Featured

මහින්දගෙන් අදත් නිවේදනයක්! කොරෝනා භියට වඩා රාජපක්ෂලාට ප්‍රේමදාස භීතිකාව…. හොරාකන නිත්‍යානුකූල විදිය ගැන ජනතාවට දැනුම් දීමක්!

Published on: Mar 23, 2020- පලමු අනාගැනිල්ලෙන් පසුව ගෝඨාභයගේ ජාතිය ඇමතිල්ල එතැනින්ම නතර වු අතර ඉන් පසුව ජාතිය අමතමින් වැල් බයිලා කියු මහින්ද අද නිවේදනයක් නිකුත් කර තිබේ. A4 පිටුවකට සීමා වි ඇති නිවේදනය පුරාම සජිත් ප්‍රේමදාසගේ නාමය ස්ථාන 3ක සදහන් වි තිබිම රාජපක්ෂලාට සජිත් භීතීකාව වැලදි ඇති බවට හොදම උදාහරණයකි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මහින්ද,ගෝඨා ඇතුලු රාජපක්ෂ කල්ලියට තිබුනු සහ තිබේන ඩිල් සම්බන්ධයෙන් රටේ ජනතාවට හෝ පාක්ෂිකයින්ට අමුතුවෙන් කියාදිය යුතු නැත.වසර 4 හමාරක් ආණ්ඩුව මෙහෙයවුවද අද දක්වා රාජපක්ෂලා යහතින් වැජඹෙනවා සේම රවි,රනිල් ඇතුලු මහා බැදුම්කර හොරුන්ද යහමින් වැජඹෙන්නේ ඒ නිසාය. රන්ජන් රාමනායක එදා කී කතාවද අද ඇත්තක් වුයේ ඒ නිසාය.

“කවුරු ආවත් හොරු නං අල්ලන්නේ නෑ මල්ලි…. මේ ඔක්කොම යාලුවෝ… මොන පොහොට්ටු , යුඇන්පි ආවත් ඔයාලට අබ සරණයි .හොරු නම් අල්ලනේ නැහැ…. “

දැන් රනිල්ගේ ගේම් සියල්ල අවසන් වි තිබේ. එක්සත් ජාතික පක්ෂය සමග සිටි ජනතාව ගැන හිතන මන්ත්‍රීවරුන් 71 දෙනෙකු මේ වනවිට සජිත්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය වටා සන්ධාන ගත වි අවසන්. ඒ අනුව රාජපක්ෂලාට ඊළග පාර්ලිමේන්තුවේ හොරා කමින් සෙල්ලම් දැමිල්ල ලේසි නොවන බව ඉතා පැහැදිලිය.ඒ නිසාම රාජපක්ෂලාගේ මෙන්ම වික්‍රමසිංහහලාගේද එකම ඉලක්කය වි ඇත්තේ ප්‍රේමදාස ඇතුලු සමගි ජන බලවේගය බව දැන් ඉතා පැහැදිලිය.

රාජපක්ෂලා ගත් බාල වර්ගයේ තින්දු හේතුවෙන් කොරෝනා වසංගත පැතිරගිය බව සමාජ හමුවේ තහවුරු විම හරහා 2/3 කේ බලට යනතම් 105 දක්වා පහල බැස ඇති බවට පවුල තුලම සිදුවන සාකච්ඡා රාජපක්ෂලාගේ භීතිකාව තීව්‍ර කිරිමට සමත්ව තිබේ.

අනිත් අතට සුනාමියේ සිට ජනතාවගෙන් හොරා කෑම පුරුද්දක් කරගත් රජපක්ෂලා දැන් තමන් සතුව බලය ඇති නිස හොරකම් කිරිමට නෛතීක භාවයක් ඇති බවද එම නිවේදනය හරහා ඔප්පු කිරිමට උත්සහ දරා තිබේ.ඒ අනුව “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල “ යන වාක්‍ය ස්ථාන තුනක විවිධ ස්වරූපයෙන් මතුකර පෙන්විමටද උත්සහ දරා තිබේ.

මහින්ද රාජපක්ෂ නිකුත් කල නිවේදනය

මාධ්‍ය නිවේදනය

නීති තර්ක වලින් ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය
අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙලා දකිමු.

කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීමවැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි. සජිත් ප්‍රේමදාස හිටපු විපක්‍ෂ නායකවරයාත්, මුහුණුපොත හරහා මේ තර්කයම ඉදිරිපත් කරමින් සිටි.

පාර්ලිමේන්තුව විසිරුවාහැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේජනාධිපතිවරයාට බලය පැවරේ. මේ නිසා කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගතයුතු නැත.පසුගිය පෙබරවාරි 20 වෙනිදා, යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ඇතුලු පාර්ශවය අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එයට විරුද්ධ විය.

රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අපිට මුදල් සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසාය. මේ රටේ එකම කොරෝනා ආසාධිතයෙක්වත් නැති අවස්ථාවක 2020 මාර්තු 02 වනදා, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඊට දින දහයකට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමඟම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්‍ෂය කලේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු යැයි හඩ නැගීමය. අපේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් පත්‍රයේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වන දිනයත් නියම කළ යුතු වේ. එම ප්‍රකාශය නිකුත් කළ පසුව, මොනම තත්වයක් යටතේවත්ඡන්දය පවත්වන දවස කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නැත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව යම්කිසි අනපේක්‍ෂිත හෝ හදිසි තත්වයක් නිසා ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනයකල්දමා ඇත.

මේ ආකාරයට මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන්, ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස්වන්නේ නැත. කොරෝනා වෛරස් උවඳුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එ.ජා.පයේ පාර්ශව දෙක තරඟයක නියැලී සිටින බව අපට පෙනේ.පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණ, නිරෝධායනයට යෑමට නොහැකි යැයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩ පිළිවෙලට අකුල් හෙලූ ආකාරය මුලු රටම දුටුවේය.අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය පසුගිය මාසයේපාර්ලිමේන්තුව තුළ ගත් උත්සාහය වැරදුනු පසු, දැන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසන්ගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා මේ උත්සාහය අපි හෙළා දකිමු.

අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිවදියත් කරන මෙවන් කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

Loading…


Top