LNN SPY

මහ බැංකු හොරු සුද්ධ කල ඒකාබද්ධයේ පාර්ලිමේන්තු නාඩගම….. විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….!

Published on: Apr 6, 2018 @ 08:36 – ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ මහ බැංකු බැදුම්කර චෝදනා, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනාය. ඒ සියලු චෝදනා වලින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිදහස් කිරීමටත් අගමැතිවරයා වරදක් කර නැති බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කර ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාවක් ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ.පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත 2 හා 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වේ.

නීතිපති දෙපාර්තමේන්තුවට මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහ සම්බන්ධකරමින් බී වාර්තාවක් බවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් නිදොස් කරමින් නිර්දෝෂීභාවය පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ නෛතික යුතුකමක් සහ වගකීමක් නීතිපතිවරයාටත් ඇති හෙයිනි.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට නීතිමය බලය නීතිපතිවරයාට අහිමි වේ. හිටපු කථානායක අනුර බණ්ඩාරනායක විසින් 2001 ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ අග්‍රවිනිශ්චයකාරවරයා ඉවත් කිරීම පිළිබද යෝජනාව සම්බන්ධ කථානායක තීරණය සැළකීමේදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාව කියවීමේදී රනිල් සම්බන්ධ කරමින් බැදුම්කර ගණුදෙනු වංචාවක් ගැන ලංකාවේ අධිකරණයක කිසිම නඩුවක් විභාග කිරීමට නො හැකියාවක් හට ගනී. 2018 අප්‍රේල් 04 දින රනිල්ට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග ලංකාවේ ජනතාව විසින් සාකච්ඡා කළ බැදුම්කර විලාපය අවසන් වේ.

ඒ සම්බන්ධව ලියන ලද විමර්ශනාත්මක ලිපිය බලාපොරොත්තුව වන්න ….

Top