LNN SPY

බලය වෙනුවෙන් රට උගස් කරන රාජපක්ෂලාගේ දේශප්‍රේමය… උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න වරදරාජා පෙරුමාල්ට පොරොන්දුවක්……

Published on- Nov 4, 2019 – ජාතිප්‍රේම්, දේශ හිතේෂි ජාතියේ අප්පච්චි මහින්ද රාජපක්ෂ, ජාතියේ කුඩා අප්පොච්චි ඇතුළු පොහොට්ටු දේශප්‍රේමි නඩය මේ දිනවල යලිත් රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩත්වය, ජාත්‍යාලය, දේශප්‍රේමය ගැන කතා කරමින් පවති.

මෙම තත්ත්වය වර්ධනය වූයේ දෙමළ සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බවට ප්‍රකාශ විමත් සමඟ වීම විශේෂත්වයකි. දෙමළ සන්ධානයේ සහය සජිත් වෙත ලැබීමත් සමඟ උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද අනිවාර්යයෙන් ම අහිමි වන බව දැනීමෙන් පරාජයෙන් වියරු වැටිණු පොහොට්ටු නඩය මෙම දේශප්‍රේමය ජාත්‍යාලය සිය එකම ගැලවීමබවට පත් කර ගනිමින් සිටිති.

මෙහිදි විශේෂවන්නේ දෙමළ සන්ධානයේ සහය ලබා දීම වෙනුවෙන් කිසිම දේශපාලන ගිවිසුමක් හෝ කොන්දේසි පත්‍රිකාවක් අත්සන් නොතැබීමයි. එසේම ඔවුන් රට බෙදීම හෝ ෆෙඩරල් පාලනයක් නොඉල්ලන අතර ඒකිය රටක බලය බෙදීම තුළින් පමණක් දේශපාලන අර්බුදයට පිළියම් සොයන බව ද ප්‍රකාශ කොට ඇති.

දෙමළ සන්ධානයේ මේ තීරණය විවේචනය කිරීමෙන් සජිත් රට ජාතිය ආගම විනාශ කරන බවට කෑමොර දෙන මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ කල්ලියේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙන බව දැන් දැන් තහවුරු වෙමින් පවති.

“1990 ත්‍රිකුණාමල නගරයේ වෙනම ඊලම් රාජ්‍යක් ප්‍රකාශ කරල ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊලම් කොඩිය ප්‍රසිද්ධියේම ඔසවපු වර්ධරාජා පෙරුමාල්ල. අද කොහෙද ඉන්නෙ? “

දේශප්‍රේමය, ජාතිය, ආගම යනු මහින්දලාට සිය ඡන්ද ගොඩ වැඩි කිරීමේ එක අර්ගයක් පමණක් බව පෙනෙන්න්නේ අනුන්ට චෝදනා කරමින් දෙමළ ජාතිකයන් හෑල්ලුවට ලක් කරන ඔවුන් පළාත් සභා මන්ත්‍රි වරදරාජා පෙරුමාල් සමඟ ඇති කරගෙන තිබෙන රහස් ගිවිසුම හෙලි වීමත් සමඟය.

වරදරාජා පෙරුමාල් මෙවර ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ සහය දෙන බව ප්‍රකාශ කළ අතරම ගෝඨාභය රාජපක්ෂ වෙත ඡන්දය දෙන ලෙසට උතුරේ ජනතාවට පවසා ඉදල් පාර පවා කෑ පුද්ගලයෙකි.

නමුත් වරදරාජාගේ සහය ලබා ගැනීම සඳහා මහින්ද, ගෝඨාභය, බැසිල් තුන් කට්ටුව හොර රහසේ ඔහු සමඟ ගිවිසුමකට එළැබි ඇත. කොන්දේසි ගණනාවක් ඇති එම ගිවිසුමේ උඩින්ම සඳහන් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූවාට පසුව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන බවත්, ආණ්ඩුකාරධූරය වරදරාජා වෙත ලබා දෙන බවත් ය.

එසේම මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වරදරාජා පෙරුමාල් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පළාත් සභා වෙනුවෙන් වැඩි බලතල ලබා දීමට මහින්ද රාජපක්ෂ එකඟ වූ බවය.

වරදරාජා පෙරුමාල් යනු 90 කාලයේ ලංකාවේ ජාතික කොඩිය යාපනයේදි බිම දමා පාගා ඒ වෙනුවට ඊලාම් කොඩිය එසවූ පුද්ගලයෙක්. ඉන්දු ලංකා ගිවිසුමෙන් ඇති කළ උතුරු – නැගෙනහිර පළාත් සභාවේ පළමු හා එකම මහ ඇමතිවරයා බවට පත්වූයේ වරදරාජා පෙරුමාල් මහතා වන අතර උතුරු – නැගෙනහිරට වෙනම ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලද්දේද ඔහු විසිනි.  එවන් පුද්ගලයෙකු සමඟ එකතු වී උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට, ආන්ඩුකාර ධූරය ලබා ගැනීමට ගිවිසුම් ගහන් මහින්දලාගේ දේශ ප්‍රේමය ගැන කවර කතා ද?

මහින්දලා වරදරාජා පෙරුමාල් සමඟ අත්සන් කොට ඇති කොන්දේසි ගිවිසුමේ පිටපතක් අප සතු වන අතර ඉතා නුදුරේදිම මහින්ද ලාගේ ව්‍යාජ දේශප්‍රේමය රටට හෙලි කිරීමට අපි එම ගිවිසුම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු න් සිටිමු.

උතුරට එකක් දකුණට එකක් කියන දකුණේ ජනතාව උතුරේදි රවටන, උතුරේ ජනතාව දකුණේදි රවටන රාජපක්ෂලාට රටේ අනාගතය කෙබදු වුවාද කම් නැත.  උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමෙන් ඇතිවන අයහපත් ප්‍රතිඵල පිළිබඳව ඔවුනට ගැටළුවක් නැත.

තවකෙක් කළ යුද්ධය හොඳ නම වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් තමා වෙත ආරූඩ කොට ගෙන සිටි රාජපක්ෂ ලාට උතුරේ දෙමළ මාපියන්ගේ දුක, දකුණේ සිංහල දෙමාපියන්ගේ දුක නොවැහැටෙනු ඇත. ඔවුනට අවශ්‍ය වන්නේ බලයයි.

වරදරාජා පෙරුමාල්ලා වැනි අන්තවාදින්, හිස්බුල්ලා වැනි අන්තවාදීන් ගේ කර මතිනි ගොස් හෝ අවශ්‍ය වන්නේ රජ වීමටයි. එසේ හෙයින් පපුවා ඉලුප්පා, ඇස්වල කදුළු පුරවා කෑගසන තරම් වූ දේශප්‍රේමයක්, ජාත්‍යාලයක් හෝ නොවන බව අපි මතක් කර දෙන්නෙමු.

Top