LNN SPY

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු හමු වීම පිළිබද තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන ලෙස අගවිනිසුරුවරයාට ඉල්ලිමක්!

Published on: Jul 25, 2019 – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු අගවිනිසුරුවරයා පසුගිය ආසන්න දිනයක හමු වී සාකච්ඡා කර ඇති බව සදහන් වන අතර ඒ පිළිබදව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට පුරවැසියෙකු ලෙසත්, නීතිඥවරයෙකු ලෙසත් අවශ්‍ය  බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අගවිනිසුරුවරයා වෙත දන්වා යවා තිබේ.

එකී සාකච්ඡාව සම්බන්ධව අදාල සියලු තොරතුරු ජනතාවට දැන ගැනීමට ලැබීම නීතියේ පාලනය සම්බන්ධයෙන් වැදගත් හෙයින් ඒ සම්බන්ධ තොරතුරු රාජ්‍ය භාෂාවෙන් ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඔහු අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.

මෙම ලිපියේ පිටපත්  කතානායකවරයාටත්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සභාපතිවරයාටත්,  නීතිපතිවරයාටත් යොමු කර ඇත. එකී ලිපිය පහත දැක්වේ.

Top