Political

දුෂිතයන් එක්ක ගියොත් 2/3 ගන්න බෑ…. දුෂිතයන් ගැන වාර්තාව ජනපති අතට… ගෝඨාගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්! බැසිල්ගෙන් අනතුරක්!… පොහොට්ටුවේ නායකයන්ට ජාතිකත්වයක් නැහැ…

Published on: Jan 30, 2020- 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ නිහඬතාව ගෝඨාභය පාර්ශවයේ උගතුන් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. එහිදි 19 ය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවි තිබේන අතර මහින්ද රාජපක්ෂ මහතා 19 සම්බන්ධයෙන් දක්වන නිහඬතාව මෙන්ම නිද්‍රාශීලි පිළිවෙත සම්බන්ධයෙන් එහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ගෙන තිබේ.

මහින්දගෙ ඉල්ලිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය 19 සම්මත කර ගැනිමට ඡන්දය ලබාදුන් බවත් එදා මහින්ද විරුද්ධ වුණා නම් දහනවය සඳහා තුනෙන් දෙකේ බහුතරය නොලැබෙන බව පෙන්වා දුන් උගතුන් 19 සෑබෑවටම අවශ්‍ය වුයේ මහින්දට බව දැන් ඉතාම පැහැදිලි බවද එම කණ්ඩායම අතර සාකච්ඡාවි ඇත්තේ.

මේ වනවිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා 19 යට විරුද්ධ බව පිලිගෙන ඇති බවත් මෙහිදි සාකච්ඡා වි ඇති අතර මෛත්‍රීගේ එම විරෝධතාව ඉදිරි මහා මැතිවරණයේදි භාවිතා කිරිමට කටයුතු කලයුතු බව පෙන්වා දි ඇති අතර මේ වනවිට රටතුල බඩුමිල ඉහල යෑම ඇතුලු අනෙකුත් බරපතල ප්‍රශ්ණ කිහිපයක්ම විසදා ගැනිමට තුනෙන් දෙකක් අවශ්‍ය නැති බැවින් ඒ සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකල යුතු බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

සිංහල, බෞද්ධ බලවේග ලෙස පෙනී සිටින අන්තවාදී,වියත්මගෙ සහ එළිය නියෝජනය කරන කණ්ඩායම් මහා මැතිවරණයෙදි ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව තුනෙන් දෙකක් ලබා ගැනිම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදුකර තිබේ.

එහිදි ගෝඨාභය බලයට පත් වුණෙ සිංහල ඡන්දවලින් බවත් ජනාධිපතිවරණයේදි සිංහලයන්ගෙන් 70%පමණ ඔහුට ඡන්දය දුන් බවත් ඒ අනුව මහ මැතිවරණට එම ප්‍රථිපලයම ලැබුනහොත් මන්ත්‍රී ධුර 130ක් පමණ පමන ලබා ගැනිමට හැකියාව ඇති නමුත් පවතින සමාජ විරෝධතා හමුවේ දැනට මන්ත්‍රීධුර 108-110 ඉක්මවා යැමට හැකියාව නැති බවද සාකච්ඡා වි තිබේ.

මහින්දලාගේ බැඳුම්කර මගඩි ගෝඨාට පරාවලල්ලක් …….

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා සිදුව ඇති අතර ඉදිරි මැතිවරණ වලදි විපක්ෂය එය ඉතාම සියුම්ව භාවිතා කරනු ඇති බව පෙන්වා දි ඇති කණ්ඩායම ඒය භාවිතා කරමින් පසුගිය දුෂිතයන් සියලුම දෙනා පරාජය කිරිමට අවස්ථාවක් උදා වි ඇති බවද සාකච්ඡාවට පත්ව තිබේ.

ඒ අනුව වෝහාරික විගණන වාර්තාව හෙවත් අධිකරණ විගණන වාර්තාව භාවිතා කරමින් 2015න් පසුව ඇති වු සිදුවු පාඩුව මෙන්ම සමස්ථයටම අර්ජුන් ඇලෝෂියස්ගේ ඇතුලු කණ්ඩායම වගකිවයුතු බව ජනතාවට එත්තු ගැන්විමට විශේෂ කැම්පෙන්ග් එකක් සකස් කිරිම මෙන්ම පාඩුවක් සිදුවීම හා මගඩියක් වංචාවක් අතර වෙනස කුමක් ද? යනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්විමටද සාකච්ඡාවේදි තින්දුකර තිබේ.

ගෝඨා ප්‍රමුඛ සන්ධානයක්!…

වියත්මග නියෝජනය කරන 70ක පමන මන්ත්‍රීවරුන්ද සහිත මන්ත්‍රී ධුර 150ක් ලබා ගැනිම සදහා ගෝඨා ප්‍රමුඛ නව සන්ධානයක් අවශ්‍ය බවත් ඒ සදහා මේ වනවිට සමාජයේ දැඩි ලෙස විවේචනයට මෙන්ම විරෝධයට ලක්වන දූෂිතයන් එම නව සන්ධානයෙන් ඉදිරිපත් කලයුතු බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ. 150ක් වෙනුවෙන් සිංහල ඡන්දවලින් 80%ක් ලබා ගතයුතු බවත් ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ උගත්,වියතුන් සෘජුවම සිංහලයන්ට කත යුතු බවයි එම කණ්ඩායමේ අදහස වි ඇත්තේ. ඒ සදහා ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් පක්‍ෂ හා සංවිධාන දහහතක් සහිතව පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය වහාම ලියාපදිංචි කලයුතු බවත් එහිදි යෝජනා වි තිබේ.

