තංගල්ලේ ඉදන් කොළඹ එන්න ඕනේ නැති නිසා පොලීසියෙන් කොළඹ ඉදන් තංගල්ලට ඇවිල්ලා ආරක්ෂා සහිතව ගෙනල්ල කටඋත්තර ගන්නවා. පොලීසියටත් මම ස්තුතීවන්ත වෙනවා කොළඹ ඉදන්ම තකහනියක් අපේ ගමට ඇවිල්ලා ගමේ එක්සිට් එකේ නවත්තාගෙන පොලිස් ආරක්ෂාව සහිතව කොළඹට ගෙනල්ලා කටඋත්තර ලියන එකට. පොලීසියටයි ආණ්ඩුවටයි අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි නෝන්ඩි වෙන්න එපා කියල” – නාමල් රාජපක්ෂ, යෝෂිත අත් අඩංගුවට ගැනිමෙන් පසුව කල ප්‍රකාශය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *