LNN SPY

ගෝඨාගේ හොරු නැති රට… විශ්‍රාමය පවා අහිමිකර ගේදර යැවු හොරෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට!

Published on: Dec 9, 2019- අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස අපකීර්තිමත් පුද්ගලයෙකු පත් කිරීමට සුදානම් වන බවට චෝදනා එල්ල වනවා. ශ්‍රි ලංකා අධ්‍යාපණ පරිපාලන සේවයේ 1 පන්තියේ සේවයෙන් විශ්‍රාම ගැන්වු H A උපාලි ගුණසේකර මේ අකාරයට පත්කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිසුන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතා සිදු කිරීම නිසා වැඩතහනමට ලක්ව සිටි අතර ඒ හෙතුවෙන් විශ්‍රාම වැටුප ද අහිමිවූ අයෙකු බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ. කුප්‍රකට ගුරු හොරෙකු වන ගුණසේකර නැමත්තා ඉසිපතන විද්‍යාලයේද කාලයක් විදුහල්පති ලෙස කටයුතු කල අතර එහිදි සිදුවු හොරකම් සහ දුෂණයන් මුදල් භාවිතා කර වසාගැනිමට සමත්වු අයෙකුද වේ.

පසුගිය කාලයේදී මෙම නිලධාරියාට අයත් වාහන 10ක් අධ්‍යාපන අමාත්‍යංශයට කුලී පදනම මත ලබා දී මාසිකව ලක්ෂ 15කට අධික මුදලක් ලබා ගන්නා බවට ද චෝදනා එල්ල වුණා.

දෙමාපියන්ගෙන් හුරන් කෑ ගුණසේකරගේ ජිල්මාට් වැඩ

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකරගේ අනුදැනුම ඇතිව විද්‍යාලයේ 6 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් රහසිගතව පවත්වාගෙන ගිය අතර මුදල් ලබා ගනිමින් දරුවන් හොරෙන්ම එම විද්‍යාලයට ඇතුළු කර එම පංතිය පවත්වාගෙන ගිය අයෙකුද වේ.ඒ හරහ මාසිකව ඔහු ලබාගෙන තිබු මුදල් ප්‍රමාණය මිලියන 5කට අධිකය.

Top