LNN SPY

රනිල්,රටගිය ඇමතිවරු කැදවයි…..අවසන් තීන්දුව සෙනසුරාදා! ව්‍යවස්ථාවේ 9.1 වගන්තියට අනුව අපේක්ෂකයා තොරනවා…..

Published on: Sep 19, 2019 – එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම් කරන බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) උපදෙස් දි තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව දිවයිනෙන් පිටව ගොස් සිටින සියළු මැති ඇමතිවරු ලබන බදාදාට පෙර දිවයිනට පැමිණිමට නියමිතය.මේ අතර ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ පිහිටුවීමට කටයුතු කරන එක්සත් ජාතික පෙරමුණේ සියළු නායකයින් ගේ සාකච්ඡාවක් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විනි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ඡන්ද ලකුණ, ව්‍යවස්ථාව, ලිපිනය, ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ආදී වැදගත් කරුණු රාශියක් ගැන ඊයේ රාත්‍රියේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදි අවසන් එකගතාවයකට පැමිණිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී පවතියි.

ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව සෙනසුරාදා වන විට තමන්ට ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන වෙත දැනුම් දී තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තියට අනුව අපේක්ෂකයා තොරනවා…..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය අනුව කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සදහන් වන එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා සදහන් කලා.

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් සදහන් වන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තිය යටතේය. එහි මෙසේ සදහන්වේ.

“ජනාධිපතිවරණ අපේක්ෂක නම් කිරීම – ජනාධිපති අපේක්ෂක නාම යෝජනා කිරීම, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පත් කරනු ලැබු නාම යෝජනා මණ්ඩලය විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව නම් කළ යුත්තේය“

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සදහන් ඉහත ප්‍රතිපාදනය අනුව වර්ෂ 1988 දී ජනාධිපති රණසිංහ පේමදාස මහතා සහ 1994 දී ගාමිණි දිසානායක මහතා මෙන්ම 1999 දී රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පියවර ගැනින.

වර්ෂ 2010 දී සහ 2015 දි සරත් ‍ෆොන්සේකා හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වුවද පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එකට රැස්වී ඉහත අපේක්ෂකයන්ට සහාය දීමට තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා ප්‍රකාශ කළේය.

Top