LNN SPY

ඉන්දීය සංචාරයෙන් පසු මෛත්‍රී-රනිල් හමුවු රහස මෙන්න… නරේන්ද්‍ර මෝදිගෙන් රාජ්‍යතාන්ත්‍රික දැනුම් දිමක්!

Published on: Oct 25, 2018- සිය ඉන්දීය නිල සංචාරය අවසන් කර පැමිණි වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 22 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපතිවරයා හමුවු අතර ඔහුන් දෙදෙනා අතර පමණක් පැවැති එම සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති අතර එහිදි සිදුවු සාකච්ඡා මේ වනවිට අනාවරණය වි තිබේ.

එම සාකච්ඡාවේදි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහතා දුන් රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සැලකර තිබේ.

ඒ අනුව කුමන ආකාරයකින්වත් තමා කෙරෙහි සැකයක් තබා නොගන්නා ලෙසත් හැමවිටම තමාව විශ්වාසකර වැඩකරනා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා රජයට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක් කර තිබේන බව අග්‍රාමාත්‍යවරයා එහිදි අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ඉන්දිය රජය වැඩිම වැඩකොටස ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තිබියදීත් තමා කෙරෙහි අවිශ්වාසයක් තබාගැනීමට කිසිදු හේතුවක් නැතැයිද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි අගමැතිවරයා සදහන් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වු භෝජන සංග්‍රහයේදි නරේන්ද්‍ර මෝදි මහතා ඉතාම සංවේදිව ඉහත කරනු සැලකර සිටි බවද අගමැතිවරයා ජනපතිට පවසා තිබේ.

භාරතීය ජනතා පක්ෂ පාලනය යටතේ පිටරටක් වෙනුවෙන් ඉන්දියාව වැඩිම වැඩකොටස කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් විශාල වැඩකොටසක් කිරිමට ඇතැයි ද ගැටලූ ඇති අවස්ථාවලදී දිගටම කතා කරමු යැයි කී නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් ශ්‍රී ලංකාවට උදව් කරන බවද සඳහන් කර තිබේන බව අගමැතිවරයා සදහන් කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

Top