LNN SPY

නීතිඥ සංගමයට කෙලවා… රටේ නීතියට කෙලවන්න හදන නීතිඥ සංගමයේ ලොක්කා කනෙන් ඇදලා දොට්ට දමනු! නීතිඥ සංගමයේ සභාපති කාගේ බළල් අතක්ද?

Published on: Aug 4, 2018- නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරන අතරම නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරනු ලබයි. එවිට එම රට තුල, ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ.

රටක රාජ්‍යක් තහවුරු කරනු ලබන්නේ එම රටතුල යම්කිසි නීතිපද්ධතියකට අනුව පාලනයක් පවතින බවයි. නමුත් රටක පවතින නීති එක කොටසකට පමණක් ක්‍රියාත්මකවේනම් එසේනැත්නම් එක කණ්ඩායමකට එක අයුරකින් තවත් කොටසකින් තවත් අයුරකින් ක්‍රියාත්මක වේනම් එතැනදී සමාජයට පවතින රාජ්‍ය තුල විශ්වාසයක් නැතිවන අතර තමාගේ ආරක්ෂාව තමාටම සලසා ගන්නා මට්ටමකට යන හිතුවක්කාරී තත්වයකට නැඹුරු වීමට ඉඩ ඇත. ඒ වාගේම තවත් කොටසක් බිය නිසාම යටපත්වී ජීවත්වන අනාරක්ෂිතා තත්වයකටද පත්වේ.

1974 නොවැම්බර් මස ආරම්භ වූ නීතිඥ සංගමය ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින නීතිඥ වෘත්තිකයන්ගේ එකම සංවිධානයයි. මෙහි ආරම්භක සභාපතිවරයා වූයේ කීර්තිමත් නීතිඥවරයකු වූ රාජ්‍ය නීතිඥ ආචාර්ය එච්.ඩබ්ලියු. ජයවර්ධන මහතාය. මේ සංගමය නියෝජනය කළ අනෙකුත් කීර්තිමත් නීතිඥයන් වූයේ නීතිඥ අර්ඞ්ලි පෙරේරා, නීතිඥ එච්.එල්.ඞී. සිල්වා, නීතිඥ රංජිත් අබේසූරිය, නීතිඥ ඉක‍්‍රම් මොහොමඞ් වැන්නවුන් ය. ඒ නීතිඥ සංගමයේ කීර්තිමත් ඉතිහාසයය. එහෙත් දැන් සිදුවී ඇත්තේ, නව සභාපති වන යූ.ආර්. ද සිල්වා යටතේ සංගමයේ අභිමතය වෙනුවට ඔහුගේ පෞද්ගලික අභිමතය මත සංගමයේ කටයුතු පෙළගැස්වීමයි. කෙනෙකුට නැගිය හැකි ප‍්‍රශ්නය වන්නේ යූ.ආර්. ද සිල්වා මහතා පෞද්ගලික අභිමතය පරිදි කටයුතු කරන්නේ නම් දෙවනවර නීතිඥ සංගම් නිලවරණයෙන් නිතරඟයෙන් පත් වන්නේ කෙසේද කියාය.

කෙසේවුවද නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධව සාමාජිකයන් විශ්වාසයෙන් හා භක්තියෙන් කටයුතු කරයි. එහෙයින් මූල්‍ය වංචා, හිතවතුන්ට හා හිතවතියන්ට අනුග‍්‍රහය දැක්වීම්, සිය නිලය භාවිත කරමින් තම පවුලේ සාමාජිකයන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීම, ව්‍යාපාර කිරීම් හා සංගමයේ දේපළ පෞද්ගලික දේපළක් යැයි සිතා පරිහරණය කිරීම වැනි අකටයුතුකම් සම්බන්ධයෙන් බහුතරයක් මුනිවත රකී. එහෙත් අප දන්නා නීතිඥ සංගම් ඉතිහාසයේ එවැන්නක් සිදුවී නැත.

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ කෙරුවාවන් එළිදරව් වීමට පටන් ගන්නේ පසුගිය වසරේ අගභාගයේ දීය. යූ.ආර්. ද සිල්වාගේ මෙහෙයුම රටේ නීතියේ ආධිපත්‍ය බලය දේශපාලනයට යටකර රටේ ජනතාවට නීතිය සම්බන්ධයෙන් ඇති ගෞරවය සහ අපක්ෂපාතීත්වය නැතිකර දැමිමය.

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ කෙරුවාවන් මේ සියල්ලටම අදාළ සාක්ෂි අප සතුව ඇත.

01. ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ ධුර කාලය තුළ කරන ලද ගනුදෙනු වරලත් විගණන ආයතනයක් මගින් විගණනය නොවීම.

