Political

අතුරුදහන්විම්,අපරාධ ගැන වගවීමක් නෑ… අදහස් ප්‍රකාශ කිරීම,ආගමික නිදහස අහිමිවිමේ අනතුරක! ජාතින් අතර නිදහස අනතුරේ…. ආසියා පැසිෆික් කලාපයේ මානව හිමිකම් වාර්තාවෙන් ලංකාව පහලට වැටේ

Published on: Feb 1, 2020- සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීම සඳහා රජය විසින් සිදුකරන ලද කැපවීම්, උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා අඛණ්ඩව දඩුවම් නොලැබීම, ආගම හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ශ්‍රී ලංකාව තුල අහිමි වෙමින් තිබේන තත්ත්වයක් උදාවි ඇති බව ආසියා පැසිෆික් කලාපයේ මානව හිමිකම් පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International ) සවිස්තරාත්මක විශ්ලේෂණය හරහා පෙන්වා දෙනවා.

(Human Rights in Asia-Pacific: Review of 2019 ) වාර්තාවේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කොටස  පහතින් අමුනා ඇත.

අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් වාර්ගික ප‍්‍රචණ්ඩත්වය වත්මන් රජය යටතේ වර්ධනාය කිරිම හේතුවෙන් සුළු ජාතීන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර ජාතින් අතර නිදහස අනතුරේ හෙළන බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

වසර 30 ක ගැටුම සඳහා යුක්තිය සහ වන්දි ගෙවීම නතර විමෙ තත්ත්වයක් උදාවි ඇති අතර පසුගිය රජය ඒ සදහා ගත් සුභදායී පියවර නව රජය විසින් ආපසු හැරවීමේ අවදානමට ලක්ව තිබිම ඊට හේතු වි තිබේ.

“ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුමට ගොදුරු වූවන් සඳහා, අතුරුදහන් වීම් පිළිබඳ සුළු ප්‍රගතියක් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් වගවීමක් නොමැත.” යනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියාවේ අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් (Biraj Patnaik) සදහන් කර තිබේ.

අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ අප්‍රියෙල් ප්‍රහාරයෙන් පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික විශ්වාසයන් සඳහා වූ අයිතිවාසිකම්වලට අනවශ්‍ය සීමාවන් පැනවීම වත්මන් බලධාරීන් හදිසි රෙගුලාසි භාවිතා කරමින් සිටි.

අන්තර්ජාතික මානව හිමිකම් නීතිය හා ප්‍රමිතීන්ට අනුකූල නොවීම සම්බන්ධයෙන් දිර්ඝකාලීන විවේචනයට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA) ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු නිරාකරණය කිරීම සඳහා ද යොදා ගන්නා අතර බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වයක් ඇති වු අතර එය සන්නද්ධ කණ්ඩායම විසින් ‘ඉස්ලාමීය රාජ්‍යය’ ලෙස හදුන්වා දෙමින් ජනතාව බෙදා වෙන්කිරිමට කටයුතු කල අතර සුළුතර ප්‍රජාවන්ට එල්ල වු ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ එතරම් දෙයක් නොකිරිම හරහ එය මනාව තහවුරු වි තිබේ.

අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික නිදහස සක්‍රියව අවදානමට ලක්ව තිබේනවා.එම නිතී අවලංගු කල යුතුයි.ජාතික ආරක්ෂාව යන නාමයෙන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

2009 දී අවසන් වූ තිස් වසරක ගැටුමේදී සිදු කරන ලද ජාත්‍යන්තර නීතිය යටතේ සිදු වූ අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විසඳීම සඳහා රජය විසින් නැවත නැවතත් කරන ලද සහතික කිරීම් බොහෝ දුරට යථාර්ථයක් නොවීය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් අතුරු සහන සහ යුක්තිය සඳහා තීරණාත්මක නිර්දේශ ඉදිරිපත් කළ වාර්තාවක් නිකුත් කළ නමුත් ඉන් එකක් පමණක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා නොවැම්බර් මාසයේ දී කඩිනම් අධිචෝදනා ගොනු කළ නමුත් අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩගේ නඩුව ද ඇතුළුව චෝදනා ලැබූ අනෙකුත් වැරදිකරුවන් ඉවත් කර තිබේ.

සාක්‍ෂි නොමැතිකම හේතුවෙන් 2006 දී දෙමළ සිසුන් පස් දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 12 දෙනෙකු ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත්වරයකු විසින් ජූලි මාසයේදී නිදොස් කොට නිදහස්ක රන ලදී. එතැන් සිට මෙම ඝාතනයන් සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කර නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් 2014 දී කරන ලද පරීක්ෂණයකදී නම් කරන ලද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු වසර අවසානයේ නව රජය දිවුරුම් දීමෙන් පසු බලතල සඳහා උසස් කරනු ලැබීම සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමුකර තිබේ.

සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීමේ යාන්ත්‍රණයන් ස්ථාපිත කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති නව රජය ඉවත් වි ඇති අතර හිටපු රජයක් විසින් කරන ලද බැඳීම් ඉටු කිරීමට තම රජය බැඳී නොසිටින බවටද ප්‍රකාශ කර තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…




Human Rights in Asia-Pacific: Review of 2019


Top