Featured

කාලි කෝවිලේ ඊළාම් සිතියමක් ප්‍රදර්ශනය කල පුද්ගලයා සම්බන්ධයෙන් කල රහස් පොලිස් පරික්ෂණ නතර වෙයි

යාපනය, කෝපායි, තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ (hirunelvely’s Kali Amman Kovil)සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යය අතරතුර පුද්ගලයකු විසින් යුද සමයේදී කොටි සංවිධානය භාවිත කරන ලද ඊළාම් සිතියමක් ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් රහස් පොලීසිය ක්‍රියාත්මක කරමින් තිබු පරික්ෂණ වහාම නතර කරන ලෙසට නියෝග ලැබි තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය (23) දා සවස කාලි අම්මා කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය සිදු කෙරෙන අවස්ථාවේදී කාලි අම්මා දේව රූපය වීදි සංචාරය කරන අතරතුරදී කාලි අම්මා දේව රූපයට පසු පසින් ඊළාම් සිතියම සහිත පුද්ගලයකු ගමන් කොට තිබේන අතර යාපනය පොලිස් බුද්ධි අංශ විසින් අදාළ පුද්ගලයා පොලිසියට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරිමෙන් අනතුරුව රහස් පොලිසියට අදාළ සිද්ධිය භාර කර තිබේ.

පසුව රහස් පොලිස් කණ්ඩායමක් අදාල රුපය සහ එය ප්‍රදර්ශනය කිරිමට අනුබලදුන් පුද්ගලයන් සොයා මෙහෙයුමක් දියත් කර තිබු අතර පෙරේදා එම මෙහෙයුම හදිසියේම නතර කර දමා තිබේ.මිට අමතරව පොලිස් අත් අඩංගුවේ තබා සිටි අදාළ සැකකරුද රහසේම මුදාහැර තිබේ.

Top