LNN SPY

ආර්ථිකය හසුරුවන්න බැරි ජාතික ආර්ථික සභාව කන්නද? ජාතික ආර්ථික සභාවේ නොහැකියාව අගමැතිගේ කරේ ගහන්න හදනවා

Published on: Oct 4, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේන් ආර්ථික පරිපාලනය ඉවත්කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණගැනිම සදහා ජාතික ආර්ථික සභාව පිහිටුවා ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් රටේ ආර්ථිකය හැසිරවීමට ගත් තින්දුව හේතුවෙන් රටේ ආර්ථිකය කම්බස් වි ඇති බවට චොදනා එල්ල වෙමින් තිබේ.

රටේ ආර්ථික පරිහානිය සහ රුපියලට සාපේක්ෂව ඩොලරයේ සිඝ්‍ර ඉහල යෑම හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨයන් දැඩි ලෙස කලකිරීමට ලක්ව සිටින අතර ඔහුන් සියලුදෙනාගේම චොදනාව මේ වනවිට එල්ලවෙමින් ඇත්තේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව වන අතර ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණයක්ද ගෙන තිබේ.

එජාප පසුපෙල මන්ත්‍රීවරුන්ගේ අදහස වි ඇත්තේ කාලයික් තිස්සේ ජාතික ආණ්ඩුව විනාශ කිරිම සදහා ශ්‍රිලනිප+ඒකාබද්ධ ගෙනගිය සහයෝගිතා මෙහෙයුමේ එක් කොටසක් ලෙස අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආර්ථිකය මෙහෙයවිමේ බලය ඉවත්කර රටේ ආර්ථිකය වලපල්ලට යැමට ඉඩ හැරි බවත් මේ වනවිට ජනාධිපතිවරයාගේ ජාතික ආර්ථික සභාව නොහැකියාව අගමැතිවරයාගේ කර මත පැටවිම සදහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජාතික ආර්ථික සභාව 2017 සැප්තැම්බර් (12) දින පලමු වරට ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර පසුව 2018 වසරේ අප්‍රියෙල් මාසයේදි අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ශ්‍රි ලංකා මහ බැංකුව පවා ඉවත් කිරිමට කටයුතු කල අතර මහ බැංකුව යටතේ තිබු තින්දු ගැනිමේ හැකියාව් පවා ජාතික ආර්ථික සභාව හරහා ගැනිමට කටයුතු කර තිබේ.

ජාතික ආර්ථික සභාව පත් කිරීමත් සමඟ එතෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකව පැවැති රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුව රැස් කිරීම අහෝසි කෙරුන අතර එම කමිටුව අහෝසි කොට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබීය.

ඩොලරය ශක්තිමත් වීමත් සමඟම ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වෙතැයි කලින්ම දැනගෙන සිටියදිත් මෙම ආර්ථික සභාව ගත් පියවර කුමක්දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විමසිම සදහා මේ වනවිට එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සංචාරයෙන් පසුව කටයුතු කිරිම සදහා සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

2018 වසරේ අප්‍රියේල් මාසයේදී ඇමරිකන් ඩොලරයක මිල 153ක් වු අතර මේ සටහන තබන අවස්ථාව වනවිට එහි වටිනාකම් 170 සීමාව දක්වා ඉහල ගොස් තිබේ.

Top