LNN SPY

මැතිවරණ උණුසුම අස්සේ කරනම් පිට කරනම්…. එජාපයේ ප්‍රභල ඇමතිවරයෙක් මෛත්‍රීගේ තුරුලට….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භකර පසුව එජාපය සමග එක්වු එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයකු හෙට අනිද්දාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේම මැදිහත්වීම මත මේ ප්‍රබල ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානම් වෙමින් සිටින අතර අදාළ එජාප ප්‍රබල ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට අනිද්දා පැවැත් වෙන ජන රැළියකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වනු ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ ප්‍රබලයෙකු මහින්ද පිළ සමග එකතු කර ගැනිම සදහා මේ දිනවල සාකච්ඡා සිදුකරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

Top