LNN SPY

බැසිලුත් පරාජය බාර ගනි……. හැම ජන්ද මධ්‍යස්ථානයකටම පොහොට්ටු නොවන ඡන්ද 15 දමන්නයැයි බැසිල්ගෙන් පුංචි ආණ්ඩු නියෝජිතයන්ට තර්ජන…..

Published on- Oct 28, 2019 තම පොහොට්ටු ගබඩාවේ අනිවාර්යයෙන් ම ලක්ෂ 50 ක් ඡන්ද ඇති බවත් සිය සහෝදරයාගේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම සිදුවන බවත් පවසමින් කඩේ යන මාධ්‍ය නාලිකා වල දේශපාලන වැඩසටහන් වලදි පාරම් බෑ බැසිල් රාජපක්ෂ හිතපු තරම් ජනප්‍රසාදයක් පොහොට්ටුව නොලැබෙන බව දැක පරාජ භීතිකාවකට ලක් ව තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ලංකාවෙන්ම පොහොට්ටුවට ලැබුණු ලක්ෂ 50 කට ආසන්න ඡන්ද සංඛ්‍යාව එලෙසම තමන් වෙත ඇති බවට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 එකතු වූ විට ලක්ෂ 65 ක ඡන්ද පදනමක් ඇති බවට බංකොළොත් දේශපාලන තර්ක ගොඩ නගා ගනිමින් සිහින මාලිගයක ජීවත් වූ බැසිල් පුංචි ඡන්දයේ  දි පොහොට්ටුවට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයෙන්ම නොලැබෙන බව දැන් පසක් කොට ගෙන ඇත.

අනිත් අතට බෙහෙතකට හෝ ශ්‍රි ලාංකා නිදහස් පක්ෂ සංවිධායෙකුගේ සහය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා ගැනීමට නොහැකි වීමත් හිටපු ජනාධිපතිනිය විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාලනය සියතට ගැනීමට කටයුතු කිරීමත් කරමින් පවතීමත් සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හිතැති එකදු ඡන්දයක් හෝ නොලැබෙන බව බැසිල් රාජපක්ෂ සිය ජනාධිපති මෙහෙයුම් කමිටුව හමුවේ අවධාරණය කොට තිබෙනවා.

ඒ අනුව පරජයේ අඳුරු සෙවනැලි දැඩි වෙත්ම ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ එල්ලුනා වගේ ඡන්ද සෙවීමේ වගකිම බිම් මට්ටම වෙත පැවරීමට බැසිල් පටන් ගෙන ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 231 ම සභාපතිවරුන්ට බැසිල් රාජපක්ෂගෙන් දුරකතන ඇමතුමක් යන්නේ බැසිල්ගේ නව ඡන්ද සෙවීමේ වැඩ පිළිවෙළේ කොටසක් ලෙසය.

විනාඩියත් විනාඩි 3 ත් අතර කාලයක් වන මෙවැනි දුරකතන ඇමතුමක් බැසිල් රාජපක්ෂ විසින් පොහොට්ටුවට අයත් සෑම පළාත් පාලන ආයතන සභාපතිවරයෙකුට පෞද්ගලිකව ම ලබා දී තර්ජනයකොට  ඇත.

එම තර්ජනයෙන් බැසිල් සඳහන් කොට ඇත්තේ මේ යන විදියට ගියෝත් ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයෙන්ම පරජය වන බවත් එයින් ගැලවීමට සිය පාලන ප්‍රදේශයේ තිබෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම (polling bout) අනිවාර්යයෙන්ම පොහොට්ටුවම මින් පෙර නොලැබුණු නොදැමුණු (බැසිල්ගේ වචන වලින්ම කිවහොත් අපේ නොවන ඡන්ද) 15 දමා ගැනීමේ වගකීම අදාළා සභාපතිවරයා හා මන්ත්‍රි කණ්ඩායම සතු වන බවයි.

බැසිල් ගේ මෙම ප්‍රකාශයක් ඉල්ලීමක් හෝ නීයෝගයක් නොවන තර්ජනයක් ලෙස ක්‍රියාත්මක වි ඇති අතර කුමන තත්ත්වයක් යටතේ හෝ පොහොට්ටුව නොවන එනම් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 15 ක් එක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද පෙට්ටියට වැටවීම අනිවාර්යය වේ.

බිම් මට්ටමේ ජනතාව සමඟ කටයුතු කරමින් ගෝඨාභයගේ සියවසේ මහා පාවා දීම සමග පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් පවා එන විරෝධයට මුහුණ දෙන පළාත් පාලන නියෝජිතයන් බැසිල්ගේ මෙම තර්ජනය සමඟ අවුල් වි ගොස් ඇති අතර දිනන බවට පොර ටෝක් දී පස්ස බිම ඇනුනු පසු සියල්ල තම කරපිට පටවා ඇති බවත් ඡන්ද මවන්න්දැයි ප්‍රශ්න කරමින් තැන තැන සාකච්ඡා කරන බවත් වාර්තා වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ ජන රැළි සඳහා සහභාගි නොවන රාජ්‍ය සේවකයන්ට තර්ජනය කරමින් බැන වැදීමේ ක්‍රියා පිළිවෙතක්ද බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයෙන් ක්‍රියාත්මක වේ.

පොහොට්ටු කාර්යාලයේ නිලධාරින් විසින් රාජ්‍ය සේවකයන්ට බැන වදිමින් ගෝඨාභය රාජපක්ෂගේ ජන රැළි වලට සහභාගි නොවීමේ හේතු විමසන හඬ පටියක් අප වෙත ලැබී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු රාජ්‍ය සේවකයන් කකුල් ලඟ වැද වට්ටවා, අවනත නොවූ සියළුම රාජ්‍ය සේවකයන්ට පාඩම් උගන්වන්න ට හිතා හිටින පොහොට්ටුවේ බලයෙන් ඔලුව උදුම්වා ගත් පිරිසගේ හැසිරීම දැනටම මෙසේ නම් බලය ලැබුණාට පසු කවර කතා ද?

 

Top