LNN SPY

ගෝඨාභයගේ රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය…. ඉතිහාසයේ වැඩිම මහවිරු සැමරුම් මෙදා… විමල්,ගම්මන්පිල ජනතාවට උත්තර දිපන්

Published on: Nov 27, 2019 – නොවැම්බර් 26 වන දින දෙමළ ඊලම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ 65 වන උපන්දිනය සැමරීමට මහාවිරු (Tamil Eelam Heroes Day)වැඩසටහන් 91ක් උතුරේ සංවිධානය තිබේන බව උතුරේ අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

දකුණේ පාලකයන් ලෙස රාජපක්ෂ සහෝදර සමාගම නැවත පැමිණීම හේතුවෙන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දී සිටින දිවයිනේ උතුරු හා නැගෙනහිර වාඩිලාගෙන සිටින දෙමළ ඊලාම්හි ජනතාව මේ වසරේ ද නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව දෙමළ ඊලාම් වීරයන්ගේ දිනය සැමරීමට කටයුතු කරන බවයි උතුරේ දෙමල නායකයන් සදහන් කර ඇත්තේ.

ඒ අනුව මුල්ලි-වයික්කල්හි,නැගෙනහිර ත්‍රිකුණාමලයේ සහ කිලිනොච්චි සහ මුල්ලෙයිතිව්, කොපායි, උඩුප්පිඩිහි එලන්ග්-කුලාම් සහ කොඩිකාමම් යන ප්‍රදේශ ඉලක්කර මහාවිරු වැඩසටහන් 91 ක්‍රියාත්මක විමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ඔහුගේ කණ්ඩායමේ විමල්,ගම්මන්පිල වැනි අන්තවාදී ඇම්බැට්ටයන් ගෝඨාභය බලයට ආ සැනින් මහවිරු සැමරුම් සියල්ලම් නතරකරන බවට වේදිකාවල ජනතාව ගොනාට අන්දවා ඇති බව පැහැදිලිය. රනිල් -මෛත්‍රී ආණ්ඩුව සමයේ මහවිරු සැමරුම් උත්සහ පවත්වා ඇත්තේ 51ක් වන අතර ඉතිහාසයේ වැඩිම මහවිරු සැමරුම මේ වසරේ සිදුවෙමින් තිබේ.

කිලිනොච්චි සහ මුල්ලෙයිතිව් දිස්ත්‍රික්කවල පැවති විවිධ උත්සවවලදී දෙමළ වීරයන්ගේ දෙමාපියන්ට ගෞරව කල අකාරය….

Top