Political

ගෝඨා වෙනුවෙන් ඡන්දය ඉල්ලන ඔටුවා…… අන්තවාදින් සමඟ එක යහනේ සැතපෙන ගෝඨාගේ වැඩ….. බඩුත් එක්ක හොරු මෙන්න විඩියෝව…

Published on – Nov 13, 2019 සියළු මැතිවරණ නීති හා ජනාධිපතිවරණ උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ පිල සිය ජනාධිපති සටනේ අවසන් අදියර ක්‍රියාත්මක කරමින් පවතිනවා.

දකුණේ ජනතාවට එකක් කියමින්, උතුරේ ජනතාවට තව එකක් කියමින්, නැගෙනහිර ජනතාවට වෙනස් ම දෙයක් කියමින් මුල සිටම දෙපිටි කාට්ටු මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කල්ලිය මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් ලවා ම ඡන්ද ඩහැගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කොට තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා හා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා පවා දී ඇති හිස්බුල්ලා ගෝඨාභය රාජපක්ෂ වෙත ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටින ආකාරය ඇතුලත් විඩියෝ පටයක් අප වෙත ලැබී තිබෙනවා.

දෙමළ භාෂවෙන් ඇති මෙම විඩියෝ පටය තුළ අන්තර්ගත වන්නේ පළමු මනාපය ඔටුවා ලකුණ වෙත ලබා දී දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දෙන ලෙසය.

හැමවිටම අධෝමුඛයෙන් කතා කරන, ජාතින් අතර අසමගිය වර්ධනය කොට මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් නිර්මාණය කිරීමට උත්සහ කරන විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට මෙම ඡන්ද කැප දැයි විමසීමට හිතෙන්නේ තවමත් පාස්කු ප්‍රහාරයේ චෝදනා ව මෙම ආණ්ඩුව වෙත යොමු කරන ඔවුන් නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලයක් ගෙන ආ හිස්බුල්ලා හුරතල් කරනා ආකාරය දැකීමෙනි.

පොහොට්ටු කල්ලිය කෙතරම් සුදු හුණු ගෑමට උත්සහ කළද පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බව මේ වන සාක්ෂි සහිතව ඔප්පු වී අවසන් අතර ගෝඨාභය රාජපක්ෂ සහරාන්ව පෝෂණය කළේ හිස්බුල්ලා හරහාය .

හිස්බුල්ලා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතිවාදියෙකි. කාන්තන්කුඩි ප්‍රදේශයේ වෙනම අන්තවාදි මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කරන්නේ හිස්බුල්ලා ය. සහරාන් ආ නිර්මාණය කොට රටේ ජාතිවාදී ගිනි අවුලන්නට උඩ ගෙඩි දෙන්නේ හිස්බුල්ලා ය. මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලයට එරෙහිව රටේ ම විරෝධතා ගොඩ නැගෙද්දි විශ්ව විද්‍යාලය කිසි දින වසා නොදමන බවත් පුළුවන් දෙයක් කරන්න යනුවෙනුත් වහසි බස් දොඩන්නේ හිස්බුල්ලාය . ගෝඨා රෙදි නැතුව නිදි වදින්නේ මෙවන් අන්තවාදියෙකු සමඟය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් හිස්බුල්ලා වැනි අන්තවාදීන් සමඟ අත්සන් කොට ඇති ගිවිසුම් රටේ ජනතාවට දැන ගත හැකි පරිදි ඉදිරිපත් කරන ලෙස මහින්ද රාජපක්ෂට අභියෝග කළද විලි සංගයක් නැතුව මුනිවත රකින රාජපක්ෂලා විමල් වීරවංශලා, ගම්මන්පිලලා,මධුමාධව අරවීන්දලා වැනි රිලා පනික්කියන් හරහා පොහොට්ටු වහලුන් නොනවත්වා අන්දමින් සිටි.

 

Top