LNN SPY

ගෝඨා තවම අමෙරිකානුවෙක් අමෙරිකාවම කියයි…. ඡන්දය පෙනි පෙනි දිලිත් ගෝඨාට කෙලවයි….. ගෝඨාගේ පුරවැසිකම ගැන විඩියෝව මෙන්න!

Published on – Nov 13, 2019 ගෝඨා තවමත් අමෙරිකන් පුරවැසියෙක් ද නැද්ද? මේ දිනවල ලංකාවේ බහුතරයක් විසින් කෙස් පැලෙන ඉදිරිපත් කරන තර්කයකි. ගෝඨා ට සහය දක්වන බයියන්ට අනුව ගෝඨාභය රාජපක්ෂ 2019 අප්‍රේල් මස 17 වෙනි දින සිටම අමෙරිකානු පුරවැසියෙක් නොවේ.

මේ මතය සනාථ කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ නිත්‍ය නීති උපදේශක, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස විවිධ ලියවිලි හා ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡා වලදි ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙක් නොවේ යන්නට පරසක්වල ගැහුවද මේ වන විට ඒ සියලු ප්‍රයත්නයන් ගඟට කැපු ඉනි බවට පත් වි අවසන් ය.

ගෝඨාගේ වන්දිභට්ට නාලිකාවක් විසින් අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදි ගෝඨා විසින් ඉදිරිපත් කරන සියළු තර්කයන් පරදා ගෝඨා තවමත් අමෙරිකානුවෙක් යන්න සාධක සහිතව පිළිගෙන ඇත.

එම වීඩියෝව පහතින්,

එම සාකච්ඡා ව අනුව යම් පුද්ගලයෙකුගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ මූලික කටයුතු සිදු කරන්නේ අමෙරිකානු තානාපති කාර්යාලය වන අතර පුරවැසිකම ඉවත් කර ගැනීමට ඉල්ලුම් පත්‍රය ලබා දීමෙන් අනතුරුව කරුණු සලකා බලා පුරවැසිභාවය අහෝසි කිරීමේ සහතිකය ලබා දෙනු ලැබේ. එය යම් තාවකාලික ලියවීල්ලක් වන අතර එයින් පසු පුරවැසිභාවය අත හැරීමේ ක්‍රියාවලිය රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් පරිභාහිර ආදයම් දෙපාර්තමේන්තුව වෙත යොමු වන අතර එහිදි අවශ්‍ය කරුණු සම්පූර්ණ වන්නේ නම් පමණක් පුරවැසිබව ඉවත් කිරීමේ ලේඛනය ට නම ඇතුලත් කරනු ලබයි. ඉල්ලුම් පත්‍රය භාර දීමේ සිට නම ලැයිස්තුවට ඇතුලත් වීම යන සියල්ල සම්පූර්ණ වූ විට පමණක් පුද්ගලයෙකුගේ පුරවැසි බව අහෝසි වේ.

එම ප්‍රකාශිකාවට අනුව මෙය වෙනස් නිලධාරින් පන්ති දෙකක් මෙහෙයවන බැවින් මාස කිහිපයක කාලයක් ගත වේ.

ඒ අනුව ගෝඨාගේ පුරවැසිබව අහෝසි වී ඇති බවට අලි සබ්‍රිලා පෙන්වන ලියව්ල්ල සත්‍ය ලියවීල්ලක් නම් දැනට ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය තිබෙන්නේ අමෙරිකානු අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ය.

ඒ අනුව ගෝඨාභය තවමත් අමෙරිකානු පුරවැසියෙකි.

ඉල්ලුම් පත්‍රය දුන් සැනින් ඊලඟ කාර්තුවේ ලැයිස්තුවේ ගෝඨාගේ නම සඳහන් වේ යැයි ගම්මන්පිල ලා පොර ටෝක් දුන්නේ අමෙරිකාවේ නිලධාරින් ද ගතමනාවට ෆයිල් උඩින් යවනු ඇතැයි විශ්වාසයෙන් ද නොඑසේනම් නොදන්නා කම නිසාද යන්න නොදනිමු. නමුත් අමෙරිකාවේ නිලධාරින් යනු ඩොනල්ඩ් ට්‍රම්ප් ටද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන පිරිසක් බව දනිමු.

එබැවින් ගෝඨාගේ නම් අභ්‍යන්තර ආදයම් දෙපාර්තමේන්තුවේ සියලු පරීක්ෂණ වලින් සමත් වී ෆෙඩරල් රෙජිස්ට්‍රයේ නම් ඇතුලත් වන තුරු ඉවසිය යුතු බවත් ඒ වෙනතෙක් ගෝඨා අමෙරිකානු පුරවැසියෙක් බවත් අවධාරණය කරමු.

මේ සුද්ධ සිංහල නොතේරෙන යම් කෙනෙකු ඇත්නම් මීටත් වඩා සවිත්තරාතමක ලෙස traval.state.gov   වෙබ් අඩවියේ තොරතුරු ඇති බවද මතක් කරමු.

රාජ්‍ය නාලිකාවක් හෝ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිවාදි අපේක්ෂකයාට සහය දක්වන නාලිකාවක් විසින් හෝ කළ යුතු මෙවැනි වැඩසටහනක් ගෝඨාවාදි දෙරණේ විකාශය වීම ගැන මුලින්ම ඇති වු කුතුහලය ඔස්සේ අප පෙනිගියේ දෙරණේ අධිපති දිලිත් ජනාධිපතිවරණය පේන මානයේ ක්‍රමයෙන්  සිය වර්ණය වෙනස් කරමින් සිටින බවයි.

දේශපාලන හා ආර්ථික වාසි වෙනුවෙන් මාධ්‍ය කරන දිලිත් ලා ගෝඨාවාදි වහල්ලුන්ගෙන් වෙනස් වන්නේ ප්‍රතිලාභයක් නොමැතිව එක තත්පරයක හෝ ගුවන් කාලයක් වෙන් කිරීමට අකමැති වීම හරහාය. පසුගිය දවස් කිහිපයේම ගෝඨා සමඟ ජන රැලි කිහිපයකට සහභාගි වූ දිල්ත් වටහා ගත් යථාර්ථය වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සැබෑ ජන මතය බිඳ වැටෙමින් පවතින බවත් සත්‍යවශයෙන්ම සජිත් අභිබවා යාමට ගෝඨාභය ට නොහැකි බවත්ය .

එසේම අමෙරිකානු පුරවැසිබව පවා ඉවත් වී නොමැති අවස්ථාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරි පත් නොවන බවත් තේරි පත් වූවද වැඩිකල් ජනාධිපති නොවන බවත් අවබෝධ කරගත් දිලිත් තම අනාගත සුභසිද්ධිය උදෙසා අන්තවාදි දෙරණ මැද මාවතට පසුගිය දින කිහිපයේ ගෙන ආ අතරම සජිත් ප්‍රේමදාස වෙත සම ගුවන් කාලයක් ලබා දීමටද කටයුතු කරනු ලැබිය.

ඒ අනුව දෙරණ මේ කළ සාකච්ඡාව ගෝඨාට දැඩි අවාසියක් ගෙන ආ අතරම දිලිත් ගේ මේ සටකපට ගේම සමඟ ඉංග්‍රිසි තේරෙන, හා කියවිය හැකි සියලු මධ්‍යම පාන්තික ඡන්ද ප්‍රමාණය ගෝඨාට අහිමි කර ඇත.

 

 

Top