LNN SPY

අවසන් මොහොතේ ඒකාබද්ධය ගිලගන්න මෛත්‍රී දැල එලයී…. සුත්තර පුංචාගෙන් ප්‍රවේශමෙන්

අවසන් මොහොතේ ඒකාබද්ධයේ සිටින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් තමන්ට සහය දෙන බව තමන් තරයේම විශ්වාසය කරන බවත් ඒ හේතුවෙන් මැතිවරණයට නාමයෝජනා කැදවනතුරු වෙනත් සන්ධාන සම්බන්ධයෙන් සාකච්ඡා නොකර සිටිමට කටයුතු කලයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප මෛත්‍රී පිළේ මන්ත්‍රිවරුන්ට තරයේම් අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි අද (03) පැවති පාර්ලිමෙන්තු මන්ත්‍රි වරුන්ගෙ රුස්විමකදි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කරන බවට පමණක් මේ අවස්ථාවේ පෙනීසිටිය යුතු බවත් ඒ හරහා ඒකාබද්ධයේ කණ්ඩායම් දිනා ගැනිමට හැකියාව ඇති බවත් එයට මහන්සි විය යුතු බවයි.

කෙසේවෙතත් දුර්වල ආසන සංවිධායක වරු ඉවත් කර නව සංවිධායකයින් පත් කිරිමටත් පලාත් පාලන මැතිවරණයේ අපෙක්ෂක ලැයිස්තුව කඩිනමින් සකස් කිරිමටත් මෙහිදි ජනපති නියෝග දි ඇති අතර කුරුණෑගල,මාතර,ගාල්ල වැනි මහින්ද වාදින් වැඩියෙන් සිටින දිස්ත්‍රික් සදහා ජනප්‍රිය මෙන්ම බලවත් සංවිධායකයින් ආසන සදහා පත්කිරිම සදහාද අවධානය යොමුකර ඇති අතර ඒ සදහා කඩිනමින් කටයුතු කරන ලෙසටද නියෝග දි තිබේ.

එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වෙලා  පළාත් පාලන මැතිවරණයට ඉල්ලන්නෙ නෑ…ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් සන්ධානයකින් තරග කිරීමට තීරණය කළ බව ශ්‍රිලනිප මහා ලේකම්  අමාත්‍ය දුමින්ද දිසානායක මාධ්‍ය හමුවේ අනාවරණය කළා.

මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු දක්වා කල් යැමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මහින්ද පිළේ ඉන්න කේලාම් කාරයෝ….

මේ අතර දෛනිකව මහින්ද පිළේ කණ්ඩායක්ම් ගන්නා තින්දු තිරණ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෛත්‍රී ජනාධිපතිවරයා දැනුවත් කරමින් මෛත්‍රී පිළ හරහා ලැබෙන විවිධ යෝජනා ක්‍රියාත්මක කිරිමට එහෙන් මෙහන් නූල් සුතතර දමන සුත්තර පුංචෙක් සිටින බවට තොරතුරු අනාවරණය වි තිබේ.මේ සුත්තර පුංචාට ඉක්මනින්ම අගමැති විමේ සිහිනයක් ඇති අයෙකුද වන අතර ඒ හිනය පෙන්වමින් මේ නුල් සුත්තර වැඩ සදහා ඔහු යොදවා ගන්නා බවයි වාර්තා වන්නේ.

ඔහු සම්බන්ධයෙන් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න

Top