Political

මහා සංඝරත්නයට පවා අභියෝග කළ මහින්දට සජිත්ගෙන් කනේ පාරක්….. අන්තවාදි මහින්දගේ දේශපාලනයේ නිමාව 16 දා…… මල්ලිට බැරි නම් අයියා එන්න!!!!

Published on- Nov 8, 2019 නොවැම්බර් 16 වෙනිදා යනු  මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීන් නීතිවිරෝධී පාලනය පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය වූ විට රාජපක්ෂවරුන් හා සගයන් ප්‍රරතිචාර දැක්වූයේ කෙසේද යන්න මුළු රටම දුටු දිනයේ වසරක සංවත්සරය බවත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව නැවතත් එදිනට රාජපක්ෂවරුන් ගෙදර යවන බවත්  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකස් සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (08) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇදගෙන යාමට මහින්ද රාජපක්ෂ විසින් ගන්නා උත්සහය තරයේ ප්‍රතිකේෂ්ප කරන බවයි.

එසේම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීම සඳහා වසරකට
පෙර අපේ උත්තරීතර නීතිය පාගා දැමූ දේශපාලයකුගෙන් අපගේ ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ දේශන වලට සවන්දීම තමා ප්‍රතිකේෂ්ප කරන බව සජිත් ප්‍රේමදාස මෙහිදි පවසා තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ නිවේදනය,

ගරු මහින්ද රාජපක්ෂට මාගේ අභියෝගය

ඔබේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට අති පූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලා ඇදගෙන යාමට ඔබ ගත් මංමුලා සහගත උත්සාහය මම තරයේ හෙළා දකිමි.

මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු විකෘති කරමින් සහ වැරදි ලෙස නිරූපණය කිරීමෙන් ඔබ වෙනුවෙන් දේශපාලන විවාදයකට අවතීර්ණ වන ලෙස ඔබ බදාදා මෙම අති පූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියහ.

ඔබේ දැනගැනීම සඳහා, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් ලබාගත් පළමු අය අතර පූජ්‍ය මහා නාහිමිවරුන් ද විය. මට මේ රටේ ජනතාවගෙන් සැඟවීමට කිසිවක් නැත.

ඒකීය රාජ්‍යක් තුළ, උපරිම බලය බෙදා හැරීමට මම කැපවී සිටිමි. මම එය “ඒකීය නොබෙදුණු හා බෙදිය නොහැකි රටක්” ලෙස හඳුන්වන්නෙමි. ඔබට එය “ඒකීය රාජ්‍යයක්” ලෙස හැඳින්විය හැකි ය. අපගේ එකමුතුකම පමණක් නොව, මම නැවත නැවතත් රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත.

අපේ රාජ්‍යයේ එක්‍‍සෙත්කම, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට මා දකින ලොකුම තර්ජනය වන්නේ අන්තවාදීන්ගේ කල්ලියකි. ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් අපේ ජනතාව බිය ගැන්වීමට හා බෙදීම ඇතුළුව ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානමින් සිටී.

ඔබ මෙහෙයවන දේශපාලන සන්ධානය අපේ රට මෙතෙක් දැක ඇති සෑම අන්තවාදී වර්ගයකින්ම පිරී තිබේ.

ඔබේ සහෝදර අපේක්ෂකයාට විවාදයකට මුහුණ දීමට හෝ කිසියම් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීමට ධෛර්යය නොමැති බැවින්, පහත සඳහන් ප්‍රශ්නවලට ඔහු නොදෙන පිළිතුරු, ඔබට ජනතාවට ලබා දිය යුතු ය.

1. පිල්ලයාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

නත්තල් උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාඟූා කරමින් සිටියදී ඔහුව මිනීමැරීම සිදුකල පිල්ලයාන්ගේසහයෝගය වෙනුවෙන් ඔබ ඔහුව නිදහස් කරන බවට පොරොන්දු විය.

