LNN SPY

මිනීමරු පොහොට්ටුකාරයෝ තුවක්කුව අතට ගනී…. එස්.බි.ගේ වෙඩි තැබිමේ ඇත්ත මෙන්න… කළු දශකයට පසු පත්තු වු රාජපක්ෂලාගේ තුවක්කු!Update/ ඡායාරූප/Update

Published on: Nov 7, 2019 @ 08:51/9.23/09.40 (SL Time) -ඊයේ සවස නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අසත්‍ය පුවතක් සමාජ ගත කිරිමට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ඩී.ජී.එස් කරුණාදාස කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක මහතා ඊයේ රාත්‍රීයේ දේශපාලන රැස්වීමකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටිය පිරිසක් එස්.බිගේ වාහනය අවහිර කිරීම සිදුව ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ගිනිගත්හේන පොලිසිය මගින් ලැබුනු වාර්තාවක් අනුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මාධ්‍යයට මුදාහැර තිබේ.

නමුත් රහස් පොලිසිය ගෙවුනු පැය 10ක පමණ් කාලය තුල පරික්ෂණ වලදි සිදුවිම සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කලේ.

ඒ අනුව මෙම වෙඩි තැබිම ඊයේ දවස පුරා ස්ථාන කිහිපයකදි ඇතිවු පොහොට්ටු -ශ්‍රිලනීප ගැටුමේ ප්‍රථිපලයක් ලෙස සිදුව ඇති අතර ඊට හේතුව වි ඇත්තේ එස් බි සහ ශ්‍රිලනිප නුවරඑළිය දිස්ත්‍රික් නායක හා සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ අතර පවතින ගැටුම බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ සිට අනාවරණය කර ගත් උණ්ඩ කොපු වල ඡායාරූප

එස්.බි දිසානායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර පොහොට්ටුව සමග එක්විමෙන් අනතුරුව නුවරඑළියේ බල අරගලයක් හටගත් අතර එය පසුගිය දින කිහිපයම තුල උග්‍ර අතට හැරි තිබේ.ඒ අනුව ඩබ්ලිව්.ජි.රණසිංහ සහ දිසානායක අතර අවස්ථා ගණනාවක මුහුණට ගැටුම් හටගත් අතර ඊයේ දිනයේ එම තත්ත්වය උග්‍ර අතට හැරි තිබේ.ඊයේ දහවල්  මස්කෙළිය ආසනයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ශ්‍රිලනිප – පොහොට්ටු ගැටුම උග්‍ර ලෙස දක්වනට ලැබි ඇති අතර ඡන්දය හිගා කමින් ගිය දිසානායක මන්ත්‍රීවරයාට ශ්‍රිලනිප පාක්ෂිකයින්ගෙන් හු සහ බැනුම් එල්ල විම එම තත්ත්වය තවත් තීව්‍ර කිරිමට සමත්ව තිබේ.

පසුව ඊයේ සවස 8.15 පමණ ගිනිගත්හේන, පොල්පිටිය ප‍්‍රදේශයේදී ශ්‍රිලනිප පොහොට්ටු ගැටුම උග්‍ර අතට හැරි ඇති අතර ඒ අනුව හටගත් බහින් බස් විම දුරදිග යැමෙන් පසුව මන්ත්‍රී ආරක්ෂකයන්ට එස්.බි දිසානායක දුන් නියෝගයකට අනුව මෙම වෙඩි තැබිම සිදුකර තිබේන බව මේ වනවිට තහවුරු වි තිබේ.

පොලිස් වාර්තා බොරු බව S.B දිසානායක මන්ත්‍රීවරයාගේ නිළ Facebook පිටුවේ සදහන් ප්‍රකාශයද තහවුරු කර සිටි.

උපුටා ගැන්ම ….

