LNN SPY

අප කියු දෙයක් වැරදි නැත….. නාග ලෝකයේ ධාතු පෙන්නා හිරිකිත ලෙස ඡන්ද කොල්ල කන කැළණි විහාරය….. ආගම විකුණන් කළ බංකොලොත් දේශපාලනය පරදවමු!

Published on – Nov 14, 2019 ඊයේ හදිස්සියේම නාග ලෝකයේ සිට කැලණියට ධාතුන් වහන්සේලා වැඩම කිරීම ගැන අපි කරුණු සඳහන් කරමින් සිදු කළ අනාවරණය සියයට සීයක්ම සත්‍ය බව තහවුරු වී ඇත.

ජනාධිපතිවරණයේ නිහඬ මැතිවරණ කාලය ආරම්භ 1වීමට පැය ගණනාවක් තිබියදි කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් මේ සිදු කරන්නේ දේශපාලන ගේමක් බවත් ඉදිරි පැය 48 තුළ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ආගම විකිණීමේ ප්‍රයත්නයක් බවත් අප සඳහන් කළා.

අපගේ මතය සනාථ කරමින් අද උදෑසන කැළණිය විහාරයේ දොරකඩ අසල ආගමේ නාමයෙන් දේශපාලන කරන ආකාරය පෙන්වන වීඩියෝවක් පහතින්,

https://www.facebook.com/1593070591005522/posts/2359311227714784/

රට රකින්න පොහොට්ටුවට ඡන්දය දෙන්න කියා නොකියා කියමින් නෙළුම් පොහොට්ටුවක් දික් කරමින් උන්වහන්සේ ඒ කරන්නේ බුදුදහමට විග්‍රහයක් බව අපි ලැජ්ජා නැතුව කියා සිටිමු.

කොහොමත් රාජපක්ෂලා යනු තමන්ගේ බලය වෙනුවෙන් ආගම රට කුණු කොල්ලයට විකුණන හිරිකිතයක් ලැජ්ජාවක් ගෑවී හෝ නොමැති පිරිසක් බව තව තවත් මේ හරහා සහතික වී ඇත.

බලය තිබෙන කාලයේ අමු අමුවේ සිදු කළ මිනි මැරීම වලට අමතරව ජනාධිපතිවරණයට පිවිසීමට පාර කපා ගැනීමට තම දෙවියන් ඉදිරියේ වදිමින් සිටි අහිංසක මිනිස්සුන් අමු අමුවේ මාරා දැමූ, වසර ගණානක් පුරා එම ඝාතනයක් වෙනුවෙන් පිබුරු පත් සැකසූ ගෝඨාභය වෙනුවෙන් මේ ලෝකයේ කිසිම ධර්මයක්  උදව් නොවනු ඇත. එසේ වන්නේ නම් බුදු දහමේ පන්සිල් පද වන පළමු සිල් පදයම බොරු වනු ඇත.

අනෙක් අතට හිස්බුල්ල්ලා, වරදරාජා, පිල්ලෙයාන්, වැනි රට බෙදන පිරිස සමඟ එකට ගත් ගෝඨා රට වෙනුවෙන් ඉදිරිපත් වන්නේ කෙසේ දැයි අපි මේ චීවරධාරි උන්නාන්සේග්න් විමසිය යුතුමය.

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වේදැයි නොදනිමු. අවධානය යොමු වූව ද ඔහ්යි මේ වෙනුවෙන් කිසිදු පියවරක් නොගන්නා බව සහතිකය. මන්ද යත් මැතිවරණ කොමසාරිස්වරයාටද මහින්දලා, ගෝඨාලා වගේ ලැජ්ජාවක් නොමැති බැවිනි.

කෙසේවෙතත් ජනතාවගේ බුද්ධලම්භන ශ්‍රද්ධාව මෙලෙස විකුණා කමින් මේ කරන තිරස්චීන ක්‍රියාවට මැතිවරණ කොමසාරිස් කෙසේ වෙතත් ස්වභාවධර්මය පිළියමක් යොදනු ඇත. එනම් බුදුන් වැඩිය බිමේ ඉදගෙන සුවහසක් ජනතාවගේ සැනසීම අහිමි කළ, තවත් පිරිසකට ජීවිතය අහිමි කළ, අත් පා අහිමි කළ, දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන් අහිමි කළ මිනිමරුවෙකුට ආවැඩිමට දේව සාපය ලබා දෙමිනි.

දිට්ඨදම්මවේදනීය කර්මය පඩිසන් දී, දේව සාපය ලැබෙන විට තව සියල්ලටම මේ පව් වලට වන්දි ගෙවීමට සිදු වනු ඇත.  එය 17 වෙනිදා සවස්වරුව වියහැකිය . එදිනට කර්මය ප්‍රමාද වී හෝ පලදෙන බව රාජපක්ෂලා මෙන්ම රට වෙනුවෙන් කියා කිබුල් කඳුළු හෙලන කාට කාටත් ප්‍රත්‍යක්ෂ වනුඇත .

Top