පිල්ලයාන් නැගෙනහිර ජනයාගේ ළමයින් පැහැරගෙන ගොස් ඊලාම් වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට බල කළා. ඔබ ඔහුව නිදහස් කළ පසු ඔහු නැවත වරක් නැගෙනහිර ජනයාව බිය ගැන්වීමට පිල්ලයාන්ට ඉඩ දෙන්නේ ද?

2. වර්ඩරාජා පෙරුමාල් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

ඔබේ සහෝදරයාට පක්ෂපාතී බවට ප්‍රකාශ කල වර්දරාජා පෙරුමාල්, මහ ඇමති ලෙස නීති විරෝධී ලෙස ඊලාම් ප්‍රාන්තයක් ප්‍රකශය ට පත් කර ඊලාම් ධජය ඔසවා තැබූ අයෙකි. මෙම ඊලාම්වාදියාගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට ඔබ පොරොන්දු වී ඇත්තේ කුමක්ද?

3. කරුණා අම්මාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

පොලිස් නිලධාරීන් 600 ක් මිනීමැරු, අපගේ අතිශයින්ම පරිශුද්ධ දළදා මාලිගාවාට බෝම්බ හෙලූ, සහ අරන්තලාවා හි පදිංචිකරුවන් මිනීමැරු කරුණා අම්මාන් සමඟ ඔබ ඇතිකරගත් රහසිගත ගිවිසුම කුමක්ද?

4. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සමඟ ඔබේ රහස් ගනුදෙනුව

ඔබේ පක්ෂය සෑම කඳු මුදුනකින්ම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධිත ත්‍රස්තවාදියෙකු බව කෑගැසූ පසු, ඔබේ සහෝදරයාට දෙවන ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවට ඔබ ඔහුට ලබා දුන් රහසිගත පොරොන්දුව කුමක්ද?

නිමක් නැති ජනවාර්ගික ගැටුම්වලින් සිදු වූ විනාශය දුටු ඔබ වාගේ පරිණතභාවයකින් දේශපාලන නායකයෙකුට, ඔබේ බලය සඳහා වූ පිපාසයෙන්, පුරවැසියන් අතර බෙදීම් හා භීතියේ ගිනිදැල් වැපිරීමට හැකි වන්නේ කෙසේදැයි මට තේරුම් ගත නොහැකිය.

ජනවාර්ගික හා ආගමික බෙදීම් නොතකා, සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්වී ඉදිරියට ගෙන යාම ඔබේ සහ මගේ යුතුකම වන අතර, ඔබේ පටු දේශපාලන වාසි තකා එකිනෙකාට විරුද්ධව වීමට ඔවුන්ව පොළඹවා නොගත යුතු ය.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීම සඳහා වසරකට පෙර අපේ උත්තරීතර නීතිය පාගා දැමූ දේශපාලයකුගෙන් අපගේ ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ දේශන වලට සවන්දීම මම ප්‍රතික්ෂේප කරමි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ඔබ ව ප්‍රතික්ෂේප කළා. කර්තෘ ලසන්ත වික්‍රමතුංගේ ඝාතනයේ සංවත්සරය වන ජනවාරි 8 වන දින එමමැතිවරණය පැවැත්වීම අහම්බයක් යැයි මම විශ්වාස නොකරමි.

මෙම ජනාධිපතිවරණය නොවැම්බර් 16 වන දිනට යෙදී තිබීම ඔබේ ඉරණම විය හැකිය. ඔබේ නීති විරෝධී පාලනය පාර්ලිමේන්තුවේ දී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය වූ විට ඔබ හා ඔබේ සගයන් ප්‍රතිචාර දැක්වූ යේ කෙසේ ද යන්න මුළු රට ම දුටු දිනයේ වසරක සංවත්සරයයි.

මෙම සංවත්සරයේදී මේ රටේ ජනතාව, ඔබේ බල පිපාසයට වඩා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බව ඔප්පු කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

සජිත් ප්‍රේමදාස පා.ම.

Top