“මාගේ වාහනයට පිටුපසින් මාගේ ආරක්ෂක නිලධාරීන් රැගත් වාහනය මහ මගඳී කිසියම් පිරිසක් විසින් හරස් කර පහර දීමට තැත් කර ඇත. ඒ වන විට මා ඉදිරිපස වාහනයේ ගමන් කරමින් සිටි අතර අධික වංගු සහිත පාරවල් ඇති ප්‍රදේශයක් බැවින් ආරක්ෂකයන් පැමිණි වාහනය සමහර අවස්ථාවල ඈතින් ධාවනය කර ඇත. ඒ අවස්ථාවේ පිටුපසින් පැමිණි වාහනයකින් ගමන්ගත් බීමත් පිරිසක් විසින් අදාල රථයට පහරදිමක් සිදුකර පලාගොස් කෙටි පාරකින් ප්‍රධාන පාරට පැමිණි ආරක්ෂක රථය හරස් කර නිලධාරීන්ට පහර දීමට තැත් කර ඇත.”

මේ අතර වෙඩි තැබිමට නියෝග දුන් ආරක්ෂකයින්ද පාවාදෙන්නන් අතර ඉදිරියෙන්ම සිටින් දිසානායක සිය ප්‍රකාශ මගින් සිදුකර තිබේ.

උපුටා ගැන්ම ….

“එම අවස්ථාවේ එම රථයේ සිටි නිලධාරීන් ⁣විසින් ජීවිත ආරක්ෂාව සඳහා පොලොවට වෙඩි තබා ඇති අතර එම වෙඩි තැබීමෙන් සිදුවු පිපිරීමෙන් විසිවී ගිය ගල් කොටසක් වැඳීමෙන් එම මැර පිරිසගේ සුළු තුවාලයක් සිදුව ඇති බව පසුව මා හට දැනගන්නට ලැබුණි. එම සිදුවීම කිසිසේත් මාගේ අනුදැනුම මත සිදුවුවක් නොවන අතර එම සිදුවීම දැනගන්නා විටද එම ස්ථානයේ සිට මා සෑහෙන දුරක් මඟ ගෙවා තිබුනි.”

Update- 09.40 (SL Time) අදාළ වෙඩි තැබිම සිදුවන අවස්ථාවේ S.B දිසානායක මන්ත්‍රීවරයා ගමන්ගත් වාහනය මෙන්ම ඒ තුල ඔහු සිටි බව වෙඩි වැදිමට ලක්ව ගිනිගත්හේන රෝහලේ සිටින තරුණයා විසින් ලබාදුන් කට උත්තරයේ සදහන්.

මේ සම්බන්ධයෙන් S.B දිසානායක සිය සමාජ ජාල පිටුවට එක්කර තිබේන කතාව හරහාද එය තහවුරු කර තිබේ.

මෙම වෙඩි තැබීම 2019 ජනාධිපතිවරණ සමයේ පළමු තුවක්කු ප්‍රචණ්ඩත්වය සනිටුහන් කරන අතර එය පසුගිය රාජපක්ෂ කලු දශකයේ ප්‍රචණ්ඩත්වයෙන් පැවති මැතිවරණයෙන් පසු සිදුකල එකකි.එස්.බි දිසානායක යනු 2015 පැවැති මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා මෛත්‍රී ජනපතිට කල බලපෑම් හරහා ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීධුරයක් ලබාගත් පරාජිත දේශපාලකයෙකි.

ගෝඨාගේ අඳෝනාව….

ඉතා සංවේගයට පත්වූ බවත් නීතිය හා සාමය සුරැකීම වෙනුවෙන් පක්ෂ, පාට තරාතිරම නොබලා කටයුතු කරන බවත් මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

හූ හඩ මධ්‍යයේ මස්කෙලියේ පැවැති රැස්විමකදි ගත් ඡායාරූපයක්…

වෙඩි ප්‍රහාරයට ලක්ව ගිනිගත්හෙන රෝහලට ඇතුලත් තරුණයා …

 

Top