LNN SPY

අවසන් මොහොතෙ පුටුවට එකතු වන ලකුණු…!කොන්දේසියකින් තොරව එකතු වෙන්න මෛත්‍රී යොජනා කරයි….මැතිවරණ සටන දිමු යටතට!

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර් සාකච්ඡා දිගින් දිගටම ඇදි ඇදි යැම සම්බන්ධයෙන් දේපාර්ශවයෙන්ම එකෙනෙකාට චොදන එල්ල වෙමින් තිබේනවා.

දෙපාර්ශ්වය සමගි කිරීම සඳහා ඉකුත් සතියේදී දිනක ඉහළ මට්ටමේ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන්පසු ඉකුත් බ්‍රහස්පතින්දා (07) රැය පහන් වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරු ඉදිරි වැඩකටයුතු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊයේ(08) වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුකර තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ‍පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග කිරීමට මේ වනවිට යෝජනා ඉදිරිපත් කර ඇති අතර පොදුජන එක්සත් පෙරමුණේ මහා ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දිමු ජයරත්න මහතායි.ඒ අනුව ‍පොදුජන එක්සත් පෙරමුණේ මහ ‍ලේකම් දි.මු. ජයරත්නගේ මෙහෙයවීම යටතේ ඉදිරි මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයේම කැමත්ත පලවි තිබේ.

මේ අතර ශ්‍රිලනිප මෛත්‍රී පිළේ සාකච්ඡාවේදි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වීම සම්බන්ධයෙන් එහි බොහෝ දෙනකුගේ ආශිර්වාදය ලැබි තිබෙන බවත්, විරෝධය පළවී ඇත්තේ තනතුරු හා පටු දේශපාලන අරමුණු දරන අතළොස්සක් වන පිරිසකගෙන් බවයි.

මේ අතර පක්ෂය දෙකඩ වීමෙන් කිසිදු ඵලක් නොවන බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙන් ඔවුන්ට කිසිදු කොන්දේසියකින් තොරව එකතුවීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී ඇති බවත් ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළ දෙපාර්ශ්වයේ සාකච්ඡා ඉදිරියටත් පැවැත්වෙන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

මේ අතර බ්‍රහස්පතින්දා පැවැති රැස්විමේදි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් අවධාරණය කර ඇත්තේ සාකච්ඡා මුවාවෙන් ශ්‍රිලනිප නාමයෝජනා අවුල් කිරිම සදහා යටිබිම්ගත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබේන බවට තොරතුරු අනාවරණය වි ඇති බවයි.සාකච්ඡා වෙනුවෙන් කාලය යොදවමින් ඒ පිළිබඳව අවධාණය යොමුකරන අතරතුර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ නාමයෝජනා ලැයිස්තු අවසන් කර ගැනිමට නොහැකි තත්ත්වයක් ඇතිකර අවසාන මොහොතේ සාකච්ඡා නතර කර දමා වෙනම ඉල්ලිමට ඒකාබද්ධ කණ්ඩායම් කටයුතු කල හැකි බවද එහිදි සාකච්ඡා වි තිබේ.

Top