LNN SPY

ගෝඨාභය ඇමතිකම් බෙදයි …ලොකු හැන්ද රාජපක්ෂලාට… විමල්ට කුඩම්මාගේ සැලකිලි… විමල් හලන මෙහෙයුම ක්‍රියාත්මකයි…

Published on: Nov 22, 2019- අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අමාත්‍ය මණ්ඩලය පත් කොට තිබෙනවා. ඒ අනුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ තවත් අමාත්‍යවරුන් 15 දෙනෙකු මේ වන විට එම අමාත්‍ය මණ්ඩලයට ඇතුලත් ව දිවුරුම් දී ඇති අතර අමාත්‍යාංශය බර ගණනක අයිතිය රාජපක්ෂලා සතු කරගෙන තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ – මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති,නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් සහ බුද්ධ ශාසන

චමල් රාජපක්ෂ – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික කටයුතු

ඉතිරි  අමාත්‍යධූර සංඛ්‍යාව පත් වේද නොවන්නේ ද යන්න පිළිබඳව තීරණය තවමත් ගෝඨාභය රාජපක්ෂ ගේ සැළසුම් වල තිබෙන අතරම ප්‍රසිද්ධියට පත් වී නැත.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි අවධානය යොමු කිරීමේදි බැලු බැල්මට පෙනෙන කරුණක් වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය සමය තුළ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් යටතේ ද, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා යටතේ ද පැවති රටක අත්‍යවශ්‍ය හා වැදගත් විෂය පථයන් සියල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් අතර බෙදි ගොස් ඇති බවය.

ඒ අනුව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති,නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් සහ බුද්ධ ශාසන යන අමාත්‍යධූරයන් මහින්ද රාජපක්ෂ යටතද, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික කටයුතු අමාත්‍යධූර චමල් රාජපක්ෂ යටතද පවරා ඇත.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයයක් තමන් යටතේ තබා ගත නොහැකි අතර අමාත්‍යවරුන් පත් නොකරන සියළුම විෂය පථයන් අග්‍රාමත්‍යවරයා යටතට පත් වේ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ සඳහා එම බලතල සීමා කිරීම අදාළ නොවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යටතේ තිබෙන සියළුම අමාත්‍යංශ වල ට මැදිහත් වීමේ බලය පවුල හරහා ඔහුට ලැබෙන බැවිනි. ඒ අයුරින් ගත් කළ රටේ සමස්ත පාලනය මේ වන විට රාජපක්ෂ කුටුම්බය තුළ ස්ථාපිත වී ඇති බව පැවසිය හැකිය.

මේ අතර අන්ත ජාතිවාදී ස්වරූපයක සිටිමින් මැතිවරණ සටනට දායක වු දුෂිත විමල් විරවංශ හට ලබාදි ඇත්තේ පසුගිය රජයේ දයා ගමගේට ලබාදි තිබු මෙලෝරහක් නැති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව හා සංවර්ධන සැපයුම් කළමනාකාර අමාත්‍ය ධුරයයි.

ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය තමන්ට ලබාදෙන බව විමල් සිය මැතිවරණ ව්‍යාපාරය තුල දැඩි විශ්වාසයකින් පසුවු අතර ඊට අනුබද්ධිත ආයතන රැසකින් මුදල් ලබා ගැනිමටද විමල් කටයුතු කර තිබේ. (ඊට අදාල සාක්ෂී ඉදිරියේදි ඉදිරිපත් කිරිමට නියමිතයි. )

ජනාධිපතිවරණය අවසන් වි ප්‍රතිඵල පැමිනෙමින් තිබියදි විමල් විරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ නිවාස සංවර්ධන අධිකාරියට අයත් ආයතනයකින් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ඇත්තේද විමල්ට ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ලැබෙන බව සදහන් කරමින්‍ ය.

 

Top