LNN SPY

“බලාගනින් ඔබලගේ පෞද්ගලික තොරතුරු ලීක් කරනවා…” නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අනතුරේ… ඔබත් NTB කාඩ් හිමියෙක් නම් මේ හඩපටය අහන්න …

Published on: Sep 20, 2018 – නේෂන් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank)ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට බැණවදිමින්,තර්ජනය කර ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවට නිවැසියන්ට දෙන බවට තර්ජනය කිරිමේ සිද්ධියක් අතුරුගිරිය පොලිසියෙන් වාර්තා වේ. ගෙදරට වැදගෙන එන වෙළද සහයකයන් ක්‍රෙඩිට් කාඩ් බලෙන් ඇගෙන් ගසා යම් අවස්ථාවක ගෙවිම් පහැර හැරිමක් සිදුවු අවස්ථාවක මේ අකාරයට හැසිරෙන්නේ නම් අදාල ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකු සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු බව අපගේ මතයයි.

අදාල ක්‍රෙඩිට් කාඩ් හිමියා තමන්ට කරන ලද තර්ජනය සහ අපහසය පිළිබඳව අතුරුගිරිය පොලිසියට කර ඇති පැමිණිල්ලෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වෙන අතර නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් අංශයේ නිළධාරියා කරන ලද තර්ජිත දුරකතන ඇමතුම් රැසක් ඇති අතර එයින් එක් හඩ පටයක්ද අප මේ සමග ඔබට අසන්නට සලස්වා තිබේ.

යම් පුද්ගලයෙකු ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගෙවිමක් කර නොමැති නම් ඒ සදහා කටයුතු කරන ආකරයක් තිබේන අතර එම ක්‍රියා පටිපාටිය ඉක්මවා ගොස් රටේ නීතිය අතට ගෙන මේ ආකාරයට හැසිරෙන නේෂන් ට්‍රස්ට් බැංකුව හෝ වෙනත් බැංකුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

නමුත් හාස්‍යජනක සිද්ධිය නම් මේ දක්වා පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් සිදු නොකිරිම ගැන නීතිය ක්‍රියාත්මක කරන්නන්ගෙ අවධානය යොමු විය යුතු අතර ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නා අයෙකු ම් කාඩ් පත භාවිතා කරමි මිළදි ගන්නා දේ හෝ ලබා ගන්නා සේවාවන් සම්බන්ධයෙන් අනවශ්‍ය අකාරයට බලපැම් කිරිම නින්දීත බවද අප සටහන් කර තබමු.

ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගත් ඔබට අත්වන ඉරණම…

නේෂන් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙකු වන මා හට පසුගිය කාලය පුරා ඇතිවූ ආර්ථික අපහසුතා හේතුවෙන් මාස දෙකක ගෙවීම් අතපසුවුණා. විශේෂයෙන්ම මගේ බිරිඳගේ හිසෙහි සිදුකල සැත්කමක් හේතුවෙන් මාගේ ආදායම් මාර්ග අවහිර වීමත්, සැත්කම සඳහා අධික වියදමක් දැරීමට සිදුවීමත් නිසා මෙම අතපසුවීම සිදුවූබව බැංකුවේ නියෝජිතයින් දුරකථන මාර්ගය ඔස්සේ අවස්ථා කිහිපයකදී මා විසින් දැනුවත් කරනු ලැබුවා. එබැවින් ඒ සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් ඉල්ලා සිටියත් එම නියෝජිතයින් එය ලබාදීම ප්‍රතික්ෂේප කලා. ඒ වෙනුවට ඔවුන් මා හට දුරකථනය ඔස්සේ නින්දිත ලෙස බැනවදිමින් බැංකුව සතු මාගේ පුද්ගලික තොරතුරැ පිටත පුද්ගලයින්ට ලබාදෙන බවට අවස්ථා කිහිපයකදී බැංකු නියෝජිතයින් විසින් තර්ජනය කරනු ලැබුවා.

එසේම මා දුරකතන මාර්ගයේ රඳවා ගනිමින් මාගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුටත්, ඔවුන්ගේ නිවැසියන්ටත් හා මාගේ නිවැසියන්ටත් ඔවුන්ගේ දුරකතනය ඔස්සේ බැනවදිමින් මා පිළිබඳව අසත්‍ය හා අපහාසාත්මක අයුරින් විවිධ ප්‍රකාශ සිදුකලා. ඒ පිළිබඳව මා දුරකථනය ඔස්සේ බැංකුවේ බලධාරියෙකු දැනුවත් කලද ඔහුට මාහට අපහාසාත්මකව බැනවැදුනා. ඔවුන් නියම කරන මුදල නොගෙවුවහොත් නිවසට පැමිණ අසල්වැසියන්ටද මා පිළිබඳ අපහසාත්මක තොරතුරැ ඉදිරිපත් කරන බවටද තර්ජණය කලා.

මාගේ බිරිඳ මේ වන විට හිසෙහි ශල්‍යකර්මයක් සිදුකර සුවය ලබමින් සිටින නිසා මෙම ඇමතුම් මගින් ඇයට ඇතිවන මානසික පීඩාව පිලිබඳව ද මා ඔවුන්ට කිහිපවිටක්ම පැවසුවත් ඔවුන් ඒ කිසිවක් පිලිබඳ තැකීමක් සිදුකලේ නැහැ.

පසුව මවිසින් නීතියේ පිලිසරණ ලබාගැනීමට 2018. 06. 26 දින අතුරැගිරිය පොලීසියට පැමිණිල්ලක් සිදුකරනු ලැබුවා (CIB-I 205/268). එහෙත් එම පැමිණිල්ල විභාග නොවුණ අතර දුරකථනය ඔස්සේ අපහස කිරීම බැංකුව විසින් තවදුරටත් සිදුකරගෙන යනු ලැබුවා.

පසුව මා විසින් පොලීසියෙන් කරන ලද විමසීමකදී 2018.07.07 දින විභාගය සඳහා පොලීසියට කැඳවනු ලැබුවා. එහෙත් විභාගය සඳහා බැංකුව නියෝජනය කරමින් කිසිවෙකුත් නොපැමිණි අතර නැවතත් පැමිණිල්ලක් සිදුකරන ලෙස පොලීසිය මා හට දැනුම් දුන්නා.

ඉන්පසුව එදිනම CIB ii 254/93 දරණ පැමිණිල්ල මා විසින් සිදුකරන ලද අතර මේ වන තෙක් ඒ සඳහා විභාගයක් සිදුකර නැහැ. එහෙත් තවමත් වරින් වර බැංකු නියෝජිතයින් මා හට දුරකථනය ඔස්සේ බැනවදිමින් සිටියි.

Right To Reply

ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (www.lankanewsweb.today/www.lankanewsweb.info) වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු.

එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න.

ලියන්න – lankanewsweb.today@gmail.com

කතා කරන්න – xmannews (Skype)

ඔබගේ අවධානයට > www.lankanewsweb.today,www.lankanewsweb.info වෙබ් අඩවියට අයිතිවාසිකම් කියමින් පෙනී සිටින විවිධ වංචනීක පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.එම නිසා කිසියම් කෙනෙකු සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් ඇත්නම් ඉහත සදහන් ඔනෑම අකාරයකින් අපගෙන් විමසා සිටින්න ..

Top