LNN SPY

ගෝඨාගේ මිලිටරි ජුන්ටාව හිස ඔසවයි…… රහසිගත නිවෙස්න දෙකක කණ්ඩායම් දෙකක් සීරුවෙන්…… රට පුරා “ගෝඨා බිය ” පැතිරවීමට මෙහෙයුම්

Published on- Oct 19, 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාගේ නිල නොලත් මිලිටරි ජුන්ටාව දැනටමත් වැඩ අරඹා ඇති බව අප විශේෂ වාර්තාකරුවන් සඳහන් කරනවා.

ඒ වෙනුවෙන් කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක නිවෙස්න දෙකක් ක්‍රියාත්මක වන බවත් සaජුවම ගෝඨාභය රාජපක්ෂ වෙත වගකියන සන්නද්ධ කණ්ඩායම් දෙකක් මෙම නිවෙස්න තුළ ස්ථාපිත කොට ඇති බවත් විශේෂ වාර්තාකරුවන් සඳහන් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ වෙත පාක්ෂපාති වන හමුදා විශ්‍රාම ගිය සෙබලුන්ගෙන් හා නිලධාරින්ගෙ එකි කණ්ඩායම් සමන්විත වී ඇති බවත් ඉතාමත්ම රහසිගත අයුරින් එම කණ්ඩායමේ සාමජිකයන් තමන්ගේ කණ්ඩායම සමඟ ගණුදෙනු කරමින් පවතින බවත් වාර්තා වෙනවා.

එසේම දින කිහිපයක් ඉහත සඳහන් කළ නිවෙස්න අසල ගවේෂණයක නිරතව සිටි අප වාර්තාකරුවන් එම නිවාස වෙත යුධ හමුදාවට අයත් අංක තහඩු සහිත වාහන යන එන බවද හමුදා නිල ඇදුමෙන් සැරසුණු පුද්ගලයන් එම නිවාස වෙත ඇතුල් වන බවද අනාවරණය කර ගත හැකි ව තිබෙනවා.

මෙම විශේෂ මෙහෙයුම් කණ්ඩායම් දෙක ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කොට ඇත්තේ කරුණු දෙකකට බව ඉතා විශ්වාසනීය ආරංචි මාර්ග හරහා අප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කර ගැනීමට හැකිව ඇති අතර ඉන් පලමුවැන්න වන්නේ රට තුළ කලබලකාරි තත්ත්වයක් නිර්මාණය කොට ඒ හරහා රටේ නිතිය හා සාමය බිඳ වැටී ඇති බව දක්වා එම තත්ත්වය පාලනය කිරීමට හැක්කේ ගෝඨාභය වැනි දක්ෂ හමුදා නිලධාරියෙකුට බව ජනතාව වෙත ඒත්තු ගැන්වීමට ක්‍රියා කිරීමයි.

අනෙක් කරුණ වන්නේ ජනාධිපතිවරණ දෙකක් ඇතුළුව පසුගිය රාජපක්ෂ රෙජිමය තුළ සිදු වූ සෑම මැතිවරණයකම සිදු වූ පොදු සාධකයන් වන බිය වැද්දීම්, තර්ජනය කිරීම්, පැහැරගෙන යාම්, හා පහර දීම් සඳහා අදාළ කණ්ඩායම් යොදා ගැනීමයි.

ඒ අනුව ඉහත තොරතුරු අනුව බලය ලැබීමට පෙරම තාවකාලිකව සිල් රෙදි පොරවා ඇල් වතුරද නිවා බොන ලෙස වේදිකාවක් ගානේ රඟ දක්වන ගෝඨා සිය මුග්ද මජර වැඩ පිළිවෙළ නැවත ආරම්භ කොට ඇති බව පැහැදිළි කර ගතහැකිය.

මේ අතර ගෝඨාගේ මෙම හදිසි මිලිටරි ජුන්ටා ආගමනය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් මේ වන විට බුද්ධි අංශ විසින් අනවරණය කොට ගෙන ඇති බවත් සියළු විස්තර ඇතුලත් සවිස්තරාත්මක වාර්තාවක් මේ වන විටත් ආරක්ෂ අමාත්‍යාංශය වෙතට යොමු කොට ඇති බවත් වාර්තා වෙනවා.

දැන් ඉතින් ” ගෝඨා බය ” ඇරඹි ඇති අතරම ගෝඨාට විරුද්ධ කාට කාටත් අබ සරණය.

 

Top