LNN SPY

කෙක්කෙන් බැරි වු වැඩේ කොක්කෙන් කරන්න ආණ්ඩුව මෙහෙයුමක… මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දමා කොටි නලවන කුමන්ත්‍රණයක

Published on: Jul 22, 2018 – ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනාවරණය විම් වැලැක්වීමට යහපාලන ආණ්ඩුව මෙහෙයුමක් දියත් කර තිබේන බවත් ඒ හරහා අල්ලස්,වරප්‍රසාද ලබාදි අවනත කර ගැනිමට නොහැකි මාධ්‍යවේදීන්ගේ ජිවිත අවදානමකට ලක්කර ඔහුන්ගේ තොරතුරු මුලාශ්‍ර විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව මේ වනවිට අනවරණය වි තිබේ.

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු!

“අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව පසුගිය 24 වැනිදා රිවිර ඉරිදා සංග‍්‍රහයේ පළකරන ලද ප‍්‍රධාන පුවත පිළිබඳ ප‍්‍රකාශ සටහන් කරගැනීම සඳහා රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා ලිපිය මගින් අනාවරණය කළ තොරතුරු වල මුලාශ්‍ර හෙලිකරන ලෙසට බලපෑම් කිරිම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි අප්‍රසාදය අදාළ පාර්ශවයන් වෙත පලකරමු.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් D/TID/OUT/8742/18 දරණ අංකය යටතේ “විමර්ශනයකට අදාලව විස්තර ලබා ගැනිම් සදහා” යනුවෙන් යොමුකර ඇති ලිපියේ දක්වා ඇත්තේ “අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” ශිර්ෂය යටතේ සිදුකර ඇති වාර්තාව සම්බන්ධයෙන් අදාළ වාර්තාව පුවත් පතට සැපයු මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරාගෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනිමට ඇති බවයි.

අදාළ ඉල්ලිමට අනුව ජුලි මස 20 වැනිදා පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශට ගිය රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප‍්‍රශ්න දිගින් දිගටම විමසා ඇත්තේ අදාළ මුලාශ්‍ර ලබාගත් ආකාරය ගැනය. ජාතික ආරක්ෂාවට අනතුරක් එල්ල වන ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන් පිළිබඳව අවස්ථා ගණනාවකදිම තිස්ස රවීන්ද්‍ර පෙරේරා අනාවරණයන් රැසක් සිදු කර තිබෙන අතර ඒ සදහා වගකිව යුතු පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගැනිමේ හැකියාවක් ඔහු සතුව පවතී.

අදාළ සිරස්තලයෙන් හෙළිදරව් කරනු ලැබ ඇත්තේ පසුගිය ජුලි මස 22 වැනිදා ඔඩ්ඩුසුඩාන් කැලෑවේදී ක්ලේමෝ බෝම්බයක් ඇතුළුව පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුනු ත‍්‍රස්ත සාමාජිකයන් සම්බන්ධයෙන් වන අතර අදාළ වාර්තාව බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු පදනම් කරගනිමින් සකස් කරන ලද්දක් බව ද පෙනීයයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මාධ්‍යවේදියා කැදවා දිගින් දිගටම මුලාශ්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම හරහා මනාව පැහැදිලි වන්නේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ත්‍රස්තවාදීන් යලි හිස එසවිමට දරණ උත්සහය ව්‍යාර්ථ කිරිම නොව අදාළ අනාවරණයන් හරහා වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත්විම වලක්වා ගැනිම පමණක් ඔවුන්ගේ පරමාර්ථය වි ඇති බවයි.

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිද්ධියක් මෙන්ම පාලකයන්ගේ හොරකම්,මැරකම් මෙන්ම දුෂණයන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරන අනාවරණයන් සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයන්ට අදාළව තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනිමට රටේ වගකිවයුතු ආරක්ෂක අංශ වලට ඇති අයිතියට අප කිසිවිටක අභියෝග නොකරමු. නමුත් ඒ මුවාවෙන් මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරිමටත් ගන්නා උත්සහයන් පරාජය කලයුතු වන අතර ඒ වෙනුවෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර නොබියව පෙනී සිටින බවද අවධාරණය කර සිටිමු.

පසුගිය ආසන්න දින කිහිපයකදිම මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර වලට ආණ්ඩුවේ විවිධ තරාතිරමේ කණ්ඩායම් බලපෑම් එල්ල කල අතර එහි වර්ධනීය තත්ත්වය ලෙස රාජ්‍ය යාන්ත්‍රණයද මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ආරම්භ කොට ඇත.

පසුගියදා මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල කරමින් කොල්ලුපිටිය පොලිසිය නෙත් එෆ්.එම් වෙත දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රාවකයින් ගණනාවකගේ දුරකථන ඇමතුම් විස්තර ලබා ගෙන ඒ අනුව එම ශ්‍රාවකයින් පොලිසියට කැදවිමත්,මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චිගේ තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රැස් කිරිමට ගැනිමත් රාජ්‍ය මර්දන හස්තය මාධ්‍ය වෙත යොමුවෙමින් තිබෙන බවට ආසන්නතම උදාහරණ වේ.

ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

ස්තූතියි!
මෙයට,

චතුරංග ද අල්විස්
සභාපති
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

Top