Featured

එජාප ජනපති සටනට රනිල්,කරු,සජිත්…… ඒ අතර සැඟවුණු අපේක්ෂකයෙකුත්

Published on: Jul 6, 2019 – එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව හා අදාළ අපේක්ෂකයා විසින් තම දිස්ත්‍රික්කය හා ආසනය ජයග්‍රහණය කොට සිටිය යුතු බවට වන කොන්දේසියක් ඇතුලත් යෝජනාවක් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රභල අමාත්‍යවරයෙක් මෙම යෝජනාව ගෙන ඒමට සූදානම්ව ඇති බවත් ලංකාවේ පමණක් නොව විදේශයහිදි ලබා ගත් සියළුම අධ්‍යාපන සුදුසුකම් මේ යටතේ ඉදිරිපත් කළ යුතු බවත් වාර්තා වෙනවා.

එසේම අදාළ යෝජනාව සම්මත වුවහොත් දැනට ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා වි ඇති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන මහත්වරුන්ටද එය බලපානු ඇති.මිට අමතරව එජාපයෙන් තරග කිරිමට තවත් සැඟවුණු අපේක්ෂකයෙකු සිටින බවත් ඔහු සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා තීන්දුවක් නොගන්නා බවත් පක්ෂයේ ප්‍රභලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබුනා.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ සියළුම නායකයින්, කැබිනට් ඇමතිවරුන් සියළු දෙනා සහභාගි වූ රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අමාත්‍ය ලක්ෂමණ් කිරිඇල්ල ඉහළ ඇගයීමට ලක් කොට තිබෙනවා.

තමා වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් විධායක ජනාධිපති සමඟ සaජුවම හැප්පුණේ ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා බවත් ඒ නිසා ඔහුට සිය අමාත්‍යාංශයේ සමහර විෂය පථයන් පවා අහිමි වූ බවත් අගමැතිවරයා මෙහිදි පවසා තිබෙනවා.

Top