LNN SPY

ගෝඨාභයගේ සුදුවෑන් යලි කරලියේ … තානාපති කාර්‍යාල වීසා සේවිකාව පැහැර ගනී.. ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය ඉවත් කර ගන්නා ලකුණු!

Published on: Nov 27, 2019- මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තට යැමට වීසා ලබාදීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනිම සදහා ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා අංශයේ සේවිකාවක් ගෝඨාභය රාජපක්ෂගේ සුදු වෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් තිබේ.

පෙරේදා සවස ඇය තානාපති කාර්යාලයේ සිට නිවස බලා ගොස් ඇති අතර පසුපසින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් සහිත සුදු වැන් රථයක් ඇයගේ නිවස ආසන්නයේදි පැහැරගෙන තිබේ.පැය 3කට ආසන්න කාලයක් ඇය වෑන් රථය තුලදිම ප්‍රශ්ණ කිරිමට ලක්ව ඇති අතර එම කාලය තුල වෑන් රථය නොනවත්වාම ගමන් කර තිබේ.ඇයගේ ජංගම දුරකතනද ඔහු විසින් ලබාගෙන ඇති අතර එහි දත්ත පිටපත් කිරිමක් සිදුකර තිබේන බවද පසුව අනාවරණය වි තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුවට පැමිණිල්ලක්ද කර ඇති අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සියලු රටවල් දැනුවත් කිරිමටද කටයුතු කර තිබේනවා.

මේ අතර අදාළ පැහැර ගැනිම සම්බන්ධයෙන්   සාකච්ජා කිරීම සඳහා මෙරට ස්විස්ටර්ලන්තයේ තානාපතිවරයා හෙට (27) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  හමුවීමට නියමිතයි.සාකච්ඡාවලින් පසුව ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලය ඉවත් කර ගැනිම සදහා කටයුතු කිරිමට සුදානමක් පවතින බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

2005-2015 දක්වා පැවැති රාජපක්ෂලාගේ  කලු දශකයේදිවත් තානාපති කාර්යාලය වලට මෙ අකාරයේ බලපෑම් එල්ල වි තිබුනෙ නෑ.

http://lankanewsnetwork.org/archives/21692

 

 

 

Top