Featured

ආණ්ඩුව කඩන්න හදන ශ්‍රිලනිප මන්ත්‍රීන්ට රතු නිවේදන…ජාතික ආණ්ඩුව තවත් වසර 4ක්

ජාතික ආණ්ඩුව බිඳින්නට සාකච්ඡා කරන ශ්‍රීලනිප මෛත්‍රී පිළේ ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු නිවේදන නිකුත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව යම් අයෙකු ජාතික ආණ්ඩුව කඩා වෙනත් ආණ්ඩුවක් සැදිමට සාකච්ඡා කිරිමට උත්සහ කලහොත් ඔහුගේ ඇමති කම වෙනත් අයෙකු ලබාදිමට ජනපති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනා කර තිබේන බවයි අනාවරණය වි ඇත්තේ.

ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව ශ්‍රී ලනිප ස්ථාවරයට පටහැනිව සකස් කෙරෙන්නේ නම් ඊට සහාය නොදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එම ව්‍යවස්ථාවට විරුද්ධව පෙළ ගැසීමට එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් රහසේ සාකච්ඡා කරමින් සිටින බවට අනාවරණය විමත් සමග ජනපති මෙම නියෝගය ලබාදි තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ලොබියේදී මුණගැසී අවුරුදු 5ක් රජයේ නොසිටිය යුතු බවටද සාකච්ඡා කොට ඇති අතර එක් පක්ෂයක් ආණ්ඩුව කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

අවුරුදු 5ක් යනතුරු ආණ්ඩුවේ රැඳී සිටිය හොත් ඊළඟ මැතිවරණයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී යනු බවත් ඒ නිසා මේ වසරේ අය-වැය වනවිට වෙනසක් සිදුවිය යුතු බවද ඔවුහු සාකච්ඡා කර තිබේ.

මේ අතර තවත් වසර 4ක් සදහා ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සදහා එකඟතා ගිවිසුමකට අත්සන් තැබිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනපති සිරිසේන එකගතාව පලකර ඇති අතර ඒ සදහා වු ගිවිසුම් මේ වනවිට සකස් කරමින් සිටින බවද වාර්තා වේ.

Top