LNN SPY

ඇමරිකානු වහල්ලුන්ට දිගට හරහට ගෝඨාගේ ආණ්ඩුවේ තනතුරු…. බ්‍රසීලයට,ඉංජිනේරු සංස්ථාවට වංචා කල රාජාට සභාපති කමක්! 69 ලක්ෂයට දැන් සැපද?

Published on: Jan 18, 2020- නාගරික බේරුම්කරණ සංවර්ධන අධිකාරියේ සභාපති (Urban Settlement Development Authority) ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවනු වහලෙකු පත්කර තිබේ.ගෝඨාභය ජනාධිපති විමෙන් පසුව ඇමරිකානු පුරවැසි භාවය සහිත ඔහුගේ වහල් සේවය ඉටුකල තිදෙනෙකුට සභාපතිකම් ලබදිමට කටයුතු කර තිබේන අතර ඒ අනුව තාමත් අතහැර නොමැති ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසි භාවය මෙන්ම ඇමරිකානු ගැති භාවය මේ හරහා නිරූපණය කර තිබේ.

නාගරික බේරුම්කරණ සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස රාජා එදිරිසූරිය ( Raja Edirisuriya )නැමත්තා ජනාධිපතිවරය විසින් පත්කර ඇති අතර ඊට පෙර කිසිදු සුදුසුකම්ක් නොමැති රාජපක්ෂ කලු දශකයේදි රටේ මුදල් කොල්ල කෑ කැලිෆෝනියාවේ ගෝඨාභයගේ පුත්‍රයා බලාගත් මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති ලෙස මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස උපුල් ධර්මදාස නම් කිරිමට කටයුතු කළා.

2010දි බලයට පත්වු රාජා එදිරිසූරිය බ්‍රසීලයේ තානාපති ධුරය දැරු අතර එම කාලය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බ්‍රසීලයට නවාතැන් ගැනීම සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සම්බන්ධව මුල්‍ය වංචාවකට හසුවු ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස සේවය කරමින් සිටියදී රුපියල් මිලියන 1.4 ක වංචාවකට සම්බන්ධය විම හේතුවෙන් ශ්‍රී ලංකාවට පවා පැමිණිමට නොහැකි ව සිට රාජා ගෝඨාභයගේ සරණෙන් ඇමරිකාවට පලාගිය අයෙකුද වනවා.

Loading…


http://lankanewsnetwork.org/archives/22305

Top