LNN SPY

එක පාරක් පක්ෂය කැඩුවොත් ආපහු අනාගතයක් නෑ..එක මහින්ද මහත්තයා අපිට වඩා දන්නවා….ඒකාබද්ධ කල්ලිවාදය උග්‍ර අතට

ඒකාබද්ධයේ කල්ලි වාදය හේතුවෙන්  පළාත් පළාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රි – මහින්ද එකතු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමට පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක්…විසින් ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක නොවන තත්ත්වයක් උද්ගතව තිබේ.

මේ කණ්ඩායම් දෙකේම මන්ත්‍රිවරුන්ගේ ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට සියලු දෙනාටම ලිඛිතව ආරාධනා කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කර තිබූ ප්‍රකාශයත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප කණ්ඩායමේ ප්‍රධානීන් ඉකුත් අඟහරුවාදා රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙන අතර ඔවුන්ගේ ඒකමතික තීරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් සන්ධානයේ මහ ලේකම්වරයා කරන යෝජනාව ගැන සලකා බැලිය හැකි බවයි.

කෙසේවෙතත් ශ්‍රීලංනිපය නියෝජනය නොකරන් ඒකාබද්ධයේ ඇතැම් කණ්ඩායම් වල බලපෑම් හේතුවෙන් ශ්‍රී ලනිපය තවදුරටත් ආණ්ඩුව සමඟ කරන දේශපාලනයෙන් බැහැර නොවන්නේ නම් ලිඛිත ආරාධනා කළත් එවැනි සාකච්ඡාවකට සහභාගි නොවිය යුතු බවට එම රැස්වීමේදී තීරණය කොට තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ගේ බහුතරය ප්‍රකාශ කර තිබෙන්නේ මෙවැනි හමුවක්  පවත්වන්නට යන්නේ දේශපාලන රැවටිල්ලකට බවයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සමඟින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගෙන් විමසූ විට කීවේ ‘අපට තවම එහෙම ලිපියක් ලැබිලා නෑ’යි යනුවෙනි.

මේ අතර ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රීලනීප විරෝධීන්ගේ ඉල්ලිමට ඉඩ ලබාදිමට කටයුතු කලහොත් බැසිල්ගේ දේශපාලන පක්ෂය හෝ වෙනත් සන්ධානයක් හරහා මැතිවරණයට ඉදිරිපත් විමට තම කණ්ඩායමට සිදුවන බවත් ඒ අකාරයට මැතිවරණයකට ඉදිරිපත් විමේන් අඩු ඡන්ද සංඛාවක් ලබා ගැනිම හරහා තම කණ්ඩායම ජනවාරි 8 වැනිදායින් පසුව රටේ ජනතාව තුල සාදා ඇති මතය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇති බවයි ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

එම ඉල්ලිම ඉටුකිරිම එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලිම ඉටු කිරිමට සමාන බවත් ඒ හරහා මැතිවරණයකින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් දොට්ට වැටිමට සිදුවන බවද ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.ඒ හේතුවෙන් මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය සමග එක්ව තරග කිරිම සදහා ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප කණ්ඩායමේ බහුතරයේ කැමත්ත් වි ඇති අතර හිටපු ජනාධිපතිවරයාද එයට කැමැත්තෙන් සිටින නමුත් ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ඔහු වැට උඩ සිටින බවයි ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙකු අනාවරණය කර ඇත්තේ.

“මහින්ද මහත්තයා වෙනත් පක්ෂයකට ගියොත් නාමල්ට ආපහු අනාගතයක් නෑ….අපේ රටේ 3 වැනි පක්ෂයකට අවස්ථාවක් නෑ….එක පාරක් පක්ෂය කැඩුවොත් ආපහු අනාගතයක් නෑ..එම මහින්ද මහත්තයා අපිට වඩා දන්නවා….” යනුවෙන් ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

Top