ඒ අනුව නව සංධානය හැකි ඉක්මණින් ලියා පදිංචි කිරිම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට ගෝඨාභයජනාධිපතිවරයා දැනුවත් කිරිමට තින්දු කර තිබේ.

මේ අතර දැනට ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන්ගේ දුෂණ සම්බන්ධයෙන් පසුගිය දින 30ක් කාලයක් තුල සකස් කරන ලද විශේෂ වාර්තාව මේ සතියේ ජනාධිපතිවරයාට ලබාදිමටද මෙම සාකච්ඡාවේදි තිරණය වි තිබේ.

පොහොට්ටුව සහ බැසිල් භීතීකාව

නව සන්ධානයක් සැදිමේදි අනිවාර්යයෙන්ම පොහොට්ටුවාදීන් එයට විරුද්ධ වන බව වියතුන් කිහිප දෙනෙකු අදහස් දක්වා ඇති අතර උගත් පණ්ඩිතයෙකු එහිදි සදහන් කර ඇත්තේ

“ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්දද …. වෙන ලකුණකින් ඉදිරිපත් වුණා නම් පරදිනවා ද? ගෝඨාභය කොකා ලකුණෙන් ඉල්ලුවා නම් පරාද වෙනවා ද? එහෙම නැත්නම් පරදින්න තිබුණ ද? කාටද එහෙම කියන්න පුලුවන් එහෙම කියන්න කටවත් බෑ….”

“මෙහෙම බලන්න 2019 නොවැම්බරයට පෙර කිසිම ඡන්දයකින් 50%ක ඡන්දයක් ගන්න බැරිව තිබිය දී ගෝඨාභය පොහාට්ටුවෙන් ඉදිරිපත් කරන්න තීරණය කෙළේ ඇයි? ගෝඨාභය පරදිනවා නම් බැසිල් මහින්ද එකට ඉඩ දෙයිද?නෑ ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු ඡන්දය දුන්නේ පොහොට්ටුවට නෙවේ ගෝඨාභයට.”

“අනිත් එක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අපට අමතක කරන්න බෑ… මේ රටේ ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයයි…. පොහොට්ටුව ජාතිකත්වයේ පක්‍ෂයක් නොවෙයි. ”

“පොහොට්ටුවේ ඇතමුන් අද වැඩ කරන්නේ ශ්‍රීලනිපය නැති කරන්න ඒ මෛත්‍රිපාල සමග ඇති පෞද්ගලික ප්‍රශ්ණ නිසා නමුත් එයාලා දන්නේ නෑ අන්තිමට මේ දේවල් නිසා දුර්වල වෙන්නේ ගෝඨාභය බව. ”

බැසිල් රාජපක්ෂ ලංකාවෙන් බැහැර ඉන්නේ නව සන්ධානය පිළිබඳව ඔහුගේ ඇති අකමැත්ත නිසා බවත් පොහොට්ටුව තනි පක්ෂයක් ලෙස බලයට ගෙන ඊලග අගමැති කම ඔහු සතු කර ගැනිම සදහා සියුම් මෙහෙයුමක් දියත් වන බවද එහිදි සාකච්ඡා වි ඇති අතර යම් හෙයකින් මහින්ද රාජපක්ෂ අවසන් ගමන් ගියහොත් පළාත් පාලන ආයතනවල බලය හොබවන,ජනාධිපති බිහි කරපු තනී පක්ෂයක හිමිකරු බැසිල් බැවින් ඔහුට ලේසියෙන්ම අගමැති විය හැකි බවයි එහිදි සාකච්ඡා වි ඇත්තේ. බැසිල් ඊනියා ෆෙඩරල්වාදියෙකු බැවින් ලේසියෙන්ම සුළු පක්ෂ තමන්ගේ අතට ගනිමින් ඔහුන් සමග කටයුතු කරනු ඇති බවත් එ හරහා සිංහලයන්ගෙ අපේක්ෂා යලිත් බිද වැටෙන බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

පොහොට්ටුවේ නායකයන්ට ජාතිකත්වයක් නැහැ…

“පොහොට්ටුවේ නායකයන්ට ද ජාතිකත්වයක් නැහැ… ඔවුන් අටපිරිකර උස්සා ගෙන මල්වත්තට අස්ගිරියට ගියාට ජාතිකත්වයක් ඇති වන්නේ නැහැ. ඒ මදිවාට අද ඒ පක්‍ෂය වටා ජාතිකත්වයට විරුද්ධ පිරිස් පවා මන්ත්‍රීකම් ඇමතිකම් බලාපොරාත්තුවෙන් එකතු වෙලා ඉන්නවා. ජාතිකත්වයට විරුද්ධ කිසිවකු පාර්ලිමේන්තුවට නොඑවීමට ජනතාව වග බලාගන්න ඕන.. ඒ සදහා අපි ජනතාව දැනුවත් කල යුතුයි….”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top