02. සංගමයේ මුදල් විධිමත් ක‍්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම. (ගාල්ල ප‍්‍රසිද්ධ හෝටලයක පැවති නීතිඥ සංගමයේ වාර්ෂික හමුවේදී කරන ලද වියදම් සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි වීම.)

03. 2017 – 2018 වර්ෂවල දී පැවති පළාත් සම්මන්ත‍්‍රණ සඳහා මුදල් වෙන් කිරීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි වීම. (පුද්ගලික ගිණුම්වලට මුදල් බැර කිරීම)

04. සිය නිලය භාවිතා කරමින් තම බිරිඳගේ ආයතනයෙන් සේවා දිගුවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය තුමා හරහා අදාළ ආයතනයේ සභාපතිවරයාට බලපෑම් කිරීම. අදාළ සේවා දිගුව ලබා නොදුන් බව ප‍්‍රසිද්ධියේ අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දීම.

05. නීතිඥ සංගමයට අයත් ගොඩනැගිල්ල නීතිඥ සංගමයේ කටයුතුවලට බාධා වන ලෙස වෙනත් පාර්ශ්වයකට කුලී පදනම යටතේ ලබා දීම.

06. නීතිඥ සංගමයේ ලාංජනය නීති ප‍්‍රවේශ උපකාරක පන්ති සඳහා යොදා ගැනීම නිසා අනෙකුත් නීති ප‍්‍රවේශ උපකාරක පන්ති පවත්වන නීතිඥයන් අතර ලැදියාවන් අතර ගැටුමක් ඇති කිරීම.

07. සිය ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීමට උදව් කරනා නීතිඥයන්ට, මිතුරන්ට හා ඥාතීන්ට විනෝද වීම සඳහා සංගමයේ මුදලින් සංදර්ශන පැවැත් වීම.

08. නීති ආධාර ලබා දීමට පවත්වන සම්මන්ත‍්‍රණවලදී තමන් විසින් රචිත ග‍්‍රන්ථ සහභාගිවන්නන්ට තම ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා නොමිලේ ලබාදී පසුව ඒ සඳහා මුදල් සංගමයේ අරමුදලින් ලබා ගැනීම.

09. නීතිඥ සංගමයේ සම්ප‍්‍රදාය වන්නේ සාමාජිකයන් අතර විනෝදාස්වාදය සපයන වැඩසටහන් පවත්වා සහභාගි වන්නන්ට ප‍්‍රවේශපත් නිකුත් කර එම ආධාරවලින් නීතිඥ සංගමයේ අරමුදල ශක්තිමත් කිරීමයි. ඒ වෙනුවට ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කර ඇත්තේ සංගමයේ අරමුදලින් විනෝදාස්වාදය සපයන වැඩසටහන් පවත්වා අරමුදල දුර්වල කිරීමය.

10. තමන්ගේ සංදර්ශන පැවැත් වීම හා සම්බන්ධ ප‍්‍රශ්න කිරීම් හමුවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඔහුට මුදල් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති අධාර යටතේ බවයි. එහෙත් අප ඒ සම්බ්ධයෙන් කළ විමසීමකදී අදාළ නීති ආධාර කොමිෂන් සභාවේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ එවැනි කටයුතු සඳහා කිසිවිටෙකත් එසේ මුදල් ලබා දීමක් සිදු නොකරන බවයි.

නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්න්ධයෙන් අප විසින් ඉදිරිපත් කරන මෙම චෝදනා හා සම්බ්න්ධ වැඩිදුර තොරතුරු හා සියලූ සාක්ෂි අප සතුය. උක්ත කරුණු සමග ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා එකඟ නොවන්නේ නම් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු. යම් හෙයකින් සභාපතිවරයා මේ සඳහා ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් එයින් අදහස් වන්නේ අපගේ චෝදනා සියල්ල සත්‍ය බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපරාධකරුවන් ආරක්ෂා කරන ආයතනයක් බවට පත්ව ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද පෙන්වාදුන් අතර ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාෆියාවක් බවයි.අධිකරණ සංවිධාන පනතට සංශෝධන ගෙන ඒමට සිදුවූයේද තවදුරටත් තක්කඩින් ආරක්ෂා කරන නිසා යැයිද කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නා.

නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා තමන් නීතියෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරන බව නීතිඥ නාගානන්ද මහතා ප්‍රකාශ කළේය. හොරුන්ට, දුෂිතයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රටක් කියා සිටිද්දී නීතිඥ සංගමයේ සභාපති අභියෝග කරන්නේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් නඩු කල්දැමීමට ඇති අවස්ථාව අහිමි වන බව යැයි පැවසූ නාගානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන පක්ෂ සමඟ නීතිඥයින්ට කටයුතු කළ නොහැකි බවයි.

Top