LNN SPY

රටයන අත පැහැදිලි ජනතාවට සාධාරණය නෑ….. රාජපක්ෂලා සියලු ඝාතන,දුෂණ,වංචා වලින් නිදහස් කිරිමට තවත් පියවරක්! රතුපස්වල ඝාතනය මෙහෙයවු පොලිස් අධිකාරී මාරු කරයි…

Published on: Nov 30, 2019- විද්‍යා දැරිය ඝාතනය,රතුපස්වල ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක විමර්ශන මෙහෙයවූ සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

ඊට අදාල පොලිස් නිවේදනය වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද උදේ නිකුත් කළේය. පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුව සිදු කරන බව එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් වේ.

රතුපස්වල ඝාතනය………

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ⁣මොහයවූ දක්ෂ නිළධාරියෙකු වන තීසේරා රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවේ හතර දෙනෙකුට එරෙහිව මේ වන විට මහාධිකරණයේ නඩු පැවරිමටද කටයුතු කර තිබේ.

2013 අගෝස්තු 01 වනදා පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් විසින් සිදුකරන ලද උද්ඝෝෂණයකට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් චූදිත යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකුට ගම්පහ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී අධිචෝදනා භාරදුන් අතර මෙම අධිචෝදනා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් 196 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම අධිචෝදනා මිනීමැරුමට අදාළ දණ්ඩනීති සංග්‍රහයේ 296 වන වගන්තිය ඇතුළුව 314, 300, 32 යනාදී වශයෙන් වගන්ති ගණනාවක් යටතේ ගොනු කර තිබේ.

අකිල දිනේෂ් සහ ශමිල පෙරේරා යන පාසල් සිසුන් දෙදෙනා සහ නිශාන්ත පුෂ්පකුමාර නමැති ඇඟළුම් කම්හල් සේවක තරුණයා වෙඩි තබා ඝාතනය කිරීම, වෙඩි තැබීමෙන් තවත් 16 දෙනෙකුට තුවාල සිදුකිරීම, 8 දෙනෙකුට වෙනත් බරපතළ තුවාල සිදුකිරීම, තවත් 21 දෙනෙකුට බරපතළ නොවන තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 94ක් චූදිතයින් වන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණාගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ යන හමුදා නිලධාරීන්ට එරෙහිව ගොනු කර තිබේ.

 

 

Top