LNN SPY

යහපාලනය දෙදරයි……UNP,JVP,TNA එක පැත්තකට …..SLFP ? විධායක ක්‍රමය,ව්‍යවස්ථාව මත ගැටුම උග්‍ර අතට!

Published 2017/11/11- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේන අතර විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වි තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් අනාවරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි.

කෙසේවෙතත් ඇතිවි තිබේන මත ගැටුම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විවෘත සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු යොජනා කර තිබුනද විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සහ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිශ්චිත තින්දුවක් නොමැතිව සාකච්ඡා පැවැත්විමට එජාප ජ්‍යෙෂ්ඨයන් අකමැත්ත පලකර තිබිම හේතුවෙන් එම සාකච්ඡා අඩාලවි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

Loading